Sunday, March 29, 2015

දහඩිය, කදුල කැප කර ලබාගන්නා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකන මහියංගනය / හසලක පල්ලේවත්ත/ මිනිපේ හොරුන්ගේ වැඩ ටික මෙන්න - බදුල්ල කිරුම් මිණුම් ඒකකයෙන් හොරු ටික අල්ලයි

 2015-03-29 පෙ.ව. 10:05

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන බොහෝ පිරිසක් තවමත් තම ජීවිකාව සරි කරගන්නේ ගොවිතැන හරහායි. ඔවුන්ගේ ලොකුම සිහිනය වන්නේ මාස ගණනාවක් දහදුක් විද ලබාගන්නා තම අස්වැන්නට සාධාරණ මිලක් ලබාගැනීමයි. දහඩිය, කදුල කැප කර අස්වැන්නට මිලක් ලබාගැනීමට වෙරදරනා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකෑමට වෙනස්කරන ලද වංචනික තරාදි සකසා කූට වෙළදුන් දරනා වංචනික ප්‍රයෝගයක් පිළිබදව පසුගියදා මහියංගනය ප්‍ර දේශයෙන් අනාවරණය කර ගන්නට හැකි වු අතර කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් පසුගියදා කූට වෙළෙදුන් අල්ලා ගැනිම සදහා විශේෂ වැටලීමක් මහියංගන නගරයේදි සිදු කෙරින.

වී අස්වනු ලබාගැනීම සදහා සුක්ෂම ලෙස තරාදි වෙනස් කිරීමේ ජාවාරමක්  මහියංගනය, හසලක, පල්ලෙවත්ත හා මිනිපේ යන ප්‍රදේශවලින් පැමිණෙන වෙළදුන් විසින් සිදු කරනු ලබන අතර  බහුලව මෙම වෙනස්කරන ලද තරාදි භාවිතා කර වී තොග වංචනික ලෙස ලබාගන්නා බවයි තොරතුරු අනාවරණය වුයේ.
විශේෂයෙන් මහියංගනයේ සිට බිබිල මොණරාගල , මිගහකිවුල කන්දකැටිය, දඹාන, පදියතලාව, ගිරාදුරුකෝට්ටේ, හෙබරව, ගින්නෝරුව, දිවුලපැලැස්ස හා මහවැලි සි කලාපයේ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවත් වි, බඩඉරිගු, කවුපි, මුං, තල හා ධාන්‍ය බෝග සදහා වැඩි වශයෙන් වංචාව සිදු කරන බවට පැමිණිළි හා තොරතුරු අණාවරණය වි ඇත.

මේ වන විට ප්‍ර දේශ රැසක වි අස්වනු නෙලිම ආරම්ක කර ඇති අතර විශේෂයෙන් එම ප්‍ර දේශ ඉලක්ක කරගනිමින් කුඹුරු වලටම ගොස් ගොවියාගෙන් වැඩි මිළට වි මිළදි ගැනිමට මෙම ජාවාරම් කරුවන් ක්‍රියා කරමින් සිටි.

කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් වෙනස්කරන ලද වංචනික තරාදි සොයා පසුගියදා (21) විශේෂ වැටලීමක් දියත් කළා. වෙනස් කරන ලද තරාදි ලොරි රථවල රහසිගත ස්ථානවල සගවා තබන බවට ලද තොරතුරු අනුව දැඩි පරීක්ෂාවකට ලක්වුණා.ලොරි රථයක් පරීක්ෂාකරන අතරතුර පැමිණි පිරිස රථය ද රැගෙන පළාගොස් තිබුනේ ව්‍යාජව සකසන ලද තරාදිය පමණක් නිලධාරින් අතේ තිබියදී.
ඔවුන්ගේ පළායාමත් සමග මුලින් පරීක්ෂා කළ ලොරියේ සිටි තරුණයා පැවසුවේ තමන් සතු තරාදියද පළාගිය ලොරියේ සිටි පුද්ගලයෙකුගෙන් ලබාගත් එකක් බවයි. පළාගිය ලොරි රථය හා පුද්ගලයින් පිළිබදව මහියංගනය පොලිසියේද සහයෙන් මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා.
මහියංගනයේ ව්‍යාජ තරාදි වංචාවට අදාළ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇතැයි කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසනවා. එම දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරීන් පැවසුවේ තරාදි පරීක්ෂාවේදී ලොරි රථය ද රැගෙන පළා ගිය පුද්ගලයා පසුව තම කාර්යාලයට පැමිණ භාර වූ බවයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තරාදි වංචාව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කර ගැනිමට හැකි වී තිබෙනවා. තොරතුරු අනුව ඉදිරියේදි වැටලිම් රැසක් සිදු කිරිම සදහා මේවන විටත් පියවර ගනිමින් සිටින බව ඔහුන්  අප සමග ප්‍රකාශ කර සිටියේය.

