Tuesday, May 31, 2016

නිළධාරින්ගේ හා දේශපාලන බලයෙන් මහවැලි ගගේ මහා වැලි ජාවාරමක් - ඩෝසර් මහවැලි ගගට බස්සවා වැලි කැණිම් ජයටම - පරිසර සතියේදියත් නොනාවතින ලකුණු

2016-05-31 ප.ව. 2:44
පරිසර සතියක් අතිගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශයට පත් කර තිබියදිත් මහියංගනයේ මහවැලි ගගේ නිති විරෝධි ආකාරයෙන් දේශපාලන බලය හා නිළධාරින්ගේ සහයෙන් සිදුකරනා ජාවාරමක් පිළිබදවයි මේ අණවරණය.
මහියංගන ප්‍ර දේශයේ රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ගඩොල් - උලු කම්හල මේ වන විට ගුවන් හමුදාව යටතේ පාලණය කෙරේ.
එහි ලංකා පිගන් සංස්ථාවට අයත් වගාව නම් ප්‍ර දේශයේ වු ඉඩමේ මහවැලි ගං තොටුපල මේ වන විට කිසියම් පුද්ගලයෙකු හට බදු දී ඇති අතර එම බදු ලබාගත් පුද්ගලයා මහවැලිගගේ වැලි කැණිම් පලත්‍ර කොන්දේසි රැසක් උල්ලන්ගනය කරමින් නිති විරෝධි ආකාරයෙන් වැලි ගොඩදැමිම සිදු කෙරේ.
ඒ හේතුවෙන් විශාල පරිසර හානියක් සේම නිතිමට කොන්දේසි පිළිපදිමින් වැලි කැණිම් සිදු කරන අයට බලවත් අසාධාරණයක් සිදු කරමින් සිටිනා බවත් වගකිවයුතු නිළධාරින් නිතිය ක්‍රියාවට නන්වන නිළධාරින් මුනිවත රකින බවත් දේශපාලන හා නිළධාරින්ගේ සහයෝගයෙන් මෙම නිති විරෝධි වැලි තොටුපල පවත් වාගෙන යන බවට මහියංගන ප්‍ර දේශවාසින් වැලි සංගම් නියෝජිතයන් චෝදනා කරති.
වැලි ගොඩදැමිම සිදු නොකරන දිනයන් වල (සදුදා බදාදා සිකුරාදා හැර) වෙනත් දිනයන් හිදී ඩෝසර් මහවැලි ගගට බස්සවා වැලි කදු ගැසීම/ ගොඩ කිරිම / සුද්ද කිරිම සිදු කරයි. සෑම වැලි තොටුපලකම ගං ඉව්රේ වැලි මංකඩක් සෑදිය යුතු අතර එහි සිට බොට්ටුවලින් ගෙන එන වැලි ටැට්ටර් වලට පැට විය යුතුය. මෙම තොටු පොලේ එසේ මංකඩක් නොමැති අතර ගං ඉව්රේ තිබිය යුතු වැලි ටැක්ටර් ගග මැද මීටර් 75ක් පමණ ගෙන ගොස් වැලි පටවා ගනී. වැලි තොටුපලක් සදහා එක් බල පත්‍රයකට තිබිය යුත්තේ වැලි ගොඩදැමිම සදහා බෝට්ටු 2ක් වන අතර මෙම තොටු පලෙහි ඊට වඩා වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් වැලි ගොඩ දැමිම සිදු කෙරේ. ඩෝසර් යොදා විශාල ලෙස වැලි පටවා විශාල ආගාද මෙන් වලවල් සෑදි තිබේ. වැලි කැණිම් සදහා කිසිදු යාන්ත්‍රික මෙවලමක් බාවිතා නොකල යුතු යන්න බල පත්‍රෙය් තිබියදී මහවැලි ගගට ඩෝසර් දමා වැලි කැනිම. පාරවල් කපා වාහන ගගට ඇතුලත් නොකල යුතු යන්න බල පත්‍රෙය් තිබියදී ගග මැද දක්වා පාරක් කපා ගග මැදින් වැලි පැටවීම. ගගේ පතුල හෑරිම නොකල යුතුයැයි තිබියදී ඩෝසර් යොදා වැලි කැණිම සිදු කර විශාල ආවාට මේ වන විට නිර්මාණය වී ඇත. නිත්‍යානු කූල ආකාරයට වැලි ගොඩ දමනන් දින 05ක් ගොඩ දමනා වැලි ප්‍රමාණය නිති විරෝධි ලෙස මෙම ජාවාරම් කරුවන් දිනක් තුලදී ගොද දමන බව ගම්වාසින් හා වැලි සංගම් නියෝජිතයන් චෝදනා කරති.
අතිගරු ජනපතිතුමන් විසින් පරිසර සතියක් නම්කර පරිසර හානි සිදු කරනා ස්ථාන හා පිරිස් සම්බන්දයෙන් සොයා බලන ලෙස දැනුම්දී තිබියදී මෙම වැලි ජාවාරම් කරුවන් හට රිසිසේ පරිසරය විනාශ කරන්නට කටයතු කරනා නිළධාරින් පිලිබද සොයාබලන ලෙස ප්‍ර දේශවාසින් අතිගරු ජනපතිතුමන්ගෙන් ඉල්ලා සිටි.






