Tuesday, August 30, 2016

සරත් ඒකනායක යටිනුවරට : අනුරාධ උඩුදුම්බරට



2016 අගෝස්තු මස 30 13:25:48 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුදුම්බර ආසන සංවිධායක ලෙස මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ද මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා යටිනුවර ආසන සංවිධායක ලෙසද පත් කර ඇතැයි නිදහස් පක්ෂ ආරංචි පවසයි.
මීට පෙර යටිනුවර ආසන සංවිධායක ලෙස කටයුතු කළේ අර්ල් ගුණසේකර මහතාය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමත් සමග එම ධූරය හිස්ව පැවැතිණි. 
ඔවුහු අද (30) පෙරවරුවේ ජනපති කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලිපි ලදහ.

වන අලි ප්‍රහාරයෙන් ගොවියෙකු මරුට


2016-08-30 ප.ව. 2:33

වී අස්වනු නෙලා නිවසට රැගෙන යනතුරු අස්වනු රකිමින් සිටි ගොවියෙකු විල්ගමුව පොලිස් බළප්‍ර දේශයේ , හිංගග, නුගගොල්ල ප්‍ර දේශයේ පොර්දා රාත්‍රි (29) යේදී මියගොස් ඇත. ඊයේ උදැසන (30) ගම්වාසීන් හට මළසිරුර හමුවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ආර් එම් චන්ද්‍රරත්න නැමැති 59 හැවිදිරි  හැමතැන්න, නුගගොල්ල, හීංගග. යන ලිපිනයේ පදිංචි හය දරු පියෙකි.

වී අස්වනු නෙලා නිවසට රැගෙන යන තුරු කුඹුර ආසන්නයෙ මාර්ගයේ වී අස්වනු රකිමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වන අලි ප්‍රාහරයට ලක්ව මියගොස් ඇත.

නුගගොල්ල, හීංගග ප්‍ර දේශයේ නිරන්තර වන අලි ගැවසෙමින් බව බෝග හා ජිවිත හානි කරමින් වන අලි තර්ජනයට පත් ගම්මානයක් වන අතර වන අලි ප්‍රහාරයට පත්ව මිය ගිය පුද්ගලයාගේ සිරුර තිබු ස්ථානයට වනජිවි නිළධාරින් පැමිණි මොහොතේ උණූසුම්කාරි තත්වයක් ඇති වින.

සිද්ධිය සම්බන්දයෙන් විල්ගමුව පොලිසිය පරික්ෂණ පවත්වති.

Sunday, August 28, 2016

මේ හොරු කව්ද කිව්වොත් රුපියල් ලක්ෂයක් තෑගි

 20:15 28/08/2016
මහියගනය නගරයේ, ගිරාදුරුකෝට්ටේ පාරේ පිහිටි රට‍බීම හලවල් 2ක් අද අලුයම 1.30 ට  පමණ (2016-08-27) කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මංකොල්ලකා ඇති අතර ඔවුන් පිළිබදව නිවැරදි තොරතුරු 0777 403940 / 0777 126512 මෙම දුරකථන අංකයට ලබාදෙන අයෙකුට රුපියල් 100,000 ක මුදලක් ලබා දෙනු ලැබේ. රහස්‍යභාවය රකි.













Saturday, August 27, 2016

විල්ගමුවේ ශිෂ්‍යත්ව බිභාගයෙන් අසාධාරණයට ලක්වු දරුවන්ගේ දෙමාපියෝ දරුවන්ට සාධාරණයක් ඉල්ලා විරෝධතාවයක


27/08/2016 01:49
මාතලේ, විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල මහා විද්‍යාලයේ පසුගිය දා පැවති ශිෂ්‍යත්ව විභාගයේදී සිදු වු අසාධාරණයට සාධාරණයක් ඉල්ලා දරුවන්ගේ දෙමාපියන් ඊයේ (26) විල්ගමුව මන්සන්දියේ සිට විල්ගමුව කලාප කාර්යාලය දක්වා විරෝධතාවයේ නිරතවෙමින් පාගමනින් පැමිණියේය.
පසුගියදා නුගගොල්ල මහා විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාග මධ්‍යාස්ථානයේ විභාගය ආරම්භකිරිමට කිසිදු සංඥාවක් ශාලාධිපති විසින් දැනුම් නොදුන් බව දරුවන් පැවසුහ. ඒ හේතුවෙන් විනාඩි 20ට පමණ පසු දරුවන් ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සැපයිම ආරම්භ කර ඇති අතර එසේ ආම්භකර ඇත්තේද “පිළිතුරු ලියා අවසන් කිරිමට තව විනාඩි 20යි තියෙන්නේ “ යැයි ගුරුවරියක් දැනුම් දිමෙන් අනතුරුවයි. ඒ හේතුවෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිමට ප්‍රමාණවත් කාලයන් නොලැබු දරුවන් විභාගය අවසන් වී පාසැලෙන් පිටතට පැමිණියේ හැඩු කදුලිණි.
එදින සිදු වු අසාධාරණය සම්බන්දයෙන් කෝපයට වු දරුවන්ගේ දෙමාපියන් පාසැල් ගේට්ටුව අභියස විභාග ශාලාධිපතිට හා නිරික්ෂණ ගුරුවරුන් සදහා විරෝධය පෑවේය. විභාග ප්‍රශ්න පත්‍ර හා විභාග ශාලාධිපති නිරික්ෂණ ගුරුවරු ගමන් ගත් වෑන් රථයට දෙමාපියන් පොල් ගසා දරුවන්ට සිදු කල අසාධාරණයට සාප කලේය.

