Thursday, November 28, 2013

ජාතික ශීෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ ආහාර විෂවී 81 රෝහලට

ජාතික ශීෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ ආහාර විෂවී 81 රෝහලට

2013-11-27 ප.ව. 6:11
රංදෙනිගල ජාතික ශීෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ (26දින ) රාත්‍රි ලබාදුන් ආහාර වේල විෂවී ශීෂ්‍ය භට පුහුණුව සදහා පැමිණි පාසැල් ළමුන් 56 ක් හා පුහුණු මධ්‍යස්ථානයේ කා...ර්ය මණ්ඩලයේ 25ක් ඇතුලු 81 ක් මහියංගන මුලික රෝහලට අද (27) උදැසන ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.
ශීෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ (26දින ) රාත්‍රි ලබාදුන් ආහාර වේලෙහි අඩංගු සෝයාමීට් මෙලෙස විෂ වී ඇති බවට අනුමාන කරන බවට රෝගාතුර වු අය පවසන අතර ඒවා තිත්ත රසයකින් වු බවත් ඒ පිළිබද ළමුන් දැන්වු බවත් එය ගනන් නොගත් බවත් බඩගිනි නිසා එම කෑම කෑ බව රෝගී දරුවන් පවසනවා. ඒ වගේම කැම පිළියෙල කරන ස්ථානයේ අපිරිසිදු බව හා කෑම පිළියෙල කරන කාර්ය මණ්ඩලයේ ඇදුමේ අපිරිසිදු කම දකින කිසිවෙකුත් එහි ආහාර ගැනිමට පිරියක් ඇති නොවන බවටත් බත් පිගානේ තිබෙනා බත් ඇට ප්‍රමාණයට වඩා වැඩියෙන් මැස්සන් බෝජනාගාරයේ සිටිනා බවට රෝගි දරුවන් චෝදනා කරති. ඒ වගේ ම කුස්සියේ බිමද ඉතාමත් අපිරිසිදු බවත් බොහෝ ස්තාන සිමෙන්ති කැඩි ඇති බවත්, පසුගිය දින කිහිපයේ පැමිණි නවක නිළධාරියා විසින් සිමෙන්ති දමා පිළියෙල කල බවත් තවත් බොහෝ අඩුපාඩු ඇති බව දරුවන් පවසනවා.
මහියංගන මුලික රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි අයගෙන් 11 දෙනෙක් අද (27 දින) සවස් වන විටත් මහියංගන මුලික රෝහලලේ 3වාට්ටු හා 4 වාට්ටුවල නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි. අනෙක් සියලු දෙනා බාහිර රෝගී ප්‍රතිකර අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
See More
  








අනේ අපිට පිහිට වෙන්න දඹාන ආදිවාසී ගම්මානයේ ආබාදිත පුද්ගලයෙක් සිටින පවුලක් හැකි කෙනෙකුගෙන් සහය පිහිට පතයි.


අනේ අපිට පිහිට වෙන්න - දඹාන ආදිවාසී ගම්මානයේ ආබාදිත පුද්ගලයෙක් සිටින පවුලක් හැකි කෙනෙකුගෙන් සහය පිහිට පතයි.

11/26/2013 1:10 PM
දඹාන ආදිවාසී ගම්මානයේ වතුයාය, උලුකැටන්ගොඩ ගම්මානයේ ජීවත් වන ආදිවාසී පරම්පරාවේ ඌරු වරිගයේ ගුණපාල (වයස32) උපතින් ආ...බාදිතය තරුණයා රැකවරණය ලබාදෙමින් ආරක්ෂා කරමින් සිටිනා ඔහුගේ නැගනිය තම පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තම දරුවන් දෙදෙනා ද ජීවත් කරමින් ස්ථිර රැකියා නොමැති තම සමියාට හා තමාට පිහිටක් විය හැකි රටේ පිං කැමති සියලු දෙනාගෙන් පිහිටක් වන ලෙස ඉල්ලා සිටී.
උපතින් ආබාදිතය ඌරු වරිගයේ ගුණපාල දරුවන් 06 දෙනෙකු සිටිනා පවුලේ පවුලක වැඩිමහල් පිරිමි සෙහෝදයෙක් වන අතර මීට මාස 3කට පෙර වන තුරුම ඔහුට ආහාර පාන ලබාදෙමින් සියලු උපස්ථාන කටයුතු සිදු කර ඇත්තේ ඔහුගේ මව විසින් වීමත්, මව වන ඌරු වරිගයේ හුදී මීට මාස 3කට ඉහතදී මියගේස් ඇති අතර පියා මීට වසර 12කට පෙර මියගොස් ඇත.
මව මිය යාමෙන් පසු ආබාදිතය ඌරු වරිගයේ ගුණපාල බලා ගැනීමට ඔහුගේ සහෝදරයන් හා සහෝදරියන් කිසිවෙක් ඉදිරිපනත් නොවී ඇති අතර ඒ වෙන කිසිවෙන් නිසා නොව දඹාන ගම්මානයේ පවතින දැඩි ආර්ථික දුෂ්කර තා හේතුව නිසාවෙනි. ආදිවාසි ගම්මාන වල ජීවත් වන වැසියන්හට ස්ථිර ආදායම්මාර්ග නොමැති කමින් ඔහුන්ගේ පවු‍ලේ සාමාජිකයන් හා ඔහුන්ගේ දරුවන් ද ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පිඩාවට පත්වෙමින් සිටී.
අවසානයේ උපතින් ආබාදිතය ඌරු වරිගයේ ගුණපාල රැකවරණය ලබාදීමට ඔහුගේ එක් නැගනියක් වන ඌරු වරිගයේ කුසුමාවතී (28) ඉදිරිපත් වී ඇති අතර ඇයද දරුවන් දෙදොනකු සිටිනා මවක් වන අතර සැමියාටද ස්ථිර ආධායම් මාර්ගයක් නොමැති අතර කුසුමාවතී දඹාන ගම්මානය වෙත පැමිනෙන සංචාරකයන් හට විකිනීම සදහා විසිතුරු භාන්ඩ වන මුදු, කී කිරිදිය ඇට කූඩා සැදිමෙන් යන්තම් පව්ල සරි කරන අතර තම නිෂ්පාදන පවා අලෙවි කිරිමට පිටතට යැ මේ නොහැකියාවක් ගෙදර සිටිනා ආබාදිත සහෝදරයා නිසා උදා වී ඇත.

ඒ ආබාදිත සහෝදරයා හට සාත්තු සප්පායම් කිරිමට ඔහු ලගටම වී සිටිමට සිදු වීම නිසයි.
කාමර දෙකක් වැනි කුඩා මැට්ටෙන් තැනු කාමර 2ක කුඩා නිවසක පුද්ගලයන් 06කට ආබාධිත තම සහෝදරයා සමග ජිවත්ව සිටිමට සිදුව ඇති අතර නිවසේ ඇති අඩුපාඩු කමින් හා ඔහුන් ගේ ආර්ථික දුෂ්කර තා හේතුවෙන් අසරණතාවයට පත්ව ඇති මෙම පවුලට රටේ සිටිනා පිං කැමති ධානපතියෙකුගෙන් යම් පිළිසරණක් ලබා දෙන ලෙස අසරණ ආදිවාසී පවුල ඉල්ලා සිටී.
See More







Sunday, November 24, 2013

නිවසක් බිද ලක්ෂ 6ක රන් බඩු කොල්ල කෑ පුද්ගලයන් අල්ලයි.

11/24/2013 6:26:06 PM
මහියංගන පදියතලා මාර්ගයේ 46 1/2 ප්‍රදේශයේ 22 දින දහවල් නිවසක් බිද නිවයේ තිබු ලක්ෂ 6කට ආසන්න වටිනා රන් ආබරණ කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනෙකු මහියංගන පොලිසිය මගින් 23 ස...වස අත් අඩගුවට ගෙන ඇති අතර සොරකම් කරන ලද රන් බඩු හා අනෙක් ද්‍රව්‍යද පැය 24ක් ඇතුලත සොයාගැනීමට සමත්ව ඇත. නිවසේ පුද්ගලයන් රැකියාවට ගොස් සිටියදී දහවල් නිවසට ඇතුලු වී මෙම සොරකම කර ඇත.
මෙම සොරකම් කල රන් ප්‍රමාණයේ බර පවුම් 13ක් වන අතර රන් මාල 5ක් මුදු 7ක් බේස්ලට් 01ක් පෙන්ඩන් 01ක් රුපියල් 40000ක් වටිනා කම ඇති ඩිජිටල් කැමරාවක් හා කාසි පිරවු කැට දෙකක් ජන්ගම දුරකතන 4ක් රුපියල් 1000 සැමරුම් කාසි කිහිපයක් සොරකම් කල බඩු අතර වන අතර වේ.
සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ අධික්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතාගේ හා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි එස් චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන් පො.සැ 22386 බංඩාර, පො.කො. 38588 සම්පත්, පො.කො. 13768 අමරසුරිය, පො.කො. 33470 කුසුම්සිරි, පො.කො. 4432 බස්නායක, පො.කො. 63737 දනපාල, කාන්තා පො.කො. 2315 නිලුකා යන පොලිස් නිළධාරින් මෙම සොරකම සෙම්බන්දයෙන් පරික්ෂණ සිදු කර ඇත.