Monday, May 30, 2016

නින්ද ගිහින් වෙච්ච වැඩක්

9:48 PM 5/30/2016
මහියංගන පදියතලා මාර්ගයේ 50 කණව ප්‍ර දේශයේ අද (30) උදැසන රියදුරුට නින්ද යෑමෙන් මාර්ගය හරහා පෙරලුන හාල් පැටවු ලොරි රථය
ඡායාරූප - Ranga Pradeep





Sunday, May 29, 2016

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහණය මුවාවෙන් ප්‍රවාහණය කල තේක්ක කොට ලොරිය පොලිසියට මාට්ටු.

2016-05-29 පෙ.ව. 10:02
අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහණය මුවාවෙන් රිදිමාලියද්ද, ඇකිරියන්කුඹුර සිට මහනුවර දක්වා ප්‍රවාහණය කල තේක්ක දැව කදන් 45ක් ප්‍රවාහණය කල ලොරියක් එහි රියදුරු සමග ඊයේ (28) මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලදී.
තේක්ක දැව කදන් තොගය ලක්ෂ 8ක් පමණ වටිනාකම යුතු බව මහියංගන පොලිසිය පවසන අතර දැව වල වටිනාකම තක්සේරු කිරිම සදහා කටයුතු යොදා ඇත.
කාලයක් සිට සැක නොසිතන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහණය කරන මුවාවෙන් මෙම දැව ජාවාරම සිදු කර ඇති බවට පොලිසිය සැක ඵල කර සිටි. ලොරි රථයද ඒ ආකාරයෙන් සකසා ඇත. දැව,ලොරි රථය හා රියදුරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා හා උ.පො.ප. ඒකනායක, පො.සැ.22354 විජේවර්ධන, 54197 චමින්ද, 80019 ගුණරත්න, 71119 එකනායක, 87153 අබේකෝන්, 370 දිසානායක ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.





Thursday, May 26, 2016

CCTV දර්ශන වලින් දෙදෙනෙක් අත් අඩංගුවට - 05ක් ගන්ඩ ඉන්නවා

5/27/2016 11:56 AM 
මහියංගන නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක CCTV දර්ශන පරික්ෂා කිරිමෙන් අනතුරුව මහියංගන නගරයේ පසුගිය දා රාත්‍රි පෝස්ටර් ගැසු තරුණයන් පිරිසට අයත් යැයි සැකකරන තරුණයන් දෙදෙනෙකු මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමෙන් අනතුරුව පෙරේදා  (26) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත්  තිෂානි තේනබදු මහත්මිය විසින් සැකකරුවන් ලබන මස 09 වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