ඊයේ (26) විල්ගමුව අධ්‍යාපන කාර්යාලයය ඉදිරිපිට උදැසන සිට විරෝධතාවයේ දෙමාපියන් නිරතවී සිටියද ඒ සදහා විසදුම් ලබාදීමට කිසිදු වගකිවයුතු නිළධාරියෙක් කාර්යාලයේ නොසිටියේය. විල්ගමුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ කේ ඩි ජයරත්න මහතා මැදිහත් වීමෙන් දෙමාපියන් කිහිප දෙනෙකු කාර්යාලය තුලට කැදවා නිළධාරිණියක් සමග දෙමාපියන් කිහිප දෙනෙකු සාකච්ඡා සිදු කල අතර ඇයටද මෙම ගැටලුව සදහා පිළිතුරක් දීමට නොහැකි බව ප්‍රකාශ කර සිටියේය. දහවල් 2.00 පමණ වන තුරුත් දෙමාපියන් විල්ගමුව කළාප කාර්යාලය ඉදිරිපිට රැදි සිටිමින් දරුවන් සදහා සාධාරණයක් සිදු කරනා ලෙස ඉල්ලා සිටියේය.
මෙම ගැටලුව සම්බන්දයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සිදත් විපුලරත්න මහතාගෙන් විමසීම සදහා ජංගම දුරකථනය වෙත දුරකථන ඇමතුම් ලබාගත්තද ජංගම දුරකථනය ක්‍රියා විසන්ධි කර තිබුනි.
වසර කිහිපයක් තිස්සේ දෙමාපියන් විදි දුක් විභාග ශාලාධිපතිගේ නොසැලකිල්ලෙන් වතුරේගිය බව දෙමාපියන් ප්‍රකාශ කලේය. දරුවන් සදහා සාධාරණයක් ඉටු කරන ලෙස අධ්‍යාපන බලධාරින්ගෙන් දෙමාපියන් ඉල්ලති .



ජිවිතාරක්ෂක පුහුණු වැඩමුලුව


Wednesday, August 24, 2016

ජීව අත්බොම්බයක් හමුවෙයි


22:47 24/08/2016
මහියංගන ආදාඋල්පොත,16 කණුව, බදුල්ල ඇල පාරේ ඒ ජි සෙනෙවිරත්න යන අයගේ වෙළෙද සැල ආසන්නයේ ගලාබසිනා වියානා ඇල ආසන්නයේ තිබී ජීව අත්බෝම්බයක් ගම්වාසියෙකුහට අද (24) සවස 3.00ට පමණ හමුවී ඇති අතර
මහියංගන පොලිසිය මේ වන විට එම ස්ථානය වෙත ආරක්ෂාව සලසා ඇත. මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපක් කාර විශේෂ කාර්ය බළකා නිළධාරින් පැමිණ ස්තාන පරික්ෂා කර අත් බෝම්බය නිෂ්ක්‍රිය කිරිමට නියමිතව තිබේ.

මහවැලි ගලේ වැලි ජාවාරම නැවතත් ජයටම - මහවැලි ගග මැද වැලි පටවා තුන්වෙනි වරටත් පොලිස් අත් අඩංගුවට


2016-08-24 ප.ව. 1:40

මහියංගනයේ මහවැලි ගගේ නිති විරෝධි ආකාරයෙන් බළපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් දේශපාලන බලය හා නිළධාරින්ගේ සහයෙන් සිදුකරනා වැලි ජාවාරම නැවත් ක්‍රියාත්මකයි. මහවැලි ගග මැද වැලි පටවමින් තිබු ටැක්ටර් රථයක් අද (24) පොලිස් අත් අඩංගුවය ගත් බව මහියංග පොලිසිය පවසනවා. නිතිවිරොධි ආකාරයෙන් තුන් වන වරටත් එම වැලිතොටුපලෙහි වැලි ට්‍රැක්ටර් පොලිස් අත් අත් අඩංගුවට පත් විය.

මෙසේ නිති විරෝධි ආකාරයෙන් රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් මහියංගන ගඩොල් - උලු කම්හලට අයත් ඉඩමේ මහවැලි ගං තොටුපලෙහි මෙම වැලි ජාවාරම සිදු වන අතර මහවැලි ගග මැදට මාර්ගයක් කපා, වැලි ට්‍රැක්ටර් වතුරට බස්සවා නිති විරෝධි ආකාරයෙන් වැලි කැනිම සිදු කරගෙන යන්නේ බළපත්‍ර කොන්දේසි අමු අමුවේ උල්ලන්ගනය කරමිනි.