කූට වෙළෙදුන්ගේ අලුත්ම ක්‍රම වේදය වන්නේ කේෂ්ත්‍රයට හොර තරාදි ලොරි රථයේ රැගෙන යාමෙන් වැලකි ලොරි රථයේ සහයක මගින් මාර්ගයේ ගමන් ගන්නා බස් රථමගින් ගෙන යෑමයි.  එහිදි ඔහුන් බලාපොරොත්තු වන්නේ  මහ මගදි සිදුවන වැටලිම් වලින් මිදි වංචාව සාර්ථකව ඉදිරියටම ගෙන ගොස් ඔහුන්ගේ මඩිය තරකර ගැනිම වේ. වෙළදුන්ගේ කුමණ දහන් ගැට ගැසුවත් ඒ සම්බන්දයෙන් සියලු තොරතුරු කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් හට ලැබෙන බවත් ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හා වැටලිම් නිරන්තරයෙන් සිදු කරන බව බදුල්ල ඒකකයේ  කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක මහතා ප්‍රකාශ කර සිටි.
වංචනික ආකාරයෙන් වෙනස් කරන ලද තරාදි පහසුවෙන් හදුනාගන්නා ආකාරය දුලිත් අශෝක මහතා මෙසේ පැහැදිලි කලේය. “ මේ ආකාරයෙන් සාදනා තරාදි වලින් නිවැරදිව බර කිරන්නත් හොරට කිරන්නත් පුලුවන් විම විශේෂත්වයක්. ඒ නිසා මුලින්ම ගොවි මහතුන් ඉදිරියේ පළමුව කිරන වි ගෝනි නිසි ආකාරයෙන් කිරා පෙන්වා දෙවනුව ගොවියාට නොතේරෙන ආකාරයෙන් තරාදියේ ගියරය මාරුකර වංචනික ආකාරයට කිරිම සිදු කරනවා. මෙය ගොවියාට පැහැදිලිව හදුනා ගන්න බෑ. මොකද තරාදියේ අභ්‍යන්තරයේ වෙනස් කම් සිදු කර අලුතින් ස්ප්‍රින් එකක් දාලා තියෙනවා. ඒක පිටතට පේන්නේ නෑ. ඒ නිසා තරාදිය  මුලින්ම පරික්ෂා කිරිම තුලින් ගොවිමහතුන් හට මෙම වංචනික තරාදිය පිටතින් බලා හදුනා ගැනිමේ ක්‍රමයක් තියෙනවා.
පළමු ක්‍රමය තමයි ඡායා රූප අංක 02 පරිදි තරාදියේ පිටුපස මුහුනතේ ඇති කුඩා ඇණ දෙක පරික්ෂා කරන්න. එවිට එය එකම සමාන හා එකම ප්‍රමාණයේ නොවුනහොත් එය වංචනික තරාදියකි. ( එහි එක් ඇණයක් ගලවා අලුතින් දිග ඇණයක් සවිකර තරාදියේ අභ්‍යන්තරයට ස්ප්‍රින් එකක් සවි කෙරේ)
දෙවන ක්‍රමය වන්නේ ඡායා රූප අංක 01 පරිදි තරාදියේ කොක්ක සවිකරනා කොටස අතින් උඩට එසවිමේදි තරාදියේ කටුව කිලෝ 80 පසු කර (කිලෝ 75-70-65-60 දක්වා) පසු පසට කැරකේ නම් (අවගමණය) එයද වෙනස් කරන ලද හොර තරාදියක් වේ.  වෙනස් නොකරන ලද තරාදියක කටුව පිටුපසට කැරකෙන්නේ කිලෝ 80 (ඉතා කුඩා දුරක් ) දක්වා පමණක් වේ.
වංචනික ආකාරයෙන් තරාදි සකසා ගොවින්ගේ අස්වනු වංචා සිදු කරනා වෙළෙදුන් සම්බන්දයෙන් ඉදිරියේදි වැටලිම් රාශියක් සිදු කිරිමට බළා පොරොත්තු වන බවත් මෙවැනි කූට වෙළෙදුනගේ ප්‍ර යෝග වලට හසු විම වැලැක් විම සදහා තමා සතුවට තරාදියක් මිළදි ගන්නා ලෙසත් ඒ සදහා වැය වන්නේ රුපියල් 3000ක් පමණ සුලු මුදලක් බවත් එම තරාදි වාර්ශිකව ලියාපදිංචි කර භාවිතයට ගන්නා ලෙස මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් ගොවිජනතාවය දැනුම් දෙයි.
මෙම වැටලිම සදහා මහියංගන පොලිස්ථානයේ නිළධාරින්ගේ සහය ලබාගත් අතර මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ මිණුම් සේවා අධ්‍යක්ෂ කේ ප්‍රේමසිරි කුමාර මහතාගේ විශේෂ උපදෙස් පරිදි හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ අධික්ෂණයෙන් බදුල්ල ඒකකයේ  කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක, මිනුම් සේවා පරික්ෂක කේ සි අමල් පෙරේරා, මිණුම් ප්‍රමිති සහයක කේ පි වසන්ත කුමාර යන නිලධාරින් සහබාගි වි සිටියේය.
ඡායාරූප
ඡායාරූප 01 හොර තරාදි හදුනා ගන්නා ක්‍රමය 01
ඡායාරූප 02 හොර තරාදි හදුනා ගන්නා ක්‍රමය 02
ඡායාරූප 03 වෙනස් කරන ලද තරාදියේ ඇතුලත ස්වරූපය එහි අංක 01 දිස් වන්නේ අලුතින් සවිකරන ලද දිග ඇණය වන අතර අංක 02 අලුතින් සවි කරණ ලද ස්ප්‍රින් එක 





