CCTV දර්ශන අනුව තවත් තරුණයන් 05ක් අත් අඩංගුවය ගැනිමට නියමිත බව මහිංයගන පොලිසිය පවසනවා. 
මහියංගනය නගරය හා අවට ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ප්‍රදේශයේ පොලිසි තුනක නිළධාරින් හා පොලිස් කැරළි මර්ධන ඒකක දෙකක්ද කැදවා තිබේ.
පසුගිය වෙසක් පොහොය දින දඹගල්ල ප්‍රදේශයේ බෞද්ධ කොඩි සහ වෙසක් කූඩු මහියංගන පගරගම්මන ප්‍රදේශයේ මුස්ලිම් තරුණයන් අට දෙනෙකු (08) රාත්‍රියේ ගිණි තබා විනාශ කිරීම පිළිබද සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම තරුණයන්ගේ ක්‍රියාවට විරෝධය පා 24 වන දා රාත්‍රියේ මහියංගන නගරයේ ඇතැම් වෙළදසැල් වසා දමන ලෙසද කිසියම් පිරිසක් පෝස්ටර් අලවා තිබින. ඒ අනුව එම වෙළෙදසැල් වල CCTV දර්ශන පරික්ෂාකර එයට සම්බන්ද තරුණයන් අත් අඩංගුවට ගැනීමට මහියංගන පොලිස් නිළධාරන් කටයුතු කරනු ලැබිය.
මෙම ගිණී තැබීමට විරෝධය පා කිසියම් නොසන්සුන්කාරී තත්වයක් ඇතිවේයැයි සැක පිට මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මැදගම, බිබිල හා මහියංගනය පොලිසිවල නිළධාරින් කැදවා තිබේ.
ඌව දිශාව භාර නියෝජ්‍ය පොලිස් පති වරයාගේ උපදෙස් පරිදි මෙම ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති අතර පොලිස් ජංගම මුර සංචාරක රථද යොදවා තිබේ.
ප්‍රදේශයේ ජාතීන් අතර ගැටුමක් ඇතිවීම වලක්වාලීම සදහා මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා හා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා  සහ රාජ්‍ය නිළධාරින් එක්වී ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්, ප්‍රදේශවාසින් අතර සාකච්ඡා පවත්වා ගැටුම්කාරි තත්වයක් ඇතිවිම වැලැක් වීමට කටයුතු කිරිම සම්බන්දයෙන් බොහෝ දෙනාගේ ප්‍රසාදය මේ වන විට ඵල කර ඇත.

භයානක අමුත්තෙක් රෑ තිස්සේ පගරගම්මන ගම්මැද්දේ කරක් ගහලා - අද උදේම අතේ මාට්ටු

2016-05-26 ප.ව. 2:38
මහියංගන පගරගම්මන මුස්ලිම් ගම්මානයේ නිවසක් පිටුපස කුකුල් කූඩුව අසල සිටියදී භයානක සත්වයෙක් ගම්වාසින්හට අද (26) උදැසන හමුවී ඇති අතර ඒ වෙන කිසිවෙකුත් නොව දැවැන්ත කිඹුලෙකි. අඩි 10ක් පමණ දිග මෙම දැවැන්ත කිඹුලාගේ වලිගයේ අග නොමැති අතර පිටුපස කකුලේ ඇගිලි දෙකක්ද නොමැත.
ගම්වාසීන් වනජිවි නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු කිඹුලා අල්ලා රැගෙන යාම සදහා ගිරාදුරුකෝට්ටේ අලි මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානි වන සත්ව අඩවි ආරක්ෂක එච් එම් ගජවීර මහතා ප්‍රමුඛ නිළධාරින් පිරික් පැමිණියේය. විසින් කිඹුලා අල්ලා ගැට ගසා නිළධාරින් හට බාර දුන් අතර ඒ සදහා නිළධාරින්ගේ සහයද ලැබුනේය. මිනිස් වාසයකින් දුරස් වු ජලාශ්‍රිත ප්‍ර දේශයකට දැමිම සදහා කිඹුලා වන ජිවි නිළධාරින් විසින් රැගෙන යනු ලැබීය.