අවස්ථා දෙකකදී පොලිසිය විසින් මෙම ජාවාරම් කරුවන් නිතියේ රැහැනට කොටු කර අධිකරණ අධිකරණය හමුවට පත් කර දඩ නියම කෙරිනි. මහියංගනයේ මහවැලි ගගේ නිති විරෝධි ආකාරයෙන් දේශපාලන බලය හා නිළධාරින්ගේ සහයෙන් සිදුකරනා වැලි ජාවාරමක් පිළිබදව පසුගියද මාධ්‍ය මගින් අවස්ථා කිහිපයකදී අනාවරණය කිරිමත් සමග කොළඹ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ හා බදුල්ල කාර්යාලයේ නිළධාරින් කිහිප දෙනෙකු එම වැලි තොට පරික්ෂා කිරිම සදහා පැමිණියේය.

එහිදි මහියංගන ලංකා පිගන් සංස්ථාවේ කළමණාකාරවරයා නිළධාරින් හට පොරොන්දු වුයේ නිවැරදි ආකාරයෙන් බලපත්‍ර කොන්දේසි රකිමින් වැලි තොටුපල පවත්වාගෙන යන බවටත් බදු කරුවන් නිරන්තරයෙන් අධික්ෂණය කර කිසිදු නිතිවිරෝධි කටයුත්තක් සිදු කිරිමට ඉඩ නොතබන බවයි.

විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ඉඩමේ පවත්වාගෙන යන මෙම වැලි තොටුපල අවම ලංසුව ඉදිරිපත් කල පුද්ගලයාහට දිමට කටයුතු කලේය. බදු කොන්දේසි උල්ලන්ගනය කරමින් නැවත නැවත පවත්වාගෙන යන මෙම වැලි තොටුපල බදු ගිවිසුම අවලංගු කර නැවත් වෙන්දේසි කිරිමට හෝ ඊලග වැඩිම ලංසුව ඉදිරිපත් කල පුද්ගලයා හට ලබාදිමට හැකියාව පවතී.

මහියංගන සහකාර පොලිස්‌ අධිකාරි උජිත් ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් මහියංගනය පොලිස්‌ ස්‌ථානාධිපති තිස්‌ස කුමාර මහතාගේ උපදෙස්මත වැලි ටැක්ටර් අත් අඩංගුවට ගත් අතර මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.



නුගගොල්ල ප්‍රාථමිකයේ ගුරුවරයාගෙන් ප්‍රශ්න කරයි

00:09 24/08/2016
ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් පිරිසකට අසාධාරණයක්‌ සිදුවූයේ යෑයි කියන මාතලේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල ප්‍රාථමික විදුහල් විභාග මධ්‍යස්‌ථානයේ අන වසරයෙන් රැඳී සිටි එම විදුහලේ ගුරුවරයාගෙන් කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් සිද්ධිය පිළිsබඳ ප්‍රශ්න කර ඇත.

සිසුන් පිරිසකට සිදු වූ බව කියන අසාධාරණය ගැන විභාගය අවසන් වීමට පෙර තමන්ට තොරතුරු ලබාදුන්නේ මෙම ගුරුවරයා යෑයි දෙමවුපියන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සිදත් විපුලරත්න මහතාට ප්‍රකාශ කර තිබිණි. පළමු ප්‍රශ්න පත්‍රයට පසුව ලැබෙන පැය භාගයක විවේක කාලයේදී සිසුන්ට විභාග මධ්‍යස්‌ථානයෙන් පිටතට යැමට හෝ පිටස්‌තර පුද්ගලයන්ට මධ්‍යස්‌ථානයට පැමිණීමට හෝ නොහැකිය. එසේ තිබියදී මෙම ගුරුවරයා මධ්‍යස්‌ථානයේ සිට ඇති බවත් සිදුවූයේ යෑයි කියන අසාධාරණය සම්බන්ධ තොරතුරු දෙමවුපියන්ට පවසා ඇත්තේ එහි සිට බවත් මේ වන විට අනාවරණය වී ඇතැයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු ඊයේ අවසන් කර ඇති අතර එම වාර්තාව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාට ලබාදීමට නියමිතය.

