Wednesday, September 9, 2015

පෙරපාසැල් දරුව්නගේ සෙල්ලම් මිදුල විනාශ කරලා.

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට සිටිනා නිළධාරින් විසින්ම ළමා අයිතිවාසිකම් කඩකර පෙරපාසැල් දරුව්නගේ සෙල්ලම් මිදුල විනාශ කර දමයි
9/9/2015 2:11 PM
“හොදම දේ දරුවන්ටයි“ ලෙස කියමනත් ඔබ අසා අති. වත්මන් සමාජයේ හා ජාත්‍යන්තරයේ ද එය එලෙසම ක්‍රියාත්මකව පවති. ඒ අනුව මුල්තැන ලබාදෙන්නේ වැඩිහිටියන්ගේ අවශ්‍යතායවයන්ට පෙර දරුවන්ගේ අවශ්‍යතාවයන් සදහායි. ළමුන්ගේ අයිතිවාසිකම් සදහාය. එහෙත් දරුවන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතාවන් යටපත් කරමින් වැඩිහිටි අවශ්‍යතාවයන් සපුරාලිම සදහා ක්‍රියාකල දේශපාලන නායකයන් හා රාජ්‍ය නිළධාරින් පිරිසක් සම්බන්දයෙන් මිනිපේ වේරගම ග්‍රාම සේවා වසමෙන් වාර් ථා වේ. පෙර පාසැල් භූමියක දරුවන්ගේ සෙල්ලම් මිදුලේ ඔන්චිල්ලා ගලවා දමමින්  ග්‍රාමනිළධාරි කාර් යාලයන් තැනිම ආරම්භ කිරිම පුංචි දරුවන්ගේ නෙතගට කදුළුක් එක්කල දුක් මුසු අවස්ථාවක් විය.
මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ වේරගම වසමේ පවත්වාගෙන යන මුල් ළමාවිය සංවර් ධන මධ්‍යස්ථානයක් වන සමගි පෙරපාසැල් භුමියේ කුඩා දරුවන්ගේ සෙල්ලම් මිදුලේ සවිකර ඇති උපකරණ ගලවා එම ස්ථානයේ ග්‍රාමනිළධාරි කාර්යයාලයක් ඇතුලු සේවාපියසක් ඉදිකිරිම සදහා අද උදැසන (09) පෙර පාසැල් ගුරුතුමියගේ අවසරයකින් තොරවයි.  මිනිපේ ප්‍රා දේශිය ලේකම් සමන්ති නාගස්තැන්න  මහත්මියගේ   උපදෙස් පරිදි ලේකම් කාර්යාලයේ නිළධාරින් ඒ සදහා පැමිණ සිටි අතර පෙර පාසැල් දරුවන්ගේ දෙමාපියන්ද එම ක්‍රියාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කලේය.
මේ සදහා මුදල් ප්‍රතිපාදන ප්‍රා දේශිය ලේකම් කාර් යාලය වෙත ලබා දෙනු ලබන්නේ  එක්සත් ජාතික පක්ෂ උඩදුම්බර ආසන සංවිධායක චානක අයිලප්පෙරුම මහතා විසින් විමද විශේෂත්වයක් වන අතර මනාප පොරය වෙනුවෙන් පොරබදින දේශපාලන නායකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍ර දේශයේ ළමා  අයිතින් සුරකිම සදහා සිය රාජකාරි සිදු කරමින් නිළධාරින් මෙහෙයවන ප්‍රා දේශිය ලේකම් වරියගේ රාජකාරි මට්ටමින් බැහැරව යමින් බලහත් කාරයෙන්  ආරම්භ කරනු ලැබු  මෙම  ඉදිකිරිම් දෙමාපියන් හා පෙරපාසැල් ගුරුවරියන් විසින් හෙලා දකි.