කූට වෙළදුන්ගේ වංචනික හොර තරාදි හදුනා ගන්නා ක්‍රමය - හැකි තාක් පිරිස් දැනුවත් කිරිමට Share කරන්න


 3/29/2015 10:54 PM
පළමු ක්‍රමය තමයි ඡායා රූප අංක 02 පරිදි තරාදියේ පිටුපස මුහුනතේ ඇති කුඩා ඇණ දෙක පරික්ෂා කරන්න. එවිට එය එකම සමාන හා එකම ප්‍රමාණයේ නොවුනහොත් එය වංචනික තරාදියකි. ( එහි එක් ඇණයක් ගලවා අලුතින් දිග ඇණයක් සවිකර තරාදියේ අභ්‍යන්තරයට ස්ප්‍රින් එකක් සවි කෙරේ)
දෙවන ක්‍රමය වන්නේ ඡායා රූප අංක 01 පරිදි තරාදියේ කොක්ක සවිකරනා කොටස අතින් උඩට එසවිමේදි තරාදියේ කටුව කිලෝ 80 පසු කර (කිලෝ 75-70-65-60 දක්වා) පසු පසට කැරකේ නම් (අවගමණය) එයද වෙනස් කරන ලද හොර තරාදියක් වේ. වෙනස් නොකරන ලද තරාදියක කටුව පිටුපසට කැරකෙන්නේ කිලෝ 80 (ඉතා කුඩා දුරක් ) දක්වා පමණක් වේ.
ඡායාරූප 03 වෙනස් කරන ලද තරාදියේ ඇතුලත ස්වරූපය එහි අංක 01 දිස් වන්නේ අලුතින් සවිකරන ලද දිග ඇණය වන අතර අංක 02 අලුතින් සවි කරණ ලද ස්ප්‍රින් එක


පාසැල් යන නැගනිය මගදි අල්ලාගෙන කැලේට ගෙන ගොස් අයියාගේ යාලුවාට අපයෝජනය කරන්ඩ දි අයියා නැගනියගේ යාලුවා ලිංගික අපයෝජනය කරයි - වසරකට වඩා වැඩි කාලයක් පාසල් පැමිණිම දුර්වල විමෙන් විදුහල්පතිට මේ සෙල්ලම මාට්ටු


