Saturday, April 26, 2014

කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ දඹාන ගුරුකුඹුර පෝරු ගම් පොජ්ජේදී - ආදිවාසි අලුත් අවුරුදු මංගල්‍ය

කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ  දඹාන ගුරුකුඹුර පෝරු ගම් පොජ්ජේදී
- ආදිවාසි අලුත් අවුරුදු මංගල්‍ය

2014-04-26 ප.ව. 7.45

දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 26 දින මැච්චේ උදේ කාල මැච්චේ ඉද තබාලා රෑ මැච්ච මන්දො වෙනකම් මන්දො කරනවා.
ඒ තැන මන්දොකරන තරග පොජ්ජ -  ගම ගෙදරින් වෙද ගෙදරට, කිරි කොරස් පොජ්ජ, දුනු ඊතල විදිම, ගල්දුන්නෙන් විදීම, ආදිවාසී කැකුළා හා කැකුළිය තෝරිම, හබක ඇට වීම, උගුල් ඇටවීම, ආදිවාසි ජන ගායනා, ආදිවාසි නැළවිලි ගී, වළස් පොරය, කඹ ඇදීම, දිගම හු තැන, දෙපටුල්ලන් ඇහිලීම(වී ඇට ඇහිදීම) , කද පල්ලී කද හරිනවා (බඹර කැපිම), රුකන් පොජ්ජෙන් කිරි ගෑවුම් පොජ්ජ මන්ද කරනවා, (ලීයෙන් පොල්ගෑම) රුකන්පොජ්ජේ උඩතැනට මන්ගැච්චීම(අඩුම කාලෙකින් ගස්නැලීම) ඇතුළුව මාමකැච්චක් තරග පොජ්ජ ඇත්තකයි.
සංවිධාන පොජ්ජ - දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිල ඇත්තන් හා හේනානි ගල ආදිවාසී නයක ගුනබන්ඩියා ඇත්තෝ

දඹාන ආදිවාසී ගම්මානයේ අලුත් අවුරුදු මංගල්‍ය අද (26) දඹාන ගුරුකුඹුර කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආදිවාසි ගම්මානයේ ආදිවාසි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආදිවාසි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංවිධානය කර තිබුනි.
බක් මහේ සුවද නිමාවන්නට දින කිහිපයක් තිබුනද  ආදිවාසින්ගේ බක් මහ උළෙල වැදගත් වන්නේ එය ඔහුන්ගේ පරම්පරාවේ සාරධර්ම, සංස්කෘතියට අනන්‍ය වු ආකාරයෙන් සංවිධානය කර තිබිමයි.








Friday, April 25, 2014


බිමත්ව රන්ඩු වී සැමියා බිරිදට දොර පොල්ලෙන් ගසා මරා දමයි.

 බිමත්ව රන්ඩු වී සැමියා බිරිදට දොර පොල්ලෙන් ගසා මරා දමයි.

2014-04-24

බිමත්ව සිටි සිය සැමියාගේ පොලු පහරකට ලක් වී බිරිද මිය ගිය සිදුවීමක් මිනිපේ, හදගනාව, ප්‍ර දේශයේ ඊයේ (23) දින සවස 7ත් 8ත් අතර කාලය තුල සිදු වී ඇති අතර බිරිද මැරු බව සැමිය අසල වු මරණ ගෙදරකට ගොස් ගම්මුන් සමග පැවැසීමෙන් පසු සිදු වීම පිළිබද පොලිසිය දැනුවත් කරන්නට ගම්වාසින් කටයුතු කර ඇත.

මිනිපේ, මොරයාය, හදගනාව, 26/1 ලිපිනයේ වු නිවසේ මෙම මිනිමැරුම සිදු වී ඇති අතර මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනෙවිය මහේස්ත්‍රාත් පරික්ෂණ සිදු කිරිම සදහා 24දින (අද ) උදැසන සිදු වු ස්ථානයට පැමිණ පරික්ෂා කල අතර මරණ පරික්ෂණ සදහා දේහය මහනුවර මහ රෝහල වෙත යවන්නට නියෝග කලේය.

තෙන්නකෝන් මුදියන්සේලාගේ චාලට් (වසය 63) නැමැති එක් දරු මව ඇයගේ සැමියා වන ඒකනායක මුදියන්සේලාගේ විජේරත්න (වසය 67) නැමැත්තාගේ පහර කෑමට ලක්වී මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. දෙදෙනා අතර සිදු වු බහින බස් වීමක් දුරදිග යෑම හේතුවෙන් මෙම මිනි මැරුම සිදු වී ඇති අතර ඒ වන විට සැක කරු බීමත්ව සිටින්නට ඇතැයි පොලිසිය අනුමාන කරති.

