Saturday, July 2, 2016

ලොග්ගල්ලා ඔය හරහා පාලමක් ඉල්ලයි

 ( පාලිත ආරියවංශ ) 2016-06-01 14:38:53
රිදීමාලියද්ද හා මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් දැවටගොල්ල, ඇඹිටිල්ලන්කැටිය, මහායාය,කෝංමණ්ඩිය, කුඹුක්වෙල, බිං‍ගොඩ, නවනැලිය, වීරගොල්ල, පින්නගොල්ල යන ගම්මානවල ජීවත්වන බහුතරයකට එදිනෙදා කටයුතු සඳහා බලගොල්ල පාසැලට, මීගහකිවුල නගරයට, ‍රෝහලට සහ බදුල්ල නගරයට ඒමට ‍ලොග්ගල්ලා ඔය අනාරක්ෂිත පාරුවකින් තරණය කිරීමට සිදුව තිබේ.
ලොග්ගල්ලා ඔය තරණය නොකර එදිනෙදා කටයුතු සදහා නගරයට පිවිසෙනවානම් කිලෝ මීටර් 9ක් පමණ දුර ගෙවාගෙන මහියංගණ අරාව ප්‍රධාන පාරට පිවිසීමට සිදුව තිබේ. මේ දුෂ්කරතාවෙන් තමන් මුදාගැනීමට ලොග්ගල්ලා ඔය හරහා පාලමක් ඉදිකර දෙන්නැයි මෙම ගම්මානවල වැසියෝ වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටිති.


No comments:

Post a Comment