අත් අඩංගුවට ගත් පුද්ගලයන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු හමුදා සේවයේ යෙදි සිට සේවයෙන් පලා ආ පුද්ගලයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ



 

මහියංගන ප්‍රා.සභාපතිගේ බිරිය දුම්රියට පනී

http://www.mawbima.lk/34-42408-news-detail.html
ප්‍රේමලාල් රත්නායක

මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ බිරිඳ දුම්රියට පැන සිය දිවි හානි කර ගෙන තිබේ.
...
පවුල් ආරවුලක් මත තිදරු මවක වන ඇය මෙලෙස දිවි හානි කර ගෙන ඇති බව වාර්තා වේ.

නාවලපිටිය සිට බලා ධාවනය වෙමින් තිබු දුම්රියකට අද දහවල් මුල්ගම්පොළ ප්‍රදේශයේදී පැනීමෙන් මෙම කාන්තාව මෙලෙස දිවි හානි කර ගෙන තිබේ.
 
--------------------------------------------
 
මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.එම්. සුනිල් නැමිති අයගේ බිරිඳ වූ විජේරත්න පොඩිමැණිකේ මහත්මිය බ්‍රහස්පතින්දා (21) උදේ මහනුවර, සුදුහුම්පොළදී දුම්රියට පැන සියදිවි නසා ගෙන තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් ඇය සියදිවි නසාගෙන ඇතැයි සැක කෙරේ. 41 හැවිරිදි ඇයට ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටී.

මහියංගනයේ සිට මහනුවර පැමිණි ඇය කොළඹ සිට මහනුවර බලා දිවෙන දුම්රියට පැන තිබෙන බව මහනුවර පොලිසිය පවසයි. මේ වනවිට ඇගේ දේහය මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මියගිය පොඩිමැණිකේ මහත්මියගේ සැමියා වන සුනිල් නැමැති අය මහනුවර රෝහල වෙත පැමිණ සිටී. මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගයා වන්නිආරච්චි  - මහනුවර

Thursday, November 7, 2013

මහියංගනයට ජලසම්පාදනයෙන් නිරන්තර ජලය නොලැබි ගැටලු රැසක් ඇතිවේ - රෝහල් සේවා අඩාලයි - පාසැල් ළමුන් අමාරුවේ

11/6/2013 11:52 PM
මහියංගන නගරය හා අවට ගම්මාන සදහා මහියංගන ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අයත් ජල පවිත්‍රාගරය මගින් පසුගිය මාසකිහිපය තුලදී අවස්ථාවන් ගනනාවක් දින 2 - 4 නොදන්වා ජල සැපයුමු අත්හිටුවීම මගින් ජනතාව / ගම්වාසින් නගරවාසින් මහත් පිඩාවකට පත්ව සිටී. නැවතත් 5 දින සිට අද (06) යන දින දෙකේ මුලු ප්‍රදේශයටම ජලය නොලැබීමෙන් මහියංගන ජනතාවගේ සාමාන්‍ය ජන ජිවිතය අඩල වී ඇත. නිරන්තර මේ සිදුවන ජල අත් හිටුවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මහත් පිඩාවට පත්වී සිටි.
විශේෂයෙන් මහියංගන ප්‍රදේශයේ මහියංගන මුලික රෝහලේ ශල්‍යකර්ම ජලය නොමැති කම නිසාම අත්හිටුවා ඇත. මාස ගනනක් පොරොත්තු ලේකනයේ රැදි සිටිමින් රෝහල වෙත අදාල දිනයන්හිදී පැමිනෙන රෝගින් ශල්‍ය කර්ම සදහා පැමිණියත් නොදන්වා ජල අත් හිටු විම හේතුවෙන් නිරන්තර සියලු ශල්‍යකර්ම අත්හිටුවිමට සිදුවිමෙන් රෝගින් මෙන්ම වෛද්‍යවරුන්හටද මහත් අපහසු තාවයට පත්ව සිටි. නේවාසික රෝගින් හට වැසිකිලියාමට නොහැකිව තිබිම හා රෝහලේ පවිත්‍රතාවය පවත්වාගෙන යාමට නොහැකි විම විශාල ගැටලු වක්ව පවති. දන්ත ශල්‍යාගාරයේ වැඩ කටයුතුද සම්පුර්ණයෙන් අඩාල වී ඇති බව එහි සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් පවසති. ජල සම්පාදනය මගින් බව්සර් කිහිපටක් මගින් ජලය ලබාදුන්නද රෝහල් ජල අවශ්‍යතාවයට කිසිසේත්ම එය නොසැහෙන බව රෝහල් කාර්ය මණ්ඩලය පවසනවා. එමෙන්ම එම බව්සර් මගින් රෝහලේ ඉහල ටැංකි සදහා පොම්ප කිරිමට නොහැකි විම ගැටලුවට තාවකාලික විසදුමක්ද ලබාදීමටද ගන්නා උත්සාහයන්ද අසාර්ථක බාවයට පත් කර ඇත.
මහියංගන ජාතික පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් 4000ක් පමන ජලය නොමැතිකමින් පිඩාවට පත් වී ඇත. කැම වේලාවන් හිදි පාසැල ඉදිරිපිට ඇති ජල සම්පාදන මණඩල ගොඩනැගිල්ල වෙත ජලය සොයා නිරන්තරයෙන් පාසැල් දරුවන් පාර පැනිම අනතුරකට අත වැනිමක් වන අතර ගැටලුවට විසදුමක් කඩිනමින් ලබා දෙන ලෙස දරුවන්ගේ දෙමාපියන් වගකිවයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටි.
මහියංගන නගරයේ වෙළෙදසැල් ද පවත්වාගෙන යැමට නොහැකිව ඇති බවට වෙළෙදසැල් හිමියන් චෝදනා කරති.
මහියංගන ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අයත් ජල පවිත්‍රාගර මේ වන විට ජල පොම්ප 3ක් පිච්චී ඇති බවට ආරංච් වන අතර අමතර පෙම්පද ඒ අතර වන බව ආරංචි මාර්ග සදහන් වේ. මේ හේතුව නිසා ජල ගැටලුවට කඩිනමින් විසදුම් නොදීමට හේතුවී ඇති බව ආරංචිවේ.
මහියංගන ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අයත් ජල පවිත්‍රාගරයේ මේ පිළිබද විමසීමේදී පැවසුවේ ජල පොම්ප අක්‍රිය විම මෙයට හේතුව බවත් මහවැලි ගගේ ජල පොම්ප ඇති පැත්තට විරුද්ද දිශාවෙන් ජලය ගලා බැසීමත් ගගේ ජල මට්ටම වෙනස්වීම මෙම ගැටලුවට හේතුව බවත් කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන බවත් ජලය ලබා ගැනිම සදහා අලුත් නළ ලිදක් හෑරිම මේ වන විටත් ආරම්භ කර ඇති බව පවසා සිටියා.

පංච පුද්ගලයේ ඝාතනයේ සැකකරු එළි වන විට කූඩුවේ ත්‍රිරෝද රියේ ණය බේරන්න මිතුරාත් මරයි

2013 නොවැම්බර් මස 06 18:04:59 | . , උපාලි ආනන්ද අනුරාධපුර විහාරහල්මිල්ලෑ‍වේ සිට

හසලක ඉඩමක් විකිණු මුදල් රැගෙන අනුරාධපුර විහාර හල්මිල්ලෑවට ආ පිරිසෙන් පස් දෙනකු මහ රෑ මන්නයකින් කපා මරා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් සොරාගෙන ගිය හිටපු හමුදා සෙබළෙක් පැය ‍12 ක් යන්නටත් පෙර අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනුරාධපුරයේ දහයියාගමදී කොළ කැඳත් බී බසයෙන් හසලකට ගිය ඔහු නබ්බුකාර ගමගේ ජගත් කුමාරයි .ඔහු බකමුණේ පදිංචි කරුවෙකි.
ඔහු ඒ වන විට රුපියල් අසුපන්දාහක් වැය කර රන් මාලයක් හා අත් පළදනාවක්ද මිලට ගෙන ඇත. ඔහු ළග රුපියල් එක්ලක්ෂ තිස්හත්දහසක් ඉතිරිව තිබු බවත් ඝාතනයට පෙර ඔහු මත් පැන් බී සිටි බවත් පොලිසිය පවසයි .
ඝාතකයා බව කියන ජගත් කුමාර හසලක ප්‍රදේශයේ සිය හිතවතකු වන ප්‍රියන්ත සමග ඔහුගේ නිවසට පැමිණ රාත්‍රියේ මත් පැන් බී ඇතැයි ද මුලින්ම මරා දමා ඇත්තේ ප්‍රියන්තගේ මව බවද කියති.ඉඩම විකුණා හසලකින් ගෙන ආ මුදල් සොරකම් කිරීම ඝාතකයාගේ අරමුණ වී ඇත.
හිටපු හමුදා සෙබළා දස අතේ ණය වී ත්‍රිරෝද රියට වාරිය ගෙවා ගැනීමට නොහැකිව සිටි බවද පොලීසිය කියයි.
මන්නයෙන් කොටා මහ රෑ පස් දෙනා මරා මුදල් ද ගෙන මිතුරාගේ කමිසයක්ද ඇද ගෙන ඔහුගේම පා පැදියෙන් ටික දුරක් ගොස් බසයෙන් හසලකට ගිය ද පොලීසිය ඔහු අල්ලා ගත්තේය.
මුදල් සොරකම ඔහුගේ එකම අරමුණ වුවත් මිතුරාගේ මව මරද්දී මිතුරාද ඔහු මරද්දී සෙසු අයද අවදි වීම නිසා සාක්කි ඉතිරි නොකිරීමට ඔහු මේ අපරාධය කරන්නට ඇතැයි පොලීසිය කියයි.ඒත් සාක්කියක් ඉතිරි වී ඇත