විභාග ශාලාධිපතිකම ළමයෙකුට දෙන්න


සෑම වසරකම ශිෂ්‍යත්ව හපනුන් රැසක්‌ රටට බිහිවන මුත් ශිෂ්‍යත්ව "ජංජාල" වලින් නම් අඩුවක්‌ වූයේ නැත. ඊයේ (22 දා) "දිවයින" පුවත්පතේ ප්‍රධාන සිරස්‌තලය වූයේද එවැනි "ශිෂ්‍යත්ව ජංජාලය"ක්‌ ගැනය. එක ජංජාලයක්‌ නොව බොහෝ ජංජාලය. විල්ගමුව විභාග මධ්‍යස්‌ථානයේ දරුවන්ට ආරම්භක සංඥව නොදී බොහෝ වේලාවකට පසුව "තව විනාඩි 20 යි තියෙන්නේ" යෑයි දැනුම් දී තිබේ. පදියතලාව විභාග මධ්‍යස්‌ථානය හිටි හැටියේ මාරුකර තිබේ. මරදන්කඩවලදී වැරදි විභාග මධ්‍යස්‌ථානයකට සිසුන් යොමු කිරීම සිදුව තිබේ. වැල්ලවායේදී ගුරුවරියක විසින් සිසුන් දෙදෙනකු විභාගයට යොමු කිරීම වළකාලනු ලැබීමේ සිදුවීමක්‌ද වාර්තා වේ. කන්තලේ අග්‍රබෝධි විදුහලේ විභාගය සඳහා යැමට සුපුරුදු බස්‌ රථය නොපැමිණි නිසා සූරියපුර, සමගිපුර ප්‍රදේශවල සිසු සිසුවියන් විභාග ශාලාවට පැමිණ තිබුණේ සූරියපුර පොලිසියේ ජීප් රථ දෙකක නැඟීය.
තවත් මෙවැනි සිදුවීම් ගණනාවක්‌ රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා විණි. මෙය අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. පහේ ශිෂ්‍යත්වය දරුවා බාගේට මරණ, අනවශ්‍ය පීඩනයක්‌ දරුවාට එල්ලවන "මව්පියෝ තරග වදින" විභාගයකි. එය දරුවාගේ දක්‍ෂතාව මැන ගැනීමටත් වඩා "හොඳ පාසලක්‌" තෝරා ගැනීමේ සටනක්‌ බවටද පරිවර්තනය වී තිබේ. රැයක්‌ දවාලක්‌ නැතිව වෙහෙසවන දරුවාට මේ තීරණාත්මක දිනයේ මෙතරම් අලකලංචි රැසකට මුහුණ පෑමට සිදුවීම ඇත්තෙන්ම අවාසනාවකි. එතරම්ම "බරපතළ" දිනයකදී පවා අදාළ බලධාරීන්, මෙහෙයුම් නිලධාරීන්, එතරම්ම පිස්‌සු කෙළීම විභාග කොමසාරිස්‌වරයාගේ දැඩි විමර්ශනයට ලක්‌විය යුතු කරුණකි. පහේ ශිෂ්‍යත්වයට නොව ගුරුකමටවත් මෙවැනි ගොන් නාම්බන් සුදුසු නැති බව අපේ විශ්වාසයයි. එවැන්නන් පහේ ශිෂ්‍යත්වය විභාගයටම වාඩි කළ යුතු මට්‌ටමේ ළාබාල මානසිකත්වයක්‌ ඇති අය ලෙස සැලකීම වඩා සුදුසුය. මේ අතරින් වඩාත්ම අවධානයට ලක්‌විය යුතු සිදුවීම වන්නේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල විභාග මධ්‍යස්‌ථානයේ සිදුවීමය. තමන් දන්වන තුරු උත්තර ලිවීම ආරම්භ නොකරන්නට යෑයි උපදෙස්‌ දී ඇති එම ගුරුවරු බොහෝ කාලයකට පසුව "තව විනාඩි 20 යි ඉතිරිවෙලා තියෙන්නේ" කීම තේරුම්ගත නොහැකි කාරණයකි. එක්‌කෝ මේ විභාග මධ්‍යස්‌ථානය භාරව සිටි ශාලාධිපතිවරයා ඇතුළු අනෙක්‌ ගුරුවරු පිරිසට මේ බව අමතකව ගොස්‌ තිබුණා විය හැකිය. එසේත් නැතහොත් මේ දිනවල ජනප්‍රිය "නයි" ටෙලි නාට්‍යය ගැන කතා කරන්නට කාලය වැය වුණා වන්නට පුළුවන. එසේත් නැත්නම් "නයි" අරින්නට කාලය වැය වුණාද විය හැකිය. ඒ කෝක වුවද අන්තිමේදී දඬුවම් විඳින්නට සිදුව තිබෙන්නේ අහිංසක සිසු සිසුවියන් පිරිසකට වීම කනගාටුදායකය. අදාළ විභාග නිරීක්‍ෂණ ගුරුවරුන්ට මේ වගකීමෙන් ලෙහෙසියෙන් ගැළවෙන්නට නොහැකි බව කිව යුතුය. විභාග ශාලාවට පැමිණෙන ශාලාධිපතිවරුන්ගේ සිට සියලුම නිරීක්‍ෂණ ගුරුවරුන්ගේ පවා අසීමිත වගකීම වන්නේ තම රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමය. ඉතා සුළු අතපසු වීමකින් විශාල වරදක්‌ විය හැකි බව මේ පිරිස නොදැන සිටියා යෑයි අප විශ්වාස කරන්නේ නැත. විභාග ශාලාවකට පැමිණෙන ගුරුවර ගුරුවරියන් යම් තරමක හෝ දැනුම්වත් කිරීමකින් පසු ඒ කාර්යයේ යොදවන බවද අපි විශ්වාස කරමු. ඒ කරුණු කාරණා කෙසේ වුව මේ ජංජාලවලට පැටළුණු දරුවන්ට සාධාරණය ඉටුවිය යුතු බව අපි කියමු.

හසලක රෝහල


Sunday, August 21, 2016

ශිෂ්‍යත්ව විභාගය විනාඩි 20ක් ප්‍රමාදවී සිසුන් දැඩි අසිරුවක-දොමාපියන් කුපිතවී පාසල ඉදිරිපිට උණුසුම් වෙයි.

2016-08-21 ප.ව. 3:54

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (21) උදෑසන 9.30 රට පුරා ආරම්භ වු අතර විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල මහා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යාස්ථානයේ විභාගය ආරම්භ කිරිම ප්‍රමාදවීමක් සම්බන්දයෙන් දෙමාපියන් හා දරුවන් එම විද්‍යාලය ඉදිරිපිට රැස්වී විභාග මධ්‍යාස්ථාන නිළධාරින්හට විරෝධය පෑවේය.