හසලක පොලිස්ථානාධිපති කුමාරසේකර මහතා ප්‍රමුඛ පොලිස් නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කට යුතු සිදු කරන අතර මිනිමරුම සිදු කල සැක කරු හසලක පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.











ගමේ අවුරුද්දට පත්තු නොකල රතිඤ්ඤා වැල් පිටින් පත්තු කරයි

 ගමේ අවුරුද්දට පත්තු නොකල රතිඤ්ඤා වැල් පිටින් පත්තු කරයි
සොරකම් කල පන්සලේ ඝණ්ටාරය පොලිසිය මාස 2කට පසු සොයාගනි - ගමේ අවුරුද්දට පත්තු නොකල රතිඤ්ඤා වැල් පිටින් පත්තු කරයි
4/23/2014 3:25 PM

රිදිමාලියද්ද ප්‍රදේශයේ ඓතිහාසික විහාරස්ථානයකින් සොරාගන්නා ලද වසර 100කට වඩා පැරණි ඝණ්ටාරයක් මාස දෙකකට පසු සොයාගන්නට මහියංගන පොලිස් නිළධාරින් පසුගියදා සමත් වුවා. ගමේ විහාරස්ථානයේ නැති සිදු වු මෙම සොරකම සම්බන්දයෙන් ගම්වාසින් මහත් කනස්සලේලෙන් සිටි අතර පොලිසිය විසින් ඝණ්ටාරය සොයාගෙන සැක කරුවන් 4 දෙනෙකු අත් අඩංගුවට ගැනිමත් සමග අවුරුද්දට පත්තු නොකල රතිඤ්ඤා වැල් පිටින් ගම්වැසියන් විසින් පත්තු කර පොලිසයට සිය හෘදයාගම ස්තුතිය ප්‍රකාශ කරනු ලැබුවා.
රිදිමාලියද්ද, ඇකිරියන්කුඹුර, දංකුඹුර ඓතිහාසික ගල්ලෙන් පුරාණ විහාරස්ථානයයේ ඝණ්ටාර කුලුනේ තිබු කිලෝ 36ක් බර ඝණ්ටාරය පසුගිය පෙබරවාරි 20 වන දින කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති අතර ඒ සම්බන්දයෙන් ඇකිරියන්කුඹුර ශ්‍රි අශෝකාරාමයේ හා දංකුඹුර ඓතිහාසික ගල්ලෙන් පුරාණ විහාරස්ථානයයේ විහාරාධිපති වහන්සේ වන ඇකිරියන්කුඹුර සුමණරතන හිමි විසින් මහිංගණ පොලිසියේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. ඇකිරියන් කුඹුර පොලිස් මුරපොලේ නිළධාරින් ලැබුන තොරතුරකට අනුව පසුගිය 21 දින (මාස 2කට පසු) මහියංගන පොලිස් නිළධාරින් සිද්දියට සම්බන්ද සැකකරුවන් හතර දෙනෙක් සමග සොරකම් කරනු ලැබු ඝණ්ටාරය සොයා ගනු ලැබුවා.
සැක කරුවන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනෙවිය විසින් සැක කරුවන් මැයි 5 දින දක්වා රක්ෂිත බන්දනාගර ගත කරන ලෙස නියෝග කර ඇති ඇති අතර ඝංටාරය සම්බන්දයෙන් පුරාවිද්‍යා වාර්ථාවක්ද කැදවන ලෙස නියෝග කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා හා අපරාධ අංශයේ ස්තානාධිපති එම් බී ජි ජි එස් චතුරංග මහතා හා ඇකිරියන්කුඹුර පොලිස් මුරපොලේ ස්ථානාධිපති චන්දන මහතා ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර වැටලීම සදහා පො. කො. 13768 අමරසුරිය, 11115 මාරසිංහ, 7698 කරුණාතිලක, 28534 දිසානායක, 38588 සම්පත්, 66278 අනුරප්‍රිය, 71610 දනුප, 71809 සම්පත්,71814 රාජපක්ෂ, 63737 දනපාල,66523 ප්‍රියදර්ශන යන පොලිස් නිළධාරින්ගේ සහය ලබා දි තිබේ.