"සල්ලිවලට කෑදරකමක්‌ හිතුණා.." 'පස්‌ දෙනාම මැරුවේ මම' හසලකදී කොටු වු අනුරපුරේ ඝාතකයා පාපොච්චාරණය කරයි

2013-11-07 8.47 පෙ.ව.
හේමන්ත රන්දුණු සහ පර්සි කුරුනේරු

"සල්ලි ගැන ලොකු කෑදරකමක්‌ හිතිච්ච නිසා ගෙදර මිනිස්‌සු සේරටම කොටලා ඒ අය මරල දාලා සල්ලි ටිකත් අරගෙන පැනල ගියා" ය යි අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක සිටි මව, පුතා, දියණිය ඇතුළු පස්‌දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මෙම ඝාතන සියල්ල තමන් තනිවම කළ බවත් ඊට කිසිවකුත් හවුල් නොවූ බවත් සැකකාර 30 හැවිරිදි නම්බුකාරගමගේ ජගත් කුමාර නමැති ලොරි සහායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම සැකකරු ඝාතනයට ලක්‌වූ ප්‍රියන්ත නමැත්තාගේ සමීපතම මිතුරා බව පොලිසිය පවසයි. මොහු ප්‍රියන්ත සහ ඔහුගේ මව සමඟ ලොරියේ බඩු පටවාගෙන පැමිණි පුද්ගලයාය.

පොලිසිය හමුවේ තවදුරටත් පාපොච්චාරණය කරමින් සැකකාර ජගත් කුමාර නමැත්තා මෙසේද කියා තිබේ.

ප්‍රියන්තයි එයාගෙ අම්මයි අනුරාධපුරෙන් ඉඩමක්‌ ගන්නයි ආවේ. මහියංගනයේ ඉඳලා එනකොට ඒ ගැන කියව කියව ආවා. ලක්‍ෂ ගාණක්‌ සල්ලි ඒ අය ළඟ තියෙන බව මම දැනගත්තා.

හොඳින් හරි නරකින් හරි ඒ සල්ලි ගන්නව කියලා මම හිතුවා. එදා පාන්දර 2.00 ට විතර මම ගේ ඇතුළෙ ඇවිදලා සල්ලි හොයද්දී ගෙදර අයිති ගෑනු කෙනාට ඇහැරුණා. කරන්න දෙයක්‌ නැති තැන මම කුස්‌සියෙ තිබුණ මන්නෙන් එයාට කෙටුවා. ඊට පස්‌සේ අනිත් අයටත් කෙටුවා යෑයි සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම ඝාතන සඳහා මියගිය සොහොයුරියන් දෙදෙනාගේ බාලසොයුරා සහ එක්‌ සොහොයුරියක්‌ද මිලට ගැනීමට සූදානමින් සිටි ඉඩමේ හිමිකරුද සම්බන්ධ බවට ජගත් කුමාර නමැති සැකකරු කලින් කළ ප්‍රකාශය අමූලික බොරුවක්‌ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මෙම පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජගත් කුමාර යුද හමුදා 10 ගැමුණු බළකායේ වසර 3 ක කාලයක්‌ රාජකාරි කර මීට වසර 6 කට උඩදී ඉන් පලා ගිය අයෙකි.

මාතලේ ලග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු ලොරි සහායකයකු ලෙස හසලක ප්‍රදේශයේ සේවය කළේය.

ඝාතනයට ලක්‌වූ ප්‍රියන්තගේ සමීපතම මිතුරා වන මොහු ඒ හිතවත්කම මත අනුරාධපුර ගමනට එක්‌වී ඇත. ප්‍රියන්ත සිය මව සමඟ මහියංගනයේ ඉඩකඩම් විකුණා අනුරාධපුරයට ගොස්‌ ඇත්තේ ජගත් කුමාර සේවය කරන ලොරි රථයෙන්ය. ප්‍රියන්තගේ මවගේ බාල සොහොයුරියගේ නිවසේ ඔවුන් එදින රාත්‍රිය ගතකර තිබේ.

ප්‍රියන්ත සමඟ පැවැති හිතවත්කම මත සැකකරු අජිත් කුමාර අනුරාධපුර විහාරහල්මිල්ලකුලම නිවසේ එදින රාත්‍රිය ගත කර තිබේ. සැකකරුගේ අරමුණ වී තිබුණේ එදින රාත්‍රිය එම නිවසේ ගතකර කෙසේ හෝ මුදල් කොල්ලකෑමටය.
අලුයම 2.00 ට පමණ සැකකරු නිවස පුරා ඇවිදිමින් සඟවා ඇති මුදල් සොයා ඇත. ඒa අවස්‌ථාවේ නිවසේ සිටි පියදාසගේ බිරිඳ අවදි වී තිබේ. එහිදී කලබලයට පත්වී ඇති සැකකරු කුස්‌සියේ තිබූ මන්නා පිහියකින් නිවස හිමිකරුගේ බිරිඳට සහ ඇගේ දියණියට කොටා ඇත.

ඇය විලාප නගන ශබ්දයට ඇගේ වැඩිමහල් සොහොයුරියද (මහියංගනයේ සිට පැමිණි කාන්තාව) අවදි වී තිබේ. එහිදී සැකකරු ඇයටද පිහියෙන් පහරදී මරාදමා තම මිතුරාවන එම කාන්තාවගේ පුත්‍රයා ප්‍රියන්තද කපාකොටා මරාදමා ඇත.

පසුව යාබද කාමරයේ සිටි නිවස හිමි පියදාසටද මන්නා පිහියෙන් පහරදී කපාකොටා ඔහුගේ පුත්‍රයාද කපා ඝාතනය කර තිබේ. පසුව නිවසේ සඟවා තිබූ රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ සහ රන් භාණ්‌ඩ කීපයක්‌ද සොරාගත් සැකකරු පියදාසගේ 13 හැවිරිදි දියණිය (ඝාතනයට ලක්‌වූ) පාසල් යන පාපැදියේ නැගී අනුරාධපුර දහයියාගම හන්දියට පැමිණ ඇත.

අලුයම 4.00 පමණ එහි පැමිණි සැකකරු පාපැදිය හන්දියේ වෙළෙඳසලක්‌ අසල තබා කුලී ත්‍රිරෝද රථයකින් අනුරාධපුර නවනගරයට ගොස්‌ තිබේ.

පසුව මොහු බස්‌ රථයකින් හෙට්‌ටිපොල ප්‍රදේශයට පැමිණ ඇත. එහිදී රන් ආභරණ අලෙවි සලකින් රුපියල් අසූදහසක්‌ ගෙවා රන් මාල හතරක්‌ මිලයට ගත් සැකකරු පසුව බස්‌ රථයකින් හසලක ප්‍රදේශයට ගොස්‌ තිබේ.

මෙම පංචපුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි. මෙම ඝාතන සිදුකර පලාගොස්‌ සිටි සැකකරුට බකමුණ පොලිසියේ රථවාහන නඩුවක්‌ තිබෙන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම සැකකරුගේ ලිපිනය ඇතුළු තොරතුරු බකමුණ පොලිසිය මාර්ගයෙන් සොයාගැනීමට හැකිවිය.
එම තොරතුරු මත පොලිසිය හසලක ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

එහිදී සැකකාර අජිත් කුමාර ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතන මියගිය කාන්තාවන් දෙදෙනාගේ බාල සොහොයුරු සහ ඉඩම විකිණීමට සිටි පුද්ගලයා විසින් කළ බවයි. ඔවුන් ඝාතන සිදුකරද්දී තමා ඔත්තු බැලූ බවද අජිත් කුමාර ප්‍රකාශ කර ඇත. කොල්ලකන ලද ලක්‍ෂ හයක පමණ මුදල් තිදෙනාම බෙදාගත් බවද පොලිසියට පවසා තිබේ.