එම පාසැලේ එක් ශිෂ්‍යත්ව විභාග මධ්‍යාස්ථානයක ප්‍රශ්නපත්‍ර බෙදාදී විභාග අංකය ප්‍රශ්න පත්‍රෙය් ලියන ලෙස ගුරුවරු උපදෙස්දී ටික වේලාවකට පසු තව විනාඩි 20යි තියෙන්නේ කාලය අවසන් විමට යැයි පැවසීමෙන් දරුවන් මහත් සේ අපහසු තාවයකට පත් වු බව දරුවන් චෝදනා කරති. විභාගය ලිවිමට/ආරම්භකිරිමට කිසිදු සංඥාවක් ශාලාධිපති දැනුම් නොදුන් බව දරුවන් පවසති. විනාඩි 20ට ප්‍රශ්න 40ක් පිළිතුරු සපයන්නේ කෙසේදැයි දරුවන් විභාග නිරික්ෂණ ගුරුවරුන්ගෙන් ඇසු විට “බත් බෙදා දුන්නම කෑම කන්ඩ වෙනම කියන්ඩ අවශ්‍ය දැයි“ එක් ගුරුවරියක් ශාලාවේ දරුවන් හට බැන වැදී ඇත.
දරුවන් විභාගය අවසන් වී පාසැලෙන් පිටතට පැමිණියේ හැඩු කදුලිණි. දරුවන් පැමිනෙනතුරු බලා සිටි දෙමාපියන් සිදු වු අසාධාරණය සම්බන්දයෙන් කෝප වු අතර පාසැල් ගේට්ටුව අභියස විභාග ශාලාධිපතිට හා නිරික්ෂණ ගුරුවරුන් සදහා විරෝධය පෑවේය. ගුරුවරුන්ට පිටතට යෑමට නොදි ගේට්ටුව අවහිර කලේය.
විල්ගමුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පාලිත ඉලංගන්සේකර මහතා පැමිණ අධ්‍යාපන බළධාරින් හා දෙමාපියන් කිහිප ‍දෙනෙකු සමග සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදුන් අතර අධ්‍යාපන බළධාරින් සිද්ධිය සම්බන්දයෙන් විමර්ශණයක් සිදුකර ශාලාවේ විභාගය සදහා මුහුණ දුන් දරුවන් සදහා විභාග ප්‍රතිඵල නිකුත් කිරිමට ප්‍රථම සාදාරණයක් සිදු කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව තත්වය සමතයකට පත්විය.
විභාග ප්‍රශ්න පත්‍ර හා විභාග ශාලාධිපති නිරික්ෂණ ගුරුවරු ගමන් ගත් වෑන් රථයට දෙමාපියන් පොල් ගසා දරුවන්ට සිදු කල අසාධාරණයට සාප කලේය. වසර කිහිපයක් තිස්සේ දෙමාපියන් විදි දුක් විභාග ශාලාධිපතිගේ නොසැල කිල්ලෙන් වතුරේගිය බව දෙමාපියන් ශාප කලේය. දරුවන් සදහා සාධාරණයක් ඉටු කරන ලෙස අධ්‍යාපන බලධාරින්ගෙන් දෙමාපියන් ඉල්ලති .








Friday, August 19, 2016

මීවාගල දරුවන් දෙදෙනාට විශ්ව පාරමී පදනමෙන් ලක්ෂයකට අධික ගෘහ උපකරණ රැසක්

 20:43 19/08/2016
සුව කල නොහැකි චර්ම රෝගයක් හේතුවෙන් (Harlequin-type ichthyosis) පිඩා විදින මහියංගනයේ මීවාගල කෞෂල්‍යා හා ගුණරත්න යන දරුවන් දෙදෙනා හට කොළඹ විශ්ව පාරමී පදනම මගින් නිවසට අවැසී ගෘහ උපකරණ රැසක් පසුගියදා පරිත්‍යාක කරන ලදී
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික වේ. මෙතුවක් කල් පැදුරක් මත ගොම පොළවේ  සැතපුන දරුවන් දෙදෙනා වෙනුවෙන් ලී ඇදන් දෙකක්, ඇදන් සදහා රබර් මෙට්ට, යකඩ අල්මාරි, පැදුරු, ෆෑන්, ප්ලාස්ටික් පුටු, ප්ලාස්ටික් මේස ඒම භාන්ඩ තොගයට ඇතුලත්ය.
කොළඹ විශ්ව පාරමී පදනමේ සුමණසිරි මහතා පසුගියදා දරුවන්ගේ නිවසට පැමිණ පරික්ෂා කර නිවසට අවැසි ඉහත බඩු භාන්ඩ මහියංගණ නගරයට ගොස් මිළදීගෙන දරුවන්ගේ නිවසටම ගෙනවිත් බාර දෙන ලදී.
එම පුණ්‍යකර්මය සදහා දායක වු කොළඹ විශ්ව පාරමී පදනමේ සුමණසිරි මහතා ඇතුලු විශ්ව පාරමී පදනමේ සියුලු දෙනා හට අපගේ හද පිරි ස්තූතිය, කෘතඥතාවය හා පුණ්‍යානුමෝදනා  පුදකරන්නෙමු
https://www.facebook.com/FB-Social-Service-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB-216677242043219/



