Saturday, July 2, 2016

වයස 14ක පාසැල් සිසුවෙක් නිවසේ ගෙල වැලලාගෙන - හේතුවන් කිසිවකු නොදනී.

2016-06-28 ප.ව. 6:28
නිවසේ දෙමාපියන් නොමැති මොහොතක, මිනිපේ, වේරගංතොට ප්‍ර ‍ෙද්ශයේ වයස 14ක පාසැල් සිසුවෙකු අද (29) දහවල් සාරි පොටකින් නිවසේ බාල්කයේ එල්ලී ගෙල වැලලාගෙන මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කවිෂ්ක නවීන් ගමගේ නම් වයස අවුරුදු 14ක මිනිපේ සංඝබෝධි මහා විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකි. 437/1, 39 ඇල , වේරගංතොට, මිනිපේ යන ලිපිනයේ පදිංචි අයෙකි. දරුවන් තිදෙනෙක් සිටිනා පවුලේ වැඩි මහල් දරුවා මෙසේ ගෙල වැලලාගෙන මියගොස් සිටී.

මෙම මියගිය දරුවා තම වයස අව්රුදු 04ක් වු මල්ලී සමග නිවසේ සිට ඇති අතර මව ගම්මානයේ රැස්වීමකට සහබාගි විමට ගොස් සිට ඇත. “ අයියා බොරුවට මැරිලා. නැන්දා බලන්ඩ“ යැයි පැවසීම හේතුවෙන් අසල්වාසියෙකු නිවස සෝදිසි කර බැලිමේදි නිවසේ වැඩිමහල් පුතු කවිෂ්ක සාරිපොටෙන් ගෙල වැලලාගෙන මියගොස් සිටිනු දැක ඇත.

මෙසේ මියයෑමට හේතුවක් මේ වන තුරු අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර හසලක පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරගෙන යනු ලබයි.








No comments:

Post a Comment