ඒ අනුව ඝාතනයට ලක්‌වූ කාන්තාවන් දෙදෙනාගේ සොහොයුරා සහ ඉඩම විකිණීමට සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
එහෙත් සැකකාර අජිත් කුමාර අනුරාධපුරයට රැගෙන ගොස්‌ ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී මෙම පංචපුද්ගල ඝාතනය තමන් විසින් කළ බව පිළිගත්තේය.

ඝාතන සිදුකර සැකකරු පලාගිය පාපැදියද පොලිසිය සොයාගත් අතර එහි ලේ පැල්ලම් කීපයක්‌ද තිබූ බව පොලිසිය පවසයි.
අවිවාහකයකු වන සැකකාර අජිත් කුමාර නමැත්තා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

මෙම පංච පුද්ගල ඝාතනය සිදුවී පැය 24 ක්‌ ගතවීමට පෙර එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන කොල්ලකන ලද මුදල් සහ රන් ආභරණද සොයාගෙන ඝාතනවල සුලමුල අනාවරණය කරගැනීමට පොලිසිය සමත්වීම විශේෂත්වයකි.

උතුරු මැද ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂක ප්‍රභාත් ගාල්ලගේ ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

Wednesday, November 6, 2013

අපි ආසයි ඉගෙන ගන්න - ගුරුවරයෙක් අපිට දෙන්න - හසලක මහඅස්වැද්දුම ප්‍රාථමික දරුවන් පාරට බසී

2013-11-06 6:02 ප.ව.
හසලක මහඅස්වැද්දුම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් හට අකුරු කරවීම සදහා පාසැලේ උග්‍ර ගුරු හිගයක් පවතින බව පවසමින් දෙමාපියන් හා පාසැලේ දරු දැරියන් හසලක නගරයේ මිනිපේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට හසලක - මහනුවර ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක නියැලුන අතර මහා මාර්ගයේ ගමනා ගමනයද නවතා දමනු ලැබුවා.
හසලක මහඅස්වැද්දුම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 140ක් ඉගෙනුම ලබන අතර දැනට ගුරුවරු 3ක් සේවය කරති. ගුරුවරු අඩුම තරමින් 8ක් වත් සිටිය යුතුය. 2 හා 3 ශ්‍රේණි සදහා ගැරුවරු ඇත්තේම නෑ. මේ වසර තුලදී පමණක් විදුහල් පතිගේ අවසරයකින් හා අනුමැතියකින් තොර දේශපාලකයන් මාර්ගයෙන් ගුරුවරු 4ක් මාරුවීම් හදාගෙන ගොස් ඇතර ඒ සදහා ගුරුවරු නැවත පැමින නැති බවට දෙමාපියන් චෝදනා කරති. එම ගම්මානයේම කාන්තාවක් වසර 8ක් ස්වෙච්චාවෙන් දරුවන් හට අකුර කරවුවද ඇයගේ රැකිවාවද තවම ස්ථිර කර නොමැති බවට එම කාන්තාව චෝදනා කරති.
හසලක පොලිසිය මැදිහත් වි මාර්ගයේ ගමනාගමනය යතාතත්වයට පත් කර විරෝදතාවයේ යෙදී සිටි දෙමාපියන් හා දරුවන් මාර්ගයෙන් ඉවත් කරනු ලැබුවා.
දෙමාපියන් හා දරුවන් මාර්ගයෙන් ඉවත් වී සිය ඉල්ලිම් ලබා දෙන තුරු ඉවත් නොවන්නේ යැයි පවසමින් විරෝධතාවයේ යෙදුනි. හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතා මැදිහත් වි තෙල්දෙනිය කලාප අධාපන අධ්‍යක්ෂක දුරකථනයෙන් සම්බන්ද කර දී දෙමාපියන් හා කථා කරන්නට සලස්වා ගැටලුව සම්බන්දයෙන් දැනුවත් කරනු ලැබුවා.
ඒ අනුව අවසානයේ එක ගුරුවරයෙක් ලබාදෙන බවට තෙල්දෙනිය කලාප අධාපන අධ්‍යක්ෂක පොරොන්දු වීමෙන් දෙමා පියන් හා දරුවන් විසිර ගියා. එසේ උවද තවත් ගුරු වරු හිගය පවතින බවත් ඒ ගුරුවරු කඩිනමින් නොලැබුනහොත් මෙවන් ම ආකාරයේ විරෝදතාවයකට දරුවන් සමග පාරට පැමිනෙන බව පවසමින් දෙමාපියන් විසිර ගියහ

අනුරාධපුර පංච පුද්ගල ගාතනයේ ප්‍රධාන සැක කරු ඊයේ සවස හසලකදී පොලිසියට කොටු වේ

රුපියල් ලක්‍ෂ 3කට පවුලක 5 ක්‌ මරා දමා රජරටම කම්පා වේ
පියාත් බරපතළ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබයි
11/6/2013 8:09 AM
හේමන්ත රන්දුණු සහ පර්සි කුරුනේරු

අනුරාධපුර-පුත්තලම පාරේ විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකට ඊයේ (05 වැනිදා) අලුයම ඇතුළු වී ඇති සාහසික පිරිසක්‌ එහි පදිංචිව සිටි මව, පුතා, දියණිය ඇතුළු පස්‌දෙනකු කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර පලාගොස්‌ ඇත.

සාහසිකයන්ගේ ප්‍රහාරයට ලක්‌වූ පියා ද බරපතළ තුවාල ලබා ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ලොරි රියෑදුරකු සහ සහායකයකු හසලක පොලිසිය මගින් ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සාහසික ඝාතන නිසා අනුරාධපුර ප්‍රදේශයම දැඩි කම්පාවට පත්ව ඇති අතර සිද්ධිය වූ ස්‌ථානය වෙත දහස්‌ ගණනින් ජනතාව පැමිණ සිටියහ.

මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ 40 හැවිරිදි පී. ඉඳුමිණි ශ්‍රියානි (මව), 23 හැවිරිදි කේ. ඒ. සුමිත් උදය කුමාර (පුතා), 13 හැවිරිදි කේ. ඒ. තක්‍ෂිලා කුමුදු කුමාරි (දියණිය) යන අය හා ඝාතනයට ලක්‌වූ ඉඳුමිණි ශ්‍රියානිගේ වැඩිමහල් සොහොයුරිය වූ 46 හැවිරිදි පේමදාසගේ ප්‍රේමාවතී, ඇගේ පුත්‍රයා වන 25 හැවිරිදි රාජපක්‍ෂගේ ප්‍රියන්ත යන අයයි.

මොවුන් දෙදෙනා මෙම සිද්ධිය වන අවස්‌ථාවේ ඉඳුමිණි ශ්‍රියානිගේ නිවසේ නවාතැන්ගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

සාහසිකයන්ගේ ප්‍රහාරයට ලක්‌ව බරපතළ තුවාල ලැබූ 47 හැවිරිදි කේ. ඒ. පියදාස මහතා (මියගිය ඉඳුමිණිගේ සැමියා) අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මුදල් කොල්ලකෑමේ අරමුණින් නිවසට ඇතුළු වූ පිරිසක්‌ මෙම කෲර ඝාතන කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින පියදාස මහතා අනුරාධපුර නගරයේ ව්‍යාපාරික ස්‌ථානයක සුළු සේවකයෙකි. ඔහු සිය බිරිඳ, පුත්‍රයා සහ දියණිය සමඟ අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇත.

විහාරහල්මිල්ලකුලම ගම්මානය පියදාසගේ බිරිඳ වන ඉඳුමිණිගේ උපන් ගම වන අතර ඇගේ ඥාතීහු බොහෝ දෙනෙක්‌ ඒ අවට පදිංචිව සිටියහ.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්‌ වූ ඉඳුමිණිගේ වැඩිමහල් සොහොයුරිය වන ප්‍රේමාවතී සිය පුත්‍රයා සමඟ මහියංගණය හසලක කොටියාපොල ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. ප්‍රේමාවතීගේ සැමියා හදිසියේ මියයැම නිසා ඇය සිය ඉඩම සහ නිවස රුපියල් තුන්ලක්‍ෂ පනස්‌දහසක මුදලකට විකුණා දමා පුත්‍රයා ද සමඟ අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයට පැමිණ ඇත්තේ එහි පදිංචිවීම සඳහාය.

එම ප්‍රදේශයෙන්ම රුපියල් ලක්‍ෂ තුනකට ඉඩමක්‌ ද මිලදී ගැනීමට සූදානම් කර ගෙන සිටි අතර අදාළ මුදල් ඊයේ (5 දා) ගෙවීමට නියමිතව සිට ඇත.

මොවුන් ඉඩකඩම් විකුණා දමා මහියංගණයේ සිට අනුරාධපුරයට පැමිණ ඇත්තේ පෙරේදා (04 වැනිදා) සවස්‌ කාලයේදීය.