3/29/2015 12:54 PM
පාසැල් යන කුඩා දැරියන් දෙදෙනෙක් හා කුඩා පිරිමි දරුවෙකු මග සිට රැක ලදු කැළයට රැගෙන ගොස් බර පතල ලිංගික අලයෝජනය කර ඇති අතර තමාගේ නැගනිය යාලුවා හට අපයෝජනය කිරිමට ලබා දි නැගනියගේ යෙහෙලිය තමා විසින් අපයෝජනය කල අයියා කෙනෙකු හා තවත් අයෙක් මහියංගන පොලිසිය විසින් පසුගිය 26 දින සොරබොර, පැරකුම්පෙදෙසෙන් අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසනවා. අත් අඩංගුවට පත් සැක කරුවන් දෙදෙනා පාසැල් නොයන, බාල වයස්කා, වයස 15 හා 14 පසුවන දෙදෙනෙක් වේ.

සැකකරුවන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවිය විසින් බාල වයස්කාර සැක කරුවන් දෙදෙනා කැප්පෙටිපොළ ළමා රැදවුම් නිවාසයේ අප්‍රේල් 9 දින දක්වා රදවන ලෙස නියෝග නිකුත් කර ඇත.

‍ඉහත සිද්දියට මුහුණ දුන් කුඩා දැරියන් දෙදෙනා වයස 12 හා වයස 10 පසු වන අතර දරුවා වයස 12ක් වේ. ඔහුන්ගේ   පාසැල් පැමිණිම ඉතා දුර්වල විම හේතුවෙන් ඔහුන්ගේ ගුරුවරු හා විදුහල්පති කාර්යාලයට ගෙන්වා කරුණු විමසිමේදි මෙම සිද්ධිය අණාවරනය කරගෙන ඇත. වසරකට අධික කාලයක් තිස්සේ මෙම හිංසනයට මෙම දරුවන් ගොදුරුවි ඇති බව ප්‍රශ්න කිරිම් වලදි අනාවරනයවේ. උදැසන කැලය තුලට රැගෙන ගොස් පාසැල නිම වන වේලාවට දරුවන් නිදහස් කර ඇති අතර එම දරුවන්ගේ දෙමාපින් ඒ සම්බන්දයෙන් කිසිවක් නොදැන සිට ඇත. අත් අඩංගුවට ගත් සැක කරුවන් විසින් වෙනත් පාසැල් දරුවන් අපයෝජනය කර ඇත්තේද යන්න පිළිබද සැකයක් පවතින අතර ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය පරික්ෂණ කරමින් සිටි.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

ඔබ මෙහෙමත් කුකුල් බිත්තර දැකලා තියෙනවාද???




Saturday, March 28, 2015

මහියංගනය නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කැබ් රථය කුඹුරේ - රථයේ ඉදිරිපස ටයර් කම්බි පෑදෙන තුරු ගෙවිලා

මහියංගනය නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කැබ් රථය කුඹුරේ - රථයේ ඉදිරිපස ටයර් කම්බි පෑදෙන තුරු ගෙවිලා
2015-03-28 ප.ව. 11:32
මහියංගනය නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයට අයත්ය තිබු නවින පන්නයේ නව කැබ් රථය ඊයේ (27) දහවල් වර්ශාවත් සමග දම්බරාව පාසල ආසන්නයේ මාර්ගයේදි වේගය පාලනය කිරිමට නොහැකිව දුරකථන රැහැන් කුණුවක් ද කුඩු කරමින් මාර්ගයෙන් ඉවතට පැණ කුඹුරේ පෙරලි ඇත.
රථයේ ඉදිරිපස ටයර් කම්බි පෑදෙන තුරු ගෙවි තිබිම හේතුවෙන් වර්ශාවත් සමග තිරින්ග ක්‍රියාත්මක කිරිමේදි ලිස්සා යන්නට ඇතැයි එම ස්ථානයට පැමිණ සිටි පිරිසගේ අදහස විනි.