හසලක ප්‍රා දේශිය රෝහලේ වෛද්‍ය වරුන්ට විරුද්දව ගම්මු පාරට බසී


21:42 19/08/2016
හසලක ප්‍රා දේශිය රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය වරුන්ට විරුද්දව අද (19) උදැසන ගම්වාසීන් හසලක නගරයේ විරෝධතාවයක නිරත විය. ඒ ඔහුන්ගේ ස්වාවේ ඇති අකාරයක්ෂම භාවය හා
සේවයේ නියුතු වෛද්‍යවරුන් 04 දෙනා භාහිර හා නේවාසීක රෝගින් වෛද්‍යවරුන් විසින් නගරයේ පවත්වාගෙන යන පෞගලික බෙහෙත් කඩ  වෙත යොමු කිරිම  වෙන්වෙන් විවිධ  කූඨ උපක්‍රම යොදගනිමින් මැරවරයන් ලෙස තරගයක පැටලී සිටින බවට ගම්වාසින් චෝදනා කරති.
පසුගිය කාලය තුල වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රෝගින් කිහිප දෙනෙකු කුඩා දරුවකු මියගියබවටද ගම්වාසින් චෝදනා කරති.
මෙම  අකටයුතු වලින් හසලක ග්‍රමිය රෝහල බරා දෙන ලෙසත්  ඉල්ලමින් විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් ගම්වාසීන් විරෝධතාවයක නිරත වෙමින් නගර වාසීන්ගේ අත්සන් ලේඛණයක් ලබාගනු ලැබුවා අදාල බළධාරින්ගේ අවධානය සදහා යොමු කිරිම සදහා.

මෙම රෝහලේ වෛද්‍යවරුන්ගේ කෙරුවාව සම්බන්දයෙන් අප මීට ප්‍රථම සිදු කල අනාවරණය
https://www.facebook.com/NewsatMahiyangana/photos/a.160827637380059.32966.160815704047919/577324525730366/?type=3&theater

https://www.facebook.com/NewsatMahiyangana/photos/pcb.577324635730355/577324522397033/?type=3&theater





Thursday, August 18, 2016

බදුල්ලෙන් ගිනි ගැනීම් 4ක්

බදුල්ලෙන් ගිනි ගැනීම් 4ක්
2016 අගෝස්තු මස 17 20:49:54

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 4 ක මේ වන විට ගිනි ගැනීම් 4ක් වාර්තා වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බණ්ඩාරවෙල කිතුල්ඇල්ල කන්ද, මහියංගනය මාවරාගල කන්ද, හල්දුම්මුල්ල බත්ගොඩ කන්ද, හපුතලේ ඉදල්ගස්හින්න පහළ කොටස මෙසේ ගිනි ගන්නා ස්ථාන වෙයි.
ගින්න නිවීම සඳහා වන රක්ෂණ නිලධාරීන්ගේ සහායට පොලිසිය හා යුද හමුදාව පැමිණ සිටින බවද වාර්තා වෙයි.
කිතුල්ඇල්ල කන්ද අසල භාවනා අසපුවක් දෙසට ගින්න පැතිරී යන බවත් එය පාලනය කිරීමට පොලිසිය හා යුද හමුදාව දැඩි උත්සාහයක් ගන්නා බවත් වාර්තා වෙයි.
බොහෝ කඳුවල ප්‍රපාතාකාර බෑවුම්වල ගිනි හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Wednesday, August 17, 2016

බදුල්ල දිස්ත්‍රික්කය සදහා නිදහස් පක්ෂයට අද පත් කළ ආසන සහ දිස්ත්‍රික් නව සංවිධායකවරුන් මෙන්න

21:37 17/08/2016

නිදහස් පක්ෂයට අද පත් කළ ආසන සහ දිස්ත්‍රික් නව සංවිධායකවරුන් මෙන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු 40 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම අද ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණ.

නව ආසන සංවිධායකවරු 16දෙනෙක් සහ දිස්ත්‍රික් සංවිධායකවරු 24 දෙනෙක් මීට අයත් වෙති.‍ බදුල්ල දිස්ත්‍රික්කයේ විස්ථරය පහතින් වේ.

බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස  ජේ.එම්. ගුණතිලක මහතා හා ජයසිරි ප්‍රේමදාස මහතා පත් කර ඇත

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම හිටපු ආසන සංවිධායක  ඒ.එම් බුද්ධදාස මහතාගේ ධුරය අවලංගුකර ආනන්ද මිල්ලන්ගොඩ මහතා පත් කර ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ හිටපු සුමිත් සමයදාස හා  උදිතලොකු බංඩාර මහතාගේ සංවිධායක ධුරයන් අවලංගු කර සුමිත් සමයදාස මහතා ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇත.