මහියංගන නගරයේ වෙසක් පෝයට අරක්කු විකුණු අයෙකුට 38000ක් උසාවියෙන් දඩගහයි

2016-05-26 ප.ව. 2:15

වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන නගරයේ අරක්කු විකුණු පුද්ගලයෙකු පසුගිය 21 දින රාත්‍රි මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය විසින් රුපියල් 38000ක් දඩ නියම කරනු ලැබීය.
මහියංගන නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිණිම යන චෝදනාව යටතේ ඔහු අධිකරණය හමුවට පැමිණ විය.
අරක්කු ලොකු බෝතල් 4ක් බාගෙ බෝතල් 12ක්, කාලේ බෝතල් 17ක් හා බියර් ටින් 07ක් අත් අඩංගුවට පත් විය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතාගේ මග පෙන් වීමෙන් පො.සැ.2236 විමලසිරි,29144 එදිරිසුරිය, පො.කො. 68726 ජයරත්න, 56814 කෝනාර යන අය විසින් මෙම වැටලිම සිදු කරනු ලැබීය.

Wednesday, May 25, 2016

මහියංගන නගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

2:30 PM 5/25/2016
ඊයේ (24) රාත්‍රි කිසියම් පිරිසක් විසින් නරගරයේ පෝස්ටර් අලවා තිබීමත්, නගරයේ කිසියම් ආකාරයකට නොසන්සනු තත්වයක් කිනම් හෝ මොහොතක ඇති වේ යැයි සැකය මත 
මහියංගන නගරයට පොලිස් විශේෂ කැරලි මර්ධන ඒකකය කැදවීමට මහියංගන පොලිසිය කටයුතු කර තිබේ. ( මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිතැබීමේ සිද්දිය සම්බන්දයෙන් නගරයේ නෙසන්සුන් කාරි තත්වයක් ඇති වේ යැයි සැක පිට)





මහවැලි ගගේ බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කල 07ක් බදුල්ල කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයෙන් අල්ලයි


2016-05-25 ප.ව. 1:43
බදුල්ල කොට්ඨාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතාගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය මගින් මහියංගන මහවැලි ගගේ බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් මහවැලි ගගට බස්සවා වැලි පැටවු ටැක්ටර් 07ක් අද (25) උදැසන අත් අඩංගුවට ගත් අතර එම වැලි තොටුපල හිමිකරුවන් 07ක්ද මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා මහියංගන පොලිසිය වෙත බාර දෙන ලදී.
බදුල්ල කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උ. පොලිස් පරික්ෂක ඩබ්ලිව් ඒ කේ ජි සුභාෂණ මහතාගේ මෙහෙය වීමෙන් මහියංගන රෝහන හා පගරගම්මන යන ගම්මානයේ මහවලි ගග ආශ්‍රිතව මෙම විශේෂ වැටලීම සිදු කරන ලදී.
බදුල්ල කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ පො.කො. 9423 අමරසුරිය, 50300 කරුණාරත්න, 37417 විජේරත්න, 70782 වීරකෝන්, 68186 ආරියරත්න, පො.කො.රි. 80912 රංජන් යන නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.



Monday, May 23, 2016

විපතට පත්වූවන්ට මිනිපෙන් ලොරි 03ක ආධාර


10:19 PM 5/23/2016
මොරයාය ශ්‍රි මහා නාගවිහාරාම විහාරාධිපති කලවල සුජාත හිමියන්ගේ මැදිහත් වීමෙන් හිටපු ප්‍රා දේශිය සභා මන්ත්‍රි සුමිත් මහතගේ හා මොරයාය එක්සත් බෞද්ධ සමිතිය එකරාශි වීමෙන් නායයෑමෙන් හා ගංවතුරින් අවතැන් වුවන් සදහා රුපියල් ලක්ෂ 08ක පමණ වටිනාකමක වියලි ආහාර සලාක මිනිපේ ප්‍ර දේශවාසින්ගෙන් එක් රැස් කල ලොරි 03ක භාණ්ඩ හසලක ප්‍රා දේශිය ලේකම් කාර්යාලය වෙත අද (23) දහවල් බාරදීම සිදු කරන ලදී.
පරිප්පු කිලෝ 400ක්, හාල් කිලෝ 3000ක්, සීනි කිලෝ 400ක්, වතුර බෝතල් 860ක් හා වෙනත් අත්‍යාවශ්‍ය වියලි ආහාර වර්ග රැසක් එම ආධාර තොගයට ඇතුලත්ව ඇත.