මෙම පෙර පාසැල් භූමිය මහියංගන රාජමහා විහාරස්ථානයට අයත් භුමියක් වන අතර සංර් වෝදය ව්‍යාපාරය සදහා නිත්‍යානුකූලව රජමහා විහාරය මගින්  ලබා ගෙන ඇති අතර පසුව පෙරපාසැල පවත්වාගෙන යෑම සදහා වසර 10කට අධික කාලයක් තිස්සේ ලිඛිතව හා නිත්‍යානුකුල ලබා දි ඇති අතර එවැනි වට පිටාවක දේශපාලන අවශ්‍යතා මත මිනිපේ ප්‍රා දේශිය ලේකම්වරිය විසින් බලහත් කාරයෙන් මෙම ඉදිකිරිම් සිදු කිරිම ආරම්භ කර ඇත. ඒසේම සර් වෝදයට අයත් මෙම භූමියේ නව ඉදිකිරිම් සදහා  නිත්‍යානුකුල ලිඛිත ලියවිල්ලක් ද මිනිපේ ප්‍රා දේශිය ලේකම් තුමියට ලබා දී නොමැති අතර එවැනි වට පිටාවක අවසරයකින් තොරව මෙම ඉදිකිරිම් සිදු කරන බව දරුවන්ගේ දෙමාපියන් පවසති.
පෙර පාසැල් භුමිය ඉතා කුඩා භුමියක් වන අතර දරුවන් සදහා සෙල්ලම් කිරිමට තිබු භූමිය ග්‍රාම නිළධාරි කාර් යාලය  ඉදිකිරිම සදහා යොදා ගැනිම තුලින් දරුවන්ට සෙල්ලම් කිරිම සදහා ඉඩ කඩ සිමා සහිත විම, පෙර පාසැල ඉදිරියෙන් ඇති මාර්ගයේ නිරන්තරයෙන් වැලි පැටවු බරවාහන ගමනා ගමනය කිරිම හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාවටද විශාල තර් ජනයක් වි ඇති බව දෙමාපියන් හා පෙරපාසැල් ගුරුතුමිය චෝදනා කරති. ( ග්‍රාමනිළධාරි කාර්යාලයට සේවා ලබාගැනිම සදහා පැමිනෙන පිරිස වෙනුවෙන් පෙරපාසැලේ ගේට්ටුව විවෘතව තැබිමට සිදු වන අතර කුඩා දරුවෙකු  ගේට්ටුවෙන් පිටතට ගොස් අනතුරු සිදුකර ගැනිමේ අවදානම වැඩි බව දෙමාපියන් පවසති)
මේ සම්බන්දයෙන් මිනිපේ ප්‍රා දේශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මියගෙන් විමසු විට දැක්වුයේ මෙවන් අදහසක්.  “ ඔය පෙර පාසැල් භුමිය මහියංගන රජමහා විහාරයට අයිති එකක්. එම ඉඩම සර් වෝදයට නිත්‍යානුකුලව පන්සලෙන් අරගෙන තියෙන්නේ. ඊයේ (08) සවස සර් වෝදයේ නිළධාරින් අපිට එකග උනා සේවා පියස හදන්ඩ යැකි කියා සිටියේය. එවිට සර් වෝදය මගින් ලිඛිත අවසරය ලබාදුන්නේද යන්න පිළිබද මාධ්‍ය මගින් විමසු විට ප්‍රකාශ කර සිටියේ ලිඛිතව අවසරය ලබා දි නොමැති බවත් වාචිකව පමනක් එකග වු බවයි. ඉදිරියේදි ලිඛිතව අවසරය ලබාගැනිම සදහා පියවර ගන්නා බව මාධ්‍ය වෙනුවෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
තම රාජකාරි මට්ටම ඉක්මවායමින් දේශපාලකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකරන මෙවන්  නිළධාරින් සම්බන්දයෙන් හා කුඩා දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා පිරවර ගන්නා ලෙස කුඩා දරුවන්ගේ දෙමාපියන් බළධාරින්ගෙන් ඉල්ලා සිටි.










No comments:

Post a Comment