Thursday, July 28, 2016

ශ්‍රි ලංකාවේ බුදු දහම ආක්‍රමණිකයාගෙන් බේරාගැනීම සදහා ප්‍රථම වරට “969 සංවිධානය “ මියුගුණ පරවරයෙන් දොරට වඩි

21:36 28/07/2016 - https://www.facebook.com/NewsatMahiyangana/
මියෙන්මාර් ආධ්‍යාත්මික නායක අශින් වීරතු හිමි විසින් මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුදු දහම බේරාගැනීම සදහා ආරම්භකරන ලද 969 සංවිධානයේ සාමාජිකත්වය දරන
“ 969 හොළ සදහම් සංවිධාන“ නම්න් ශ්‍රිලංකාවේ ප්‍රම වරට 969 සංවිධානය - මහියංගණයප්‍රදේශයෙන් පසුගියදා බළ මුලු ගැන්වුනු අතර එහි දොරට වැඩුම අද (28) දින සවස
මහියගන නගරයේ සංස්කෘතික මධ්‍යාස්ථානයෙදී මියුගුණ පුරවරයේ වෙහෙර විහාරස්ථාන රැසක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
මහියංගන පුරවරයේ වෙළෙද ව්‍යාපාරිකයන්, තරුණ පිරිස ඒ සදහා ශ්‍රමය ශක්තිය එක් කර තිබුනි. ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ අධ්‍යාන හා පර්යේශණ අංශයේ හිටපු කථිකාචාර්ය, බෞද්ධ ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂක චමිල ලියනගේ මහතා
ප්‍රධාන දේශනය සදහා ආරාධනා ලැබ පැමිණ සිටියේය.
මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුරුම බෞද්ධයෝ පීඩාවට ලක්‌ව සිටි මොහොතක මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුදු දහම බේරාගැනීම සදහා 969 නම් සංවිධානයක්‌ විරතු හිමියෝ විසින් පිහිටුවා ගන්නා ලදී.
මෙම සංවිධානයේ නමේ තේරුම වන්නේ, පළමු නවයේ ඉලක්‌කමෙන් බුදු ගුණ නවයද ඊළඟ හයේ ඉලක්‌කමෙන් ධර්මයද, අවසාන නවයේ ඉලක්‌කමෙන් සංඝයා ද ලෙසය. විරාතු හිමියන්ගේ චෝදනාවේ පදනම වන්නේ සංස්‌කෘතිය, ශිෂ්ඨාචාරය ගොඩනැඟූ ජාතියට පිටින් පැමිණි පිරිසක්‌ කරන හිරිහැර සම්බන්ධය.
++++969 සංවිධානයේ පරමාර්ථ ලෙස එහිදී ප්‍රකාශයට පත් කරන ලද්දේ ++
1- සද්ධර්මය සදාචාරය වර්ධනය හා ඉගෙනිමට පහසුකම් සැලැස්වීම
2- බුදු දහම ප්‍රා යෝගිකව පිළිපැදීමට උනන්දුව ඇති කිරිම හා ඇති කරවීම
3- ප්‍ර දේශවාසී බොදු ජනතාව අතර සමගිය හා සහයෝගය දියුණු කිරිම
4- බෞද්ධයන් තුළ සදාචාර,සංස්කෘතික, ශාරිරික හා සමාජමට සංවර්ධණ ප්‍රගුණ කිරිම
5- බුදු සමය සුරැකීම සහ වර්ධනය කිරිම
6- බෞද්ධයන් අන්‍ය ආගමිකයන්ගෙන් මුදවාගැනීම
7- බෞද්ධයන් සතු නිශ්චර,චංචල දේපල ආරක්ෂා කිරිමට හා රැකගැනීමට උදව් කිරිම;
8- අකර්මණ්‍ය හා විනාශවෙමින් පවතින සිංහල ව්‍යාපාර නගා සිටුවීම ආරක්ෂා කිරිම හා නව නිෂ්පාදන සදහා යොමු කිරිම
9- ස්වාභාවික සම්පත් හා පරිසරය ආරක්ෂා කිරිම
10- කෘෂි ජිවනෝපාය නගා සිටුවීම හා ගව සම්පත ආරක්ෂා කිරිම
11- සිංහල බෞද්ධයන්ට සිදුවන අසමාන හා අසාධාරණතාවයන්ගෙන් වළක්වා ගැනීම
12- සාමාජිකයාගේ දුෂ්කරතා වලදී මුල්‍ය ආධාර පිරිනැමීම වේ.
“ 969 හොළ සදහම් සංවිධාන“ මහියංගණ - නිළධාරි මණ්ඩලය ලෙස, සභාපති පුජ්‍ය අම්බාලේ රතන හිමියන්ද, උප සභපති ඊ එච් එම් එම් සමන් මහතාද, ලේකම් පුජ්‍ය අලුකැටියාවේ සිලවංශ හිමියන්ද,උප ලේකම් ලෙස ඉශාන්ත දිසානායකද,
භාණ්ඩාගාරික සම්පත් ඒකනායක ,ප්‍රදාන සංවිධායක එම් ඒ සි ප්‍රියදර්ශන, ප්‍රධාන අනුශාසක කන්ද කැපු උල්පත හොබරියාවේ රතන හිමියන් හා කේ පී එස් ගුණවර්ධන යන අය කරටයුතු කරනු ලැබේ..

































No comments:

Post a Comment