ප්‍රේමාවතී සිය පුත්‍රයා ද සමඟ බඩු පටවාගෙන ලොරියකින් පැමිණ ඇති අතර ඒ බඩු සියල්ල මිලදී ගැනීමට සූදානම් කර තිබූ ඉඩම අසල නිවසක තබා ඇත.

පසුව ප්‍රේමාවතී සහ පුත්‍රයා විහාරහල්මිල්ලකුලමේ සිය නැගණියගේ නිවසේ නවාතැන් ගැනීමට ගොස්‌ තිබේ. මහියංගණයේ සිට බඩු පටවාගෙන ආ ලොරියේ රියෑදුරු සහ සහායකයන් දෙදෙනා ද ප්‍රේමාවතීගේ නැගණිය වූ ඉඳුමිණිගේ නිවසට ගොස්‌ ඇත්තේ රාත්‍රි ආහාර ගැනීම සඳහාය.

එදින එම නිවසේ පුංචි මත්පැන් සාදයක්‌ ද පවත්වා ඇත. ලොරියේ පැමිණි රියෑදුරු සහ එක්‌ සහායකයකු ආපසු මහියංගණය බලා යැමට පිටත්ව ඇත්තේ පෙරේදා (4 දා) රාත්‍රි 8.00 ට පමණය. මහියංගණයේ සිට පැමිණි ලොරියේ සිටි අනෙක්‌ සහායකයා එදින එම නිවසේ නතර වී ඇත්තේ පසුදා පිටත්ව යැමටය.

එදින රාත්‍රියේ එම නිවසේ මත්පැන් පානය කරමින් විනෝද වී ඇති පියදාස ඇතුළු පිරිස නින්දට ගොස්‌ ඇත්තේ රාත්‍රි 10.00 ට පමණය.

පසුදා එනම් ඊයේ (05 වැනිදා) අලුයම 6.30 ට පමණ ඉඳුමිණිගේ බාල සොහොයුරු එම නිවසට පැමිණ ඇත්තේ නිවස දෙසින් කිසිදු ශබ්දයක්‌ නැති නිසා එය පරීක්‍ෂා කිරීමටය.

ඉඳුමිණිගේ බාල සොහොයුරාගේ දෙහැවිරිදි පුත්‍රයා සෑම උදෑසනකම තම නිවසට රැගෙන ගොස්‌ එම දරුවා හුරතල් කර උදෑසන කිරි වීදුරුවක්‌ ලබාදීමටද පියදාස සහ ඉඳුමිණි පුරුද්දක්‌ ලෙස කරගෙන ගොස්‌ තිබේ.

එහෙත් ඊයේ (05 දා) අලුයම පියදාස හෝ ඉඳුමිණි දරුවා සුරතල් කිරීමට නොපැමිණි නිසා ඉඳුමිණිගේ සොහොයුරා ඉඳුමිණිගේ නිවසට පැමිණ ඇත.

ඒ අවස්‌ථාවේ ඉඳුමිණිගේ නිවසේ දොරවල් විවෘත කර තිබී ඇති අතර එහි ඉඳුමිණි, පියදාස ඇතුළු පිරිස බිම වැටී සිටිනු දැක ඇත. පසුව ඉඳුමිණිගේ සොහොයුරු සිය බිරිඳ සහ ප්‍රදේශවාසීන් සමඟ එක්‌ව නිවසට පැමිණ පරීක්‍ෂා කරද්දී එහි සිටි සියලු දෙනා බරපතළ කැපුම් තුවාල සහිතව සිටිනු දැක තිබේ.

නිවසේ කාමරයක වැටී සිටි පියදාස කෙඳිරිගාමින් සිට ඇති අතර ඔහු වහාම අනුරාධපුර රෝහලට ගෙනයැමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

එහි සිටි ඉඳුමිණි, ඇගේ දියණිය, පුත්‍රයා, සොහොයුරිය සහ සොහොයුරියගේ පුත්‍රයා ද ඒ වන විට ඝාතනයට ලක්‌ව සිට ඇත.

මේ පිළිබඳව අනුරාධපුර පොලිසිය වෙත දැනුම් දීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති අතර විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වහාම එහි පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ඝාතනයට ලක්‌වූ ඉඳුමිණිගේ සොහොයුරා පොලිසියට පවසා ඇත්තේ මහියංගණයේ සිට ලොරියෙන් පැමිණ නිවසේ නවාතැන් ගෙන සිටි සහායකයා සැක සහිත අන්දමින් හැසිරුණු බවයි.

මෙම සිද්ධියෙන් පසු එම ලොරි සහායකයා අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. පෙරදින රාත්‍රි මත්පැන් සාදය පැවැත්වෙද්දී ලොරි සහායකයා එම නිවසේ ඇතුළත ඇවිදිමින් සිය ජංගම දුරකථනයෙන් ඇමතුම් රැසක්‌ ගත් බව ද හෙළිවී තිබේ.

ඝාතනයට ලක්‌ වූ ප්‍රේමාවතී ඉඩම මිලදී ගැනීමට රැගෙන ආ මුදල් මෙම නිවසේ තිබී ඇති අතර එම මුදල් කොල්ලකෑමට මොවුන් ඝාතනය කරන්නට ඇති බවට සැක පහළ කරයි.

සාහසිකයන් මෙම ඝාතන කිරීමෙන් පසු නිවසේ සියලු බඩු බාහිර අවුස්‌සමින් මුදල් ඇතුළු වටිනා දේපොළ සොයා ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්‌ වූ ප්‍රේමාවතී සහ ඇගේ දරුවා වන ප්‍රියන්තගේ සිරුරු නිවසේ සාලය අසල වැටී තිබී ඇති අතර ඉඳුමිණිගේ සහ දියණියගේ සිරුරු කාමරයක වැටී තිබී ඇත.

බරපතළ තුවාල ලැබූ පියදාස සහ මියගිය පුත්‍රයා වන උදය කුමාරගේ සිරුරු වැටී තිබී ඇත්තේ වෙනත් කාමරයකය.

මොවුන් සියලු දෙනාගේම හිස ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල ඇති අතර පොරවක්‌ වැනි ආයුධයකින් එම පහරදීම කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සෙවීම සඳහා පොලිස්‌ නිල සුනඛ අංශයේ "බ්ලැකී" බැල්ල රැගෙන ආ අතර පොලිස්‌ ඇඟිලි සලකුණු අංශය ද එහි පැමිණ සිටියහ.

මේ අතර අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය ඊයේ (05 දා) දහවල් සිද්ධිය වූ ස්‌ථානය වෙත පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූවාය.

ඝාතනයට ලක්‌වූවන්ගේ මළ සිරුරු අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස්‌ ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය එහිදී සිදුකිරීමට නියමිතව තිබිණි.

හසලක පොලිසිය අත්අඩංගුවට ගත් ලොරි රියෑදුරු සහ සහායකයාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර අනෙක්‌ සහායකයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස විතානගේ, පොලිස්‌ පරීක්‍ෂක ප්‍රභාත් ගාල්ලගේ ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
------------------------------------News Update @ 11/6/2013 8:09 AM
අනුරාධපුර පංච පුද්ගල ගාතනයේ ප්‍රධාන සැක කරු ඊයේ සවස හසලකදී පොලිසියට කොටු වේ
News Update @ 11/6/2013 8:09 AM
අනුරාධපුර පංච පුද්ගල ගාතනයේ ප්‍රධාන සැක කරු ඊයේ සවස හසලකදී පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලග්ගල පොලිස් වයමට අයත් ප්‍රදේශයක අයෙක් වන අතර හමුදා සේවයෙන් පැන ගිය අයෙක් බවට ප්‍රශ්න කිරිම් හමුවේ හෙලි වෙමින් පවති. වැඩි දුර පරික්ෂණ සදහා එම පුද්ගලයා අද උදේ පාන්දර අනුරාධපුර පොලිසිය විසින් රැගෙන ගොස් ඇත

ගිරාදුරුකෝට්ටේ මාර්ගයෙත් රිය අනතුරක්

 2013-11-04 10:40 ප.ව.
මහියංගණ ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ බතලයාය ප්‍ර දේශයේදී අද (04) දහවල් රිය අනතුරක් සිදු වී ඇති අතර රිය අනුතුර හේතුවෙන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට ආරන්චි මාර්ගයන් සදහන් කරනවා. කුඩා ප්‍රමාණයේ ඩිමෝ බට්ටා ලොරි රථයක් ගසක ගැටි මෙසේ අනතුරට ලක්ව ඇති බවට ආරන්චි මාර්ගයන්.