හොර තරාදි තවත් මාට්ටු

හොර තරාදි තවත් මාට්ටු
27 MARCH 2015 - 20:45

හිරු සී.අයි.ඒ. හරහා හෙළි කළ මහියංගනයේ ව්‍යාජ තරාදි වංචාවට අදාළ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇතැයි මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරීන් පැවසුවේ තරාදි පරීක්ෂාවේදී ලොරි රථය ද රැගෙන පළා ගිය පුද්ගලයා පසුව තම කාර්යාලයට පැමිණ භාර වූ බවයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තරාදි වංචාව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

Wednesday, March 25, 2015

ගියර් දමා හොරට කිරීම ඇස්පනාපිට ඔප්පු වෙන හැටි - ගොවීන්ගේ අස්වැන්න කොල්ලකන මහියංගනය / හසලක පල්ලේවත්ත/ මිනිපේ හොරුන්ගේ වැඩ ටික මෙන්න

3/25/2015 11:23 PM

හිරු සී.අයි.ඒ හරහා ඊයේ (24) අප හෙළිකලේ ගොවීන්ගේ වී අස්වනු ලබාගැනීම සදහා සුක්ෂම ලෙස තරාදි වෙනස් කිරීමේ ජාවාරමක් පිළිබදවයි.
මහියංගනය හසලක පල්ලෙවත්ත හා මිනිපේ ප්‍රදේශවලින් පැමිණෙන වෙළදුන් බහුලව මෙම වෙනස්කරන ලද තරාදි භාවිතා කර වී තොග වංචනික ලෙස ලබාගන්නා බවයි හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුයේ.

වෙනස්කරන ලද  වංචනික තරාදි සොයා මිනුම් ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් පසුගියදා විශේෂ වැටලීමක් දියත් කළා.
වෙනස් කරන ලද තරාදි ලොරි රථවල රහසිගත ස්ථානවල සගවා තබන බවට ලද තොරතුරු අනුව දැඩි පරීක්ෂාවකට ලක්වුණා.

ලොරි රථයක් පරීක්ෂාකරන අතරතුර පැමිණි පිරිස රථය ද රැගෙන පළාගොස් තිබුනේ ව්‍යාජව සකසන ලද තරාදිය පමණක් නිලධාරින් අතේ තිබියදී.
ඔවුන්ගේ පළායාමත් සමග මුලින් පරීක්ෂා කළ ලොරියේ සිටි තරුණයා පැවසුවේ තමන් සතු තරාදියද පළාගිය ලොරියේ සිටි පුද්ගලයෙකුගෙන් ලබාගත් එකක් බවයි.
පළාගිය ලොරි රථය හා පුද්ගලයින් පිළිබදව මහියංගනය පොලිසියේද සහයෙන් මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා.

Tuesday, March 24, 2015

වෙසක් බලන්න මහියංගණයට එන්න - රාජ්‍ය වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරිමට යයි.

2015-03-24 ප.ව. 9:19
මෙවර වෙසක් උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වීමට රජය විධිවිධාන යොදා ඇත. ඒ සම්බන්දයෙන් රාජ්‍ය නිළධාරින් සමග සාකච්චාවක් මහියංගන රජමහා විහාරස්ථානයේ පසුගිය දා පැවැත් වු අතර මේ සඳහා කැබිනට් අනුකාරක සභාවක් ද දැනටමත් පත්කර තිබේ.
ප්‍රධාන වෙසක් උත්සවය ඓතිහාසික මහියංගණ පුදබිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වේ. ඊට සමගාමීව දිවයින පුරා වෙසක් උත්සව පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි බුද්ධශාසන කටයුතු භාර අමාත්‍ය කරූ ජයසූරිය මහතා පවසයි.
මෙම අවස්ථාව ජාතික රූපවාහිනිය මගින් සජිවිව විකාශනය කිරිමටද මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවති.




දහඩිය, කදුල කැප කර ලබාගන්නා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකන මහියංගනය / හසලක පල්ලේවත්ත/ මිනිපේ හොරුන්ගේ වැඩ ටික මෙන්න

3/24/2015 11:12 PM
මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන බොහෝ පිරිසක් තවමත් තම ජීවිකාව සරි කරගන්නේ ගොවිතැන හරහායි. ඔවුන්ගේ ලොකුම සිහිනය වන්නේ මාස ගණනාවක් දහදුක් විද ලබාගන්නා තම අස්වැන්නට සාධාරණ මිලක් ලබාගැනීමයි. දහඩිය, කදුල කැප කර අස්වැන්නට මිලක් ලබාගැනීමට වෙරදරනා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකෑමට කූට වෙළදුන් දරනා වංචනික ප්‍රයෝගයක් පිළිබදවයි අද සී.අයි.ඒ. හෙළිදරව්ව.