වටරැකට මහියංගනයේ මාධ්‍ය සාකච්චාව තියන්ඩ බැරිවෙයි

 වටරැකට මහියංගනයේ මාධ්‍ය සාකච්චාව තියන්ඩ බැරිවෙයි - 
2014-04-22 ප.ව. 5:23
ජාතික බළ සේනාවේ නායක මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිතහිමියන්ට එරෙහි මහියංගනයේදී ඊයේ (22) විරෝධතාවයත් පැවැත්විණි.
දැඩි පොලිස් ආරක්ෂාව සහිතව මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ සභාවරය සදහා පැමිණී විජිත හිමියනට එරෙහිව මහා සංඝරත්නය විශාල පිරිසක් සමග තුන්සියයක් පමණ පිරිසක් ප්‍රාදේශිය සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විය.
ප්‍රාදේශිය සභාව ඉදිරිපිට විරෝධතාවය හේත්වෙන් විජිත හිමියන් ප්‍රාෙද්ශිය සභාව පිටුපසින් දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පොලිස් ඉහල නිළධාරින් විසින් ගෙන්වා ගෙන ආ අතර ඔවුන් දුටු විරෝධතාව‍යේ යෙදි සිටි පිරිස විජිත හිමියන් දෙසට දිය ගිය අතර ඒ දුටු විජිත හිමියන් බියේ දුවන්නට වු අතර පොලිසිය මැදිහත් වී හිමියන් අල්වා ප්‍රාෙද්ශිය සභාව තුලට ගෙනයනු ලැබුවා. මහියංගන ප්‍රා දේශිය සභාවේ සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතා විසින් ප්‍රාෙද්ශිය සභා වාරය සාමාන්‍ය පරිදි ආරම්භ කර පැයක් පමණ සභාව පවත්වා වේලාසනින් නිම කරනු ලැබුවා. එහිද විජිත හිමියන් ප්‍රා දේශිය සභාවේ කථා වාරයේදී නැගි සිට පිටත ඇති තත්වය හේතුවෙන් තමන් හට අද දින කථා කිරිමට නොහැකි බව පවසා අසුන්ගෙන සභාවේ කථා කිරිමේන් වැල කි සිටියහ.
මහා සංඝරත්නය හා මහජනතාවගේ විරෝධය මත මහියංගනයේදී අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ජාතික බළ සේනාවේ නායක හා මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට නොහැකි වු අතර විශාල ජනතා හු හඩ මධ්‍යෙය් දැඩි පොලිස් ආරක්ෂාව මද්‍යෙයේ පොලිස් ජිප් රථයක නැගි පිටව යනු ලැබුවා. බදුල්ල කැරලි මර්ධන ඒකකයේ නිළධාරින්ද ආරක්ෂාව සදහා ගෙන්වා තිබුනි.
ප්‍රාෙද්ශිය සභාවේ පිටත විරෝදතාවය සැලකිල්ලට ගනිමින් සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතාගේ ඉල්ලිමකට අනුව අද ප්‍රාදේශිය සභා රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට පොලිසිය අවසර දුන්නේ නැත. විරෝධතා කරුවන් හා පොලිස් නිළධාරින් අතර අවස්ථා කිහිපයකදී උණුසුම් වාද විවාද ඇති වු අතර ප්‍රාෙද්ශිය සභාපති හා මන්ත්‍රි කණ්ඩායම සමගද අවසානයේ උණුසුම් තත්වයක් ඇති විය.
බින්තැන්න පලාතේ ප්‍රධාන සංඝ නායක හා අනුනායක හා අධිකරණ සංඝනායයන් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නය විශාල පිරිසක් හා ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව දුෂණ වංචා රැසකට සම්බන්ද ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රි විජිත හිමියන් ගැන පරික්ෂණ කර නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් සම්බුද්ධ ශාසනය මුදලට පාවාදී බුද්ධ ශාසනය වනසන මෙවන් චිවර ධාරින් පන්නා දමන්නට ත්‍රෛයි නිකායික නාහිමියන්ගෙන් ඉල්ලා සිටින බවත් අතිගරු ජනපති තුමන් හා බුද්ධශාසන අමාත්‍යවරයාගේ අවදානය වහා මොහු සම්බන්දයෙන් යොමු කරන ලෙස විරෝධතාව සංවිධානය කර තිබු පිරිස ඉල්ලා සිටිනු ලැබුවා.

















අව්රුදු සතුට - සැමසිත් සතුටු කරන්

 අව්රුදු සතුට - සැමසිත් සතුටු කරන්
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා ගේ සංවිධානයෙන් මහියංගන පොලිසිය ප්‍රථම වරට ආබාදිත රණ විරු සංසදය හා විශාමික පොලිස් නිළධාරින් එක්කර ගනිමින් හා ප්‍ර දේශයේ ව්‍යාපාරික ප්‍රජාව හා දේශපාලන නායකත්වය සම්බන්ද කර ගනිමින් සංවිධානය කල සිංහල අලුත් අවුරුදු උත්සවය අද (19) සවස සිට මධ්‍යම රාත්‍රි දක්වාමහියංගන පොලිස්ථාන ක්‍රිඩා පිටියේදී සංවිධානය කර තිබුනි. අවුරුදු ක්‍රිඩා රාශියක් ඒ අතර විය.