Tuesday, August 16, 2016

දිල්ලියේ අතරමංවූ මහියංයගනයේ වන්දනා කරුවා හමුවෙයි


2016 අගෝස්තු මස 16
දඹදිව වන්දනාවේ ගොස් සිටියදී නවදිල්ලි ගුවන්තොටුපළේදී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයා (මහියංගණයේ ) නැවත හමුවී ඇතැයි නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යාංශයට දන්වා ඇත.
ඉන්දීය බලධාරීන් මොහු සොයා ගෙන ඇති අතර ඔහු මේවන විට  අදාළ වන්දනා නඩය සමඟ  එක්ව ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මහිෂීනි කොළොන්නේ මෙනවිය පැවසුවාය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහියංගනය ප‍්‍රදේශයේ පදිංචි  රාමනායක මුදියන්සේලාගේ ජයසේකර නමැති ලාංකිකයෙකි. මොහු වයස අවුරුදු 60 ත් 70 ත් අතර වසයේ පසුවන අයකු බව ඉන්දීය පොලීසිය විසින් තහවුරු කරගෙන ඇත.
අසූ දෙනෙකුගෙන් යුතු පිරිසක් සමඟ කොළඹ සිට ඉකුත් බ‍්‍රහස්පතින්දා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළේ තුන්ඇනි පර්යන්තය වෙත ළඟා වූ ඔහු ගුවන්තොටුපළේ අංක 18 දොරටුව අසල සිටි බව සීසීටීවී කැමරා පද්ධතියේ සටහන් වී ඇතැයි ඉන්දීය නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ඩී.කේ .ගුප්තා සඳහන් කර තිබිණි.

Monday, August 15, 2016

වන්දනාවේ ගිය බසයට කාන්තාවන් දෙදෙනෙක් බිලි - වන්දනා බසයේ සැමට ගම්මු උයා පිහා කන්ඩත් දෙති

