Saturday, July 2, 2016

රිදීමාලියද්දේ ගම්මාන රැසකට වන අලි තර්ජන

රිදීමාලියද්දේ ගම්මාන රැසකට වන අලි තර්ජන
July 2, 2016 04:52 pm
බදුල්ල, රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කිහිපයකට වන අලි තර්ජනය දැඩිව බලපා ඇති බව ප්‍රදේශවාසින් පවසයි.
රාත්‍රී කාලයේ වන අලි විසින් වගා බිම් විනාශ කිරීම හේතුවෙන් සිය ජිවනෝපාය සිදු කරගෙන යැමට නොහැකි බව ඔවුන් කියයි.
රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාපාකඩවැව, 15 කණුව, කිරිමැටිය, ගලහිටියාව, රදාපැලැස්ස, බුබුල, සියඹලේයාය, වාඩියාගම ඇතුලු ගම්මාන කිහිපයකට මෙම වන අලි තර්ජනය දැඩිව බලපා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදාල බළධාරින් අවස්ථා කිහිපයකදී දැනුවත් කළ ද ඔවුන් මෙතෙක් ඊට නිසි පියවර ගෙන නොමැති බව ප්‍රදේශවාසීන් පවසයි.

No comments:

Post a Comment