ලොරිය වැන් රියේ හැප්පී 3ක් රෝහලේ - වෑන් රථයේ රියදුරු මිය යයි

11/5/2013 10:00 PM
බදුල්ල මහියංගන මාර්ගයේ මාපාකඩවැව ප්‍රදේශයේදී අද (04) සවස 4.00ට පමණ ලොරි රථයක් හා වැන් රථයක් මුහුණට මුහුණ හැප්පී රිය අනතුරක් සිදු වී ඇති අතර සිද්දියෙන් තිදෙනෙක් තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත.
දියතලාව යුද හමුදා කදවුරේ සිට මාතලේ දක්වා ගමන් කරමින් තිබු ලොරි රථය අධික වැස්සත් සමග වේගයෙන් පැමිනිම හේතුවෙන් මාර්ගයේ වංගුවක් සහිත ප්‍රදේශයකදී (මාපාකඩ වරිමාර්ග කාර්යාලමාර්ගය අසල ) ලිස්සා ගොස් මාර්ගයේ නිවැරදිව ගමන් කරමින් තිබු වැන් රථයක ගැටී ඇති අතර වැන් රථය බරපතල ලෙස අලාභ හානි සිදු වී වැන් රථයේ ගමන් ගත් දෙදෙනාම තුවාල ලබා ඇත. එම අවස්ථාවේදී වෑන් රථයේ රියදුරුගේ තත්වය බරපතල වු අතර මාර්ගයේ ගමන් කරමින් තිබු වෑන් රියක තිබු කේබල් යොදාගෙන වෑන් රථයේ සිරවී සිටි රියදුරු ගම්වාසීන්ගේද සහය ඇතුව පිටතට ගෙන ඇති අතර කඩිනමින් තුවාල කරුවන් මහියංගන මුලික රෝහල වෙත රැගෙනවිත් ඇත. වැන් රථයේ රියදුරු හදිසි ශල්‍යකර්මටකට බාජනය කර ඇතත් ශල්‍යකර්ම සිදු කරව විට සිරුරට සිදු වි ඇති හානිය හේතුවෙන් මිය ගොස් ඇත. වෑන් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ බදුල්ල විදුලිබළ මන්ඩල කාර්යාලයේ විදුලි අධිකාරි වරයෙක් හා ඔහුගේ රියදුරු යන දෙදෙනා වේ.
ලොරි රථයේ රියදුරුද සුලු තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත. සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වමින් සිටි.

අලුත් තාලේ ඔරලෝසු කණුවක් මහියංගණ සමාධි පිළිමය අභියස පසු ගිය 01 දින සවස විවෘත විය.


මහියන්ගන නගර මධ්‍යෙයයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට ඉදිකරන ලද නිර්මාණාත්මක ඔරලෝසු කණුව ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගේ සුරතින් 01 දින සවස විවෘත කෙරිණ
ඌව පළාත් සභාවේ කෘෂිකර්ම හා සංචාරක පරිසර අමාත්‍ය අනුර විදානගමගේ මහතාගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා උපදෙස් පරිදි ඉදිකල මෙම ඔරලෝසු කණුවෙන් සොරබොර වැවේ ජීවත් වන කොක්කු තිදෙනෙක් විසින් නෙලුම් මලක් ඔසවාගෙන විත් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ හට පුදදෙන අයුරු නිර්මාණාත්මකව නිර්මාණය කර තිබෙන අතර එහි අලංකාර දිය දහරක් නිරන්තරයෙන් වැස්සෙන්නට සලස්සවා මහියංගන නගර මධ්‍යට අලංකාරයක් ගෙන දෙන අන්දමින් නිර්මානය කර ඇත. මේ සදහා මහියංගන නගරයේ ඇගලුම්කම්හලක් මුල්‍ය අනුග්‍රහයෙන් දායකත්වය දක්වා ඇත.
විවෘත කිරිමේ අවස්ථාව සදහා ඌව පළාත් සභාවේ කෘෂිකර්ම හා සංචාරක පරිසර අමාත්‍ය අනුර විදානගමගේ මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා, දඹාන ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් හා මහා සංඝරත්නය හා අති විශාල පිරිසක් සහභාගි වු අතර විශේෂ මල්වෙඩි ප්‍රදර්ශනයක්ද අවසානයේ පැවැත් විය.

අලි පන්නන්න ගිහින් වෙඩි කාන්තාවකට වදී


රුපියල් 2000 හොරනෝට්ටු අච්චු ගැසු මෑන්ට මහියංගනයෙත් අනියම් බිරිදක් ඉලා - ඒ මදිවට මහියංගනයෙත් සල්ලි අච්චු ගහලාලු

රුපියල් 2000 හොරනෝට්ටු අච්චු ගැසු මෑන්ට මහියංගනයෙත් අනියම් බිරිදක් ඉලා - ඒ මදිවට මහියංගනයෙත් සල්ලි අච්චු ගහලාලු ..... විස්තර සදහා පහත Link එක ක්ලික් කරන්න

http://www.gossiplankanews.com/2013/11/fake-currency-smuggler-dimuthu-sir.html

Swarnavahini News - වන අලි පැන්නිමේ මෙහෙයුමේදී කාන්තාවකට වෙඩි වදී

Swarnavahini News - වන අලි පැන්නිමේ මෙහෙයුමේදී කාන්තාවකට වෙඩි වදී


https://www.facebook.com/photo.php?v=408364212626399

Friday, November 1, 2013

සොරබොර වැවේ බුලතාගේ පිලිරුවක් සෑදිමට යයි


සොරබොර 40 වියැති කාන්තාවක් දුෂණයට ලක් කර සැක කරු ගමෙන් පලා ගොසින්

2013-10-31 9:12 ප.ව.
මහියංගන සොරබොර වැව ආසන්නයේ පොල්වත්ත ප්‍රදේශයේදි ඊයේ සවස 6.00 පමණ වයස 40ක් පමණ වන කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණයට ලක්කල බවට මහියංගන පොලිසියට එම කාන්තාව විසින් පැමිණිල්ලක් ලක් කර ඇත.
ඊයේ සවස් වරුවේ පොල්වත්ත අසල ඇලක් හරහා වු කෙටි මාර්ගයකින් ඇයගේ මවගේ නිවසට යමින් සිටි මොහොතේ එම මාර්ගයේ සැගවී සිටි තරුණයෙක් ඇයව බලහත්කාරයෙන් අල්ලා දුෂණයට ලක්කල බවත් එම පුද්ගලයාද එම ප්‍රදේශයේම අයෙක් බව ඇය හදුනා ගත්බවත් පැමිණිල්ලේ සදහන්. මෙම කාන්තාව උස්මහත් වු රැකියාවන් වල නිරත දරුවන් සිටිනා විවාහක කාන්තාවකි. වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා මෙම දුෂණයට ලක් වු කාන්තාව මහියංගන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මේ වන විට මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය මේ වන විට පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර සිද්දියට සම්බන්ද පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් සිටී. ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා මේ වන විට පරික්ෂණ කරමින් සිටි.

Swarnavahini News - ආදිවාසින්ට ක්‍රිකට් අකැපද 2013-10-30

Swarnavahini News - ආදිවාසින්ට ක්‍රිකට් අකැපද 2013-10-30

https://www.facebook.com/photo.php?v=406841346112019&set=vb.160815704047919&type=2&theater

ගංජා කිලෝ 4ක් බසයක ගෙනයමින් සිටි චීවරදාරියෙකු මහියංගන පොලිස් අත්අඩංගුවට

2013-10-30 11:09 ප.ව.
මොණරාගල සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබු බස් රථයක ගංජා කිලෝ 3.9ක් රැගෙන එමින් සිටි චීවරදාරියෙකු මහියංගන පොලිසියේ නිළධාරින් විසින් අද (30) සවස අත් අඩංගුවට ගෙන ඇත. 
මෙම ගංජා ප්‍රවාහනය පුද්ගලයෙක් හා චීවරදාරියෙකු එක්ව සිදු කර ඇති අතර ගංජා ප්‍රවාහනය සදහා එක් වරක් සදහා චීවරදාරියා හට රුපියල් 10000ක් එම පුද්ගලයා ගෙවු බවට ප්‍රශ්න කිරිම් හමුවේ පවසා ඇත. අත්අඩංගුවට පත් චීවරදාරියා හම්බෙගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමි නමක් බවට ප්‍රශ්න කිරිම් හමුවේ පවසා ඇත. ප්‍රශ්න කිරිම් හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ගංජා ලක්ෂ 1.20ක මුදලකට මිළදි ගත් බවයි. වෙළෙද පල වටිනාකම පොලිසිය විසින් තක්සේරු කිරිම සදහා පියවර ගනිමින් සිටි.
කාඩ්බෝඩ් පෙට්ටියක යටින් ගංජා තොගය අතුරා උඩින් පත්තර අතුරා ඒ මත කෙසෙල් ගෙඩි තබා බැද කාහටත් සැක නොසිතන ආකාරයෙන් මාර්ගයේ ගමන් ගන්නා බස්රථවල ප්‍රවාහනය සිදු කර ඇත.
මහියංගන පොලිසියේ නිළධාරින් විසින් චීවරදාරියා අද (30) සවස අත් අඩංගුවට ගන්නා විට බස්රථයේ පිටුපස ඉදගෙන සිටි පුද්ගලයා බසයෙන් බැස පලාගොස් ඇත. අත් අඩංගුවට පත් හිමි නම හා ගංජා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ උපදෙස්මත මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පො.ප. චතුරංග, පො.කො. 4432 බස්නායක පො.කො.13768 අමරසුරිය පො.කො. 32470 කුසුම්සිරි සැරයන් 54183 ගුණවර්ධනයන නිළධාරින් මෙම වැටලීම සදහා සහභාගි වි ඇත.