2016-08-15 පෙ.ව. 9:58
රිදිමාලියද්ද කුරුවිතැන්න බඹරගහඋල්පත ප්‍ර දේශයේ ඊයේ (14) රාත්‍රි 7.30ට පමණ වන්දනාවේ ගොස් පැමිනෙමින් තිබු බස් රථයකට කාන්තාවන් දෙදෙනෙක් හැප්පී එක් කාන්තාවක් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇත. රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අනෙක් කාන්තාව මියගොස් ඇත. රිය අනතුරෙන් තුවාල ලැබු කාන්තාවක් පැයකට ආසන්න කාලයක් රෝහල් ගතකිරිමට ගම්වාසීන් කටයුතු නොකර මහ මග තබගෙන සිටී බවත් මාර්ගයේ ගමන් කල මාධ්‍ය වේදියෙකු මැදිහත් වී තුවාල ලැබු කාන්තාව රෝහල් ගත කර පවතක්ද එහි වෙති. ඉන්පසුව වන්දනා බසයේ සැමට ගම්මු උයා - පිහා කන්ඩ දුන් සිදුවීමක් රිදිමාලියද්ද කුරුවිතැන්න ප්‍ර දේශයෙන් වාර්ථාවේ.
මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් තරුණියගේ මවද තුවාල ලබා ප්‍රතිකාර සදහා (මාධ්‍ය වේදියාගේ මැදිහත් වීමෙන් පසු) ඌරණිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගන රෝහල වෙත මාරුකර යවා ඇත. එහිදී මවද ජිවිතක්ෂයට පත්විය.
මෙලෙස මියගොස් ඇත්තේ අචිනි පබසරා පෙරේරා නම් වයස 18ක උපතින්ම ස්නායු ආබාධයකින් පෙළෙන කුරුවිතැන්න ප්‍ර දේශයේම ජිවත් වු යුවතියකි. (මන්ද මානසික තත්වයට සමානවු රෝගි ) ඇයගේ මව ගුණවති පෙරේරා නම් වන අතර වයස 54ක් පමණ වන කාන්තාවකි. පියා ඔහුන් හැරගොස් දීර්ඝ කාලයක් වේ. මියගිය කාන්තාවන් දෙදෙනාම රිදිමාලියද්ද, කුරුවිතැන්න, බඹරගහඋල්පත ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.
හගුරන්කොත සිට කතරගම දක්වා වන්දනා චාරිකාවක් ගොස් පැමිනෙමින් සිටියදී කුරුවිතැන්න බඹරගහඋල්පත ප්‍ර දේශයේදී බස් රථයකට මාර්ගය අසල සිටි කාන්තාවන් දෙදෙනෙකු පාරට පැණීම හේතුවෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකිව කාන්තාවන් දෙදෙනා බස් රථයේ ගැටී ඇත. රෝගි තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇත. (මන්ද මානසික තරුණිය ) වන්දනා බස් රථයේ පැමිණි වයස්ගත කාන්තාවක් හිස බසයේ දොරේ වැදී සුලු තුවාල ලැබීය.
ප්‍රථමයෙන් මියගිය තරුණියගේ මෑණීයන් තුවාල ලබා මාර්ගයේ වැටී සිට ඇත. ගම්වාසීන් ඇයව රෝහලට රැගෙන යෑම විනාඩි 30 කට වඩා ප්‍රමාද කිරිම හේතුවෙන් එම ස්ථාණය හරහා වහනයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු රැස්ව සිටි පිරිසට දොස්නාගා තුවාල ලැබු කාන්තාව රෝහල් ගත කරන්නට කටයුතු කර ඇත. එම අවස්ථාවේ ගම්වාසින් හා එමු පුද්ගලයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර ගම්විසින් ඔහුගේ අනන්න්‍යතාවය විමසු විට මාධ්‍ය ආයතනයක හැදුනුම් පතක්ද ගම්වාසින් හට ඉදිරිපත් කර තමා අසවලා යැයි පුද්ගල නාමක් සදහන් කර ඇත. එය ඔහුගේ සත්‍ය නම නොව පංති පවත්වන ජනප්‍රිය ගුරුවරයෙකුගේ නමක් බව ගම්වාසීන් අන්තර්ජලය ඔස්සේ පරික්ෂාකර බැලීමෙන් පසුව චෝදනා කරති. එම පුද්ගලයා ගම්වාසින් හා ග්‍රාමනිළධාරි වරයාහට අසිමිතව දෝශාරෝපණය කල බවට ගම්වාසීන් පවසති. පොලිසිය මැදිහත්ව පාර්ශව දෙක සමතතයකය පත් කර ඇත.
පසුව වන්දනා බසයේ සිටි පිරිසට කුරුවිතැන්න ගම්වාසීන් මැදිහත්ව කුරුවිතැන්න ශ්‍රි බෝධිරුක්කාරාම විහාරස්ථානයට කැදවාගෙන ගොස් රාත්‍රිය නවාතැන් ගැනීම සදහා ශාලාපහසුකම් වැසිකිලි කැසිකිලි පහසුකම් ලබාදී, තේපැන් සංග්‍රහ කලේය.
විහාරස්ථානයේ හිමිවරු හා ගම්වාසීන් කඩිනමින් මැදිහත් වී රාත්‍රි කෑම පිස බස්රථයේ පැමිණි පිරිසට සංග්‍රහ කර ඇත. පොලිසිය විසින් අනතුරට පත් බස් රථය පොලිසිය වෙත රැගෙන යෑම හේතුවෙන් රාත්‍රිෙය් මහමග අතර මං වු, වයස්ගත වැඩිහිටියන් කුඩා අතදරුවන් අතැතිව සිටි වන්දනා නඩයේ පිරිස ගම්වාසීන්ගේ වාහන කිහිපයක් යොදා ගනිමින් විහාරස්ථානය වෙත කැදවාගෙන ගොස් ඇත. ඒ සදහා විහාරස්ථානයේ හිමිවරු ගම්වාසින් හා ප්‍ර දේශයේ ග්‍රාමසේවක මහතා එක්ව කටයුතු කර තිබුනි. වසමේ ග්‍රාම නිළධාරිවරයා හා පසමේ පදිංචි වෙනත් වසමක රාජකාරි සිදුකරනා ග්‍රාම නිළධාරිවරියක්ද මේ සදහා සහයෝගය ලබාදී ඇත.
කුරුවිතැන්න ගම්වාසීන් තමන් අසරණ වු මොහොතේ දෙවියන්ට සලකන අයුරින් පුදසත්කාර සිදු කර මානසිකව සැනසුබවත් , උයා පිහා කුසට අහරක් සපයා සත්කාර සිදු කල බවත්, විහාස්ථානයේ මහාසංඝරත්නයටත් කුරුවිතැන්න ව්‍යාපාරික ප්‍රජවටත්, ගම්වාසී තරුණ තරුණියන් හටත්, ග්‍රාමනිළධාරිවරයාහටත් සිය හෘදයාංගම ස්තූතිය වන්දනා නඩයේ සිටි පිරිස විසින් පුද කර සිටියේය.
තුවාල ලැබුවන් රෝහල් ගත කන්න ප්‍රමද වුයේ කුහණ හේතුවක් නිසාද යන්න පිළිබද රිය අනතුරු වාර්ථා කිරිම සදහා එම ස්ථානය වෙත ලගා වු ප්‍රා දේශිය මධ්‍ය වේද්න් ගම්වාසියෙකුගෙන් විමසු විට “ මම සිද්දිය දැක්කා. දෙන්නා බෝක්කුව උඩ වාඩිවෙලා හිටියේ. අතින් අල්ල ගත්තා. පාරට පැන්නා. බස්එකේ හැප්පුනා දෙන්නාම. එය දෙන්නා ටිකක් මන්ද මානසිකයි. රෙදිගලවගෙන සමහරදාට පාරේ නිදාගෙන ඉන්නවා. මේ පැත්තෙ බස්කාරයෝ දන්නවා ඒ ගැන. පාරෙන් අයින් කරගෙන යන්න එයාලා දන්නවා ඒ හින්දා. ගමේ කට්ටිය උදව්කරන්න යන්නේ නැත්තේ ඔය දෙන්නා අතින් ඇල්ලුවෙත් දුෂණය කරන්ඩ ආවා කියලා පොලිසියේ පැමිණිලි දානවා. ඒ හින්දා කව්රුවත් උදව් කරන්ඩ යන්නේ නෑ. අන්න ඒක තමයි උනේ. ඒ වෙලාවේ කට්ටියක් ඇවිත් අපිට කෑ ගැහුවා.ග්‍රාමසේවක මහත්තයත් ඒවෙලාවේ ආවා. එයාලාගෙ කිසි වැරද්දක් නෑ. මේ ගැන ඒ හැමෝම දන්නවා. බේරෙන්ඩ බැරිහින්දා තමයි එයාලා පැත්තකට වෙලා හිටියේ. අපිට උනත් උදව් කරන්ඩ බැරි අන්න ඒකයි “ යැයි ප්‍රකාශ කර සිටියේය.
සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වති.