Saturday, July 2, 2016

පොලිසිය සමග පැවති සාකච්ඡාව අසාර්ථකයි - අද (22) විසදුම් නොලැබුනහොත් හෙට සිට මාරින්තික උපවාසයේ හිමිවරු පවසති.

 2016-06-22 ප.ව. 12:45
පොලිසියට විරුද්ධව මහියංගන නගරයේ උපවාසයේ නියුතු හිමිවරු වෙනුවෙන් සහය ඵල කිරිම සදහා බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහියංගනයට ඊයේ (21) සවස 4.00ය පමණ වැඩමකරනු ලැබුවා. 
ඉන් අනතුරුව 7.00ට පමණ පොලිසිය හා මහා සංඝරත්නය අතර සාකච්ඡාවක් මහියංගන පොලිස්ථානයේදී පැවැත් වු අතර ඒ සදහා ඥාණසාර හිමියන් හා පොලිසියේ ඉහල නිළධාරින් සහබාගි විය. එහිදි පාර්ශව දෙකට එකගතාවයක ඒමට නොහැකි වු අතර පොලිසියේ ඉහල නිළධාරින් මහාසංඝරත්නය හට දැනුවත් කර ඇත්තේ අද (22) දිනයේදි ගැටලුව සදහා සහන දායි පිළිතුරක් ලබාදීමට කටයුතු කරනා බවයි.
ගැටලුවට විසදුමත් නොලැබීම හේතුවෙන් මේ දක්වා මහියංගන නගරයේ සත්‍යග්‍රහය අඛන්ඩව ක්‍රියාත්මකව පවති. “අද විසදුම් නොලැබුනහොත් හෙට සිට අපි මාරාන්තික උපවාසයට පිවිසෙනවා“ සත්‍යග්‍රහයේ නිරත හිමිවරු මාධ්‍ය වෙනුවෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.




No comments:

Post a Comment