2ක් පුරා (2013-10-26/27) පැවති දිවා රාත්‍රි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක මොහොත

පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ හා පාර්ලිමේනතු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතුන්ගේ සංකල්පයකට අනුව මහියංගනයේ ප්‍රථම වරට කණ්ඩායම් 60කට අධික ප්‍රමණයක් සහභාගී වු දින 2ක් පුරා (2013-10-26/27) පැවති දිවා රාත්‍රි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක මොහොත


https://www.facebook.com/photo.php?v=653496271347549&set=vb.488128081217703&type=2&theater

දින 2ක් පුරා පැවති දිවා රාත්‍රි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය - ආදිවාසි ක්‍රිකට් කණ්ඩායම හා මහියංගන නගරයේ සිංහ ක්‍රිකට් සමාජය අතර පැවති ක්‍රිකට් තරගාවලිය

ආදිවාසි ක්‍රිකට් කණ්ඩායම හා මහියංගන නගරයේ සිංහ ක්‍රිකට් සමාජය අතර පැවති ක්‍රිකට් තරගාවලිය - පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ හා පාර්ලිමේනතු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතුන්ගේ සංකල්පයකට අනුව මහියංගනයේ ප්‍රථම වරට කණ්ඩායම් 60කට අධික ප්‍රමණයක් සහභාගී වු දින 2ක් පුරා පැවති දිවා රාත්‍රි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 2013-10-26/27

https://www.facebook.com/photo.php?v=653491018014741&set=vb.488128081217703&type=2&theater

දින 2ක් පුරා පැවති දිවා රාත්‍රි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහිකයන්හට ත්‍යාග ප්‍රධානයේ විඩියෝ දර්ශන

පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ හා පාර්ලිමේනතු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතුන්ගේ සංකල්පයකට අනුව මහියංගනයේ ප්‍රථම වරට කණ්ඩායම් 60කට අධික ප්‍රමණයක් සහභාගී වු දින 2ක් පුරා පැවති දිවා රාත්‍රි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහිකයන්හට ත්‍යාග ප්‍රධානයේ විඩියෝ දර්ශන 2013-10-28 12:12 පෙ.ව.

https://www.facebook.com/photo.php?v=652657921431384&set=vb.488128081217703&type=2&theater

Hiru Tv News මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ මාසික රැස්වීම දින නියමයක් නොමැතිව කල් යයි.

Hiru Tv News මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ මාසික රැස්වීම දින නියමයක් නොමැතිව කල් යයි.

https://www.facebook.com/photo.php?v=406402376155916&set=vb.160815704047919&type=2&theater

ප්‍රා.ස. මන්ත්‍රි වටරැක විජිත හිමිට විරුද්දව විරෝදය හේතුවෙන් මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ මාසික රැස්වීම දින නියමයක් නොමැතිව කල් යයි.

2013-10-29 10:32 ප.ව.
මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ ආන්ඩුපක්ෂ ප්‍රා.ස. මන්ත්‍රි වටරැක විජිත හිමි මිට මාස කිහිපයකට පෙර බදුල්ලේ රාමසාන් දින මුස්ලිම් පල්ලියකදී සිංහල ජාතිය හා ආගමට විරුද්දව දේශනයක් කර එය අන්තර්ජාලයේ යුටියුබ් එකට (http://www.youtube.com/watch?v=d1KOIZZYxKM ) එක්කර සිදු කල අපහාසය හා කැලල හේතුවෙන් ඇති වු තත්වය මත මහියංගන ප්‍රදේශයෙන් පලාගොස් සිටියදී මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ මාසික රැස්වීම සදහා සහබාගීවිම සදහා අද දින(29) මහියංගන යට පැමිනෙන බව දැනගෙන ඊට විරෝදය දැක්වීම සදහා මහියංගන ජනතාව මහියංගන ප්‍රාෙද්ශිය සභාව ඉදිරිපිට විරෝදතාවයක් සංවිධානය කර තිබුනා.
ඉහත කථාව සිදු කිරිමට සති 2කට කලින් මහියංගන නගරයේ කඩයක පවත්වාගෙන යන මුස්ලිම් පල්ලිය වහාම ඉවත් කල යුතුයැයි මහියංගන ප්‍රාදේශිය සභාවේදි ප්‍රබල කථාවක් සිදු කල අතර(http://www.youtube.com/watch?v=CqySWy_kr1gසහ http://www.youtube.com/watch?v=VM6MPijDXeM ) පසුව බදුල්ලේ පල්ලියකදී සිංහල ජාතිය හා බුදුදහමට නිගා දෙන ආකාරයෙන් මුස්ලිම් ජනතාව ඉදිරියේ දේශනයක් සිදුකිරිම මෙම විරෝධතාවටය හේතු වී ඇත
වටරැක විජිත හිමි ජනතාවට හොරෙන් මහියංගන පොලිසියේ සහය ඇතිව ප්‍රදේශිය සභාවට උදේ පාන්දරම පැමිණ සිටි අතර එම පැමිණිමට විරුද්දව මහියංගන ජනතාව හා අවට විහාරස්ථාන වල මහා සංඝරත්නය විරෝදය දක්වමින් හිමියන්ට විරුද්දව ප්‍රා දේශිය සභාව ඉදිරියේ සාමකාමි විරෝදතාවයක නිරත වු අතර එම හේතුවෙන් ප්‍රාෙද්ශිය සභාවේ සභාපති ඩබ්ලිව් ඒ සුනිල් මහතා හා පක්ෂ විපක්ෂ මන්ත්‍රි කණ්ඩායම එක්ව ඇතිව තිබෙන තත්වය ගැන සලකා බලා සාකච්වායක් පවත්වා ජනතා විරෝදය හේතුවෙන් මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ මාසික රැස්වීම දින නියමයක් නොමැතිව කල් තබන ලදී. උද්ගතව ඇති තත්වය හමුවේ එම සාකච්චාව සදහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා හා ඌව පලාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාද එක් වි සිටියා.
මිට පෙර මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ මාසික රැස්වීම පැවැත් වු දිනද මෙවැනිම ජනතා විරෝදතාවයක් එල්ල වීම හේතුවෙන් වටරැක විජිත හිමි සභා වරට සහභාගී නොව් අතර මහියංගන පොලිසියේ පැමිණිල්ලක්ද දමා පිටව ගොස් තිබුනා.
වටරැක විජිත හිමි මහියංගන ප්‍ර‍ෙදේශිය ලේකම් කාර්යාලයේ ආගමික කටයුතු සමායෝජක ලෙස රැකියාව සිදු කල අතර දැනට තාවකාලිකව තනතුරෙන් ඉවත් කර ඇත

මහියංගන පොලිසියෙන් රිදිමාලියද්ද ඌරනියේදී ලක්ෂ 98 පොලු තැබු - විවාහ 2ක් සිදු කර බොරු මේජර් අල්ලයි 2013-10-29 8:40 ප.ව.


රිදිමාලියද්ද ඌරනියේදී රට රැකියා දෙනවා කියා ලක්ෂ 98 පොලු තැබු - විවාහ 2ක් සිදු කරගෙන සිටි බොරු මේජර් අල්ලයි 2013-10-29 8:40 ප.ව.


ක්‍රිකට් ගහන්න ගියොත් වැදි සංස්කෘතිය වැනසෙනවා - ඇමති කියයි


අන්තිම පාරටත් මම මේ කියන්නේ කියාගෙන යන කථාව වහාම නතර කරන්න

10/27/2013 11:33 AM රංජිත් කරුණාවීර
මාම කැච්චක් හොදමයි..... හුග දවසකින් මාධ්‍ය සමග කථා බහක් කරන්න අවස්ථාවක් ලැබුනෙ. පසුගිය කාලෙ ආදිවසින් ගැන , මම ගැන පත්තරවල ටිවිවල රේඩියෝවල ගොඩාක් කථාබහට ලක් වුණා. විවිධ දේවල් කථා කරලා තිබුණා. මම ඒවාට උත්තර දෙන්න ගියේ නෑ. නිහඩවෙලා බලා ඉන්නකොට හැම දාම මොකක් හරි යනවා. මේ ගොඩක් ඒවාගෙන් අපේ පරම්පරාව හෑල්ලුවට ලක්කරන ඒවා තමයි වැඩිපුරම යන්නෙ. මට ආරංචි උනා මීට සති කිහපයකට කලින් පත්තරේක ගියා කියලා .... සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියනවා කියලා මම වාහනයක් ඉල්ලලා මහා කරදරයක් කරනවා කියලා. ඉස්සර හිටපු නායකයෝ නම් මෙහෙම කරදර කරේ නෑ. ගමන් බිමන් ගියේ පයින්. දැන් ඉන්න නායකයෝ ගමන් බිමන් යන්න වාහන ඉල්ලලා පොරේ කියලා ඇමතිතුමා පත්තරේට කිවුවා කියලා පත්තරේ ගිහින් තියෙනවාලු... ඒ ගැන මට නම් කියන්න තියෙන්නේ මම නම් වාහනයක් මෙච්චර කාලෙකට ඉල්ලලා නැ කියලා. මම 2010 වර්ෂයේදී අති ගරු ජනාධිපතිතුමන් සමග පැවති සාකච්ඡාවක දී මම කිවුවා...ආදිවාසී ගම්මාන 58ක් ලංකාවේ තියෙනවා මට ඒවා ගැන හොයලා බලන්න ඕන. ආදිවාසීන්ගේ නායකයා විදියට මම ඒ අයගේ දුකේදී කරදරේදී සැපේදී හොයලා බලන්න ඕන කිව්වා. ඒ වගේ වෙලාවට ඒ ගම්මානවලට යන්න ඕන වහනයක පහසුකම් දෙන්න පුලුවන්නම් හොදයි කියලා මම කියපු වෙලාවේදී ජනාධිපතිතුමා ඒ වෙලාවේ ම වාහනයක් දෙන්න කියලා ඇමතිතුමාට කිව්වා. මම ඒ වෙලාවෙත් ජනාධිපතිතුමාට කිව්වේ මට වාහනයක් ලබා දුන්නත් ඒවා නඩත්තු කරන්න පහසුකම් නැති නිසා මහියංගන ප්‍රදේශයේ රජයේ කාර්යාල තියෙනවා...ඒවා තමයි පොලිසිය, ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය, වනජිවි කාර්යාල, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය වගේ ... එම කාර්යාලවල තියෙන වාහන මගේ ගමන් අවශ්‍යතාවලව නිදහස් කරලා දෙන්න කියලා මම එහිදී ඉල්ලුවා විතරයි. ඒ විදියටම අද වෙනකොටත් මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේ තියෙන වාහන දෙකෙන් එකක් මගේ ගමන් වලට ලබා දෙනවා. ඒ තියෙන වාහන දෙකෙන් එකක් කැඩිලා තියෙන්නේ. මගේ වරිගයේ ජනතාවගේ ප්‍රශ්න / ගැටලු වලදී මම ප්‍රාෙද්ශිය ලේකම් කාර්යායේ තියෙන වාහනය ඉල්ලගෙන තමයි හොයල බලන්න යන්නෙ. ලේකම් කාර්යාලයේ තියෙන වාහන දෙකෙන් එකක් ත්‍රිකුණාමලය වාකරේ වැනි දුර පළාත් වලට ඉල්ලගෙන ගියාම සමහර විට දවස් දෙකේ තුනේ එන්න වෙන්නේ නෑ. මම ලේකම් කාර්යාලයේ වාහනය දවස් දෙක තුනක් ‍පාවිච්චියට ගත්තාම කාර්යාලයේ වාහනය මගින් කලයුතු වැඩ කටයුතු ගොඩ ගැහෙනවා. එතකොට ප්‍රා දේශීය ලේකම් තුමන්ලාටත් මන් නිසා කරදර ගොඩකට මුහුණපාන්න සිද්ද වෙනවා. මහියංගනය කියන්නේ ලොකු ප්‍රදේශයක් නෙ. වැඩ ගොඩ ගැහුනම නිළධාරින්ටමයි කරදරේ.
සංස්කෘතික කටයුතු ඇමතිතුමා පසුගිය කාලේ කියලා තියෙනවා මම වාහනයක් ඉල්ලා කරදර කරනවා. මීට පෙර හිටපු නායකයො වාහන ඉල්ලුවේ නැ කියලා. මම අද ඇමතිතුමාට කියනවා මම පිලිගන්නවා මගේ පියා තිසාහාමි ගමන් බිමන් වලට වාහන ඉල්ලුවේ නැ කියලා. මට වගේ ඒ කාලේ මගේ පියාට රට වටේ යන්න උනේ නෑ. මම ලංකාවේ ආදිවාසීන්ගේ නායකයා බවට පත් වෙලා මේ වෙනකොට වසර 15ක් වෙනවා. මේ වසර 15දී අපේ ආදිවාසි පරම් පරාවේ ජනතාවගේ වැඩ කටයුතු වලට වඩා රජයේ නිළධාරින්ගේ හා ඇමතිතුමන්ලාගේ ආරාධනාවලට තමයි ගමන් බිමන් යන්න සිද්ද උනේ. ඔය ඇමතිතුමා කියන විදියට ඒ අයගේ ඔය වගේ එක එක ආරාධනාවලට කථා කරන කොට මට කොළඹට පියාඹලා යන්න අත්තටු නෑ. එහෙනම් නායකතුමා හෙට උදේ කොළඹට ඇවිත් ඉන්න කියන කොට ඇමතිතුමා කියන විදියට මම ඒවට වාහනයක් නැතුව පයින් යන්න ඕන. එහෙම මම පයින් යන්න දින පහක් හයක් යයි.
සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියනවා ලෝකෙ මෙච්චර කාලෙකට ආදිවාසී නායකයෙක් තමන්ගේ ගමන් බිමන් වලට වාහන ඉල්ලලා නෑ කියලා. ඒකත් මම පිලිගන්නවා...මම විස්වාස කරනවා. හැබැයි එහෙනම් එම නිළධාරින්ගේ වැඩවලට ඇමතිවරුන්ගේ වැඩවලට මට ආරාධනා නොකර ඉන්න ඕන. ඒ කාලෙ රට හැම තැනම කැලෑ තිබ්බෙ. ලග ගම්මානවලට විවිධ අවශ්‍යතාවලට පයින් ගමන් බිමන් ගියේ අඩි පාරවල් දිගේ. අද වෙන කොට පාරවල් හදලා තියෙනවා. වාහන ගෙන්වලා තියෙනවා. ඔය කියන ආරාධනාවලට යන්න ඔය කියන විදියට යන්නනම් මට ආන්ඩුවේ රස්සාවක් එක්ක පඩියක් හම්බවෙන්ඩ ඕන. මට කොහෙන්ද වාහන වලට ගෙවන්න සල්ලි? මට වෙන ආදායමක් නැත්නම්, පහසුකමක් නැත්නම්, මම ඔයවගේ ඒවාට වාහනයක් නැතුව පයින් යන්නෙ කොහොමද? ඔය ප්‍රශ්නයක් වුණ දෙනවා කිව්ව වාහනය ගැන කථා කරනකොට සංස්කෘතික කටයුතු ඇමතිතුමා හැමදාම කියන්නේ මම ඒක ඉල්ලුවා කියලා. මට වාහනයක් උවමනා නෑ. වාහනයක් ඉල්ලලා තියෙනවා නම් තියෙන්නේ ආදිවාසි කෞතුකාගාරයේ වැඩ කටයුතු වලට. එතැන වැඩවලට හැම මාසෙ ම කොළඹ යන

අසල්වාසී නිවසින් විදුලිය ගන්න ගොස් 11 වියැති දරුවකු මියයයි - අලිහින්දා තාවකාලිකව අසල්වාසී නිවසින් විදුලිය අරන්

10/27/2013 7:11 PM
මහියංගන සොරබොර අංක 97 නිවසේ විසු ඒ එම් නිශාන්ත මධුශංක යන වයස 11ක දරුවකු අසල්වාසී නිවසින් විදුලිය ගන්න ගොස් අද උදැසන විදුලි සැර වැදී මිය ගොස් ඇත. එම සිදු වීම සිදු වන විය දරුවාගේ දෙමාපියන් දෙදෙනාම කුලි වැඩ සදහා නිවසින් බැහැරව ගොස් සිට ඇත. 

දරුවාගේ නිවසේ විදුලිය නොමැති අතර වන අලි පැමිණිම හේතුවෙන් අසල් වාසි නිවසකින් ඔහුන් ගේ නිවසට විදුලිය ලබා ගැනිම ටික කලක සිට කර ඇත. අසල්වාසි නිවැසි කාන්තාවට නොදන්වා අද උදැසන එම නිවස සදහා විදුලිය ලබා ගන්නා ස්විචය එම දරුවා ක්‍රියාත්මක කර ගෙන ඔහුගේ නිවසට ගොස් ඇත. එම මොහොතේ දරුවාගේ නිවසේ කිසිවකු සිට නොමැත.
අසල්වාසී කාන්තාව හරක් බැදීම සදහා කුඹුරට අද උදැසන 9.00 පමණ යන විට දරුවා අඩුවක් අතැතිව වයරය අසල කුඹුරේ වැටි සිටිනු දැක ඇත.

කඩිනමින් ගම්වාසින්ගේ සහය ඇතිය දරුවා මහියංගන මුලික රෝහලට ගෙන ගොස් ඇති අතර ගෙන යන විටත් දරුවා මිය ගොස් ඇත.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය පරික්ෂණ සිදු කරමින් සිටි.