Sunday, March 22, 2015

මහියංගනේ හිටපු තනි අලියට නියෝජ්‍ය ඇමතිකමක් - (අද දිවුරුම් දුන් ඇමැතිවරු )

2015-03-22
නව කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු අද දිවුරුම් දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. මෙලෙස අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් සියලූ දෙනා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයින් වනවා.

ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නා.

Wednesday, March 18, 2015

කෙසේල් ගෙඩියක් උගුරේ සිරවී මාස 7 දරුවෙකු මියගිය සිද්දියේ මරණ පරික්ෂණ වාර්ථාව

3/18/2015 11:03 PM

“දරුවා හයියෙන් කහිනවා කාමරය පැත්තෙන් ඇහුනා. මම කාමරයට දුවලා ගියා. දරුවා කාපු කෙසෙල් සෙමත් එක්ක නහයෙන් කටින් වමනේ දාලා ඉන්නවා මම දැක්කා. මට ගොඩක් බය හිතුනා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිඋනා. මම කෑගැහුවා. අහල පහල අය දුවලා ආවා. අපි ඉක්මනට දරුවා මහියංගන ඉස්පිරිතාලෙට අරගෙන ගියා. දොස්තර මහත්තුරු ගොඩක් මහන්සි උනා මගේ දරුවාගේ ජිවිතය බේරගන්න. අනේ අපේ දරුවා අපි දාලා ගිය“.
මව විසින් කවන ලද කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවි මාස 07ක කුඩා දරුවෙකු මිය යෑ සම්බන්ධයෙන් මහියංගන මුලික රෝහලේ දී පැවැති මරණ පරීක්ෂනයේදී සාක්ෂි දුන් මිය ගිය දරුවාගේ මව වන තිළිණි කෝෂිලා(27) යන අය පැවැසීය.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මහියංගන, අරාවත්ත, තරුණ ව්‍යාපාරයේ අංක 174 නිවසේ පදිංචිව සිටි දිණුක පැහැසර නම් මාස 6 දින 16ක් වයසැති කුඩා බිළිදෙකු වේ.
මියගිය දරුවා සම්බන්ධ මරණ පරීක්ෂණය මහියංගන හදිසි මරණ පරීක්ෂක කේ රූබසිංහ මහතා ඉදිරියේ 18 දින උදැසන පැවැති අතර සාක්ෂි මෙහෙයවීම මහියංගන පොලීසියේ පොලිස් සැරයන් (437090) ඒ.බී. නිහාල් මහතා විසින් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් දරුවාගේ මව වන තිළිණි කෝෂිලා(27) “අපි බැදලා අව්රුදු පහක් (5) . අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. නැති වුන පුතා මාස 6යි. ලොකු දුව අවුරුදු 2යි මාස 7ක් වෙනවා. පොඩි පුතයි මායි විතරයි ගෙදර හිටියේ. හැන්දැවේ මම ඉදිනු සිනි කෙසෙල් පොඩිකරලා කැව්වා. දරුවා කෙසෙල් කාලා හොදට හිටියා. රෑ කෑම හදන්න දරුවා ඇදේ හාන්සි කරලා මම කුස්සියට ගියා. දරුවා කහිනවා ඇහිලා තමයි මම කාමරයට දිව්වේ“. යැයි සාක්ෂි දෙමින් පැවසීය.
“ මම උදේ වැඩට ගිහින් හිටියේ ඩෝන් ලංකා කෙසෙල් ෆාම් එකේ. මට හැන්දෑවේ කොල් එකක් ආවා දරුවා ලෙඩ වෙලා මහියංගන ඉස්පිරිතාලෙට අරංගියා කියලා. මම ඉක්මනින් යාලුවෙකුගේ බයිසිකලයක් ඉල්ලගෙන ඉස්පිරිතාලෙට ආවා. ඒ එනකොට දොස්තර මහත්තුරු දරුවා වට කරගෙන හිටියා. දරුවාගේ ඇස් උඩගිහින් තියෙනවා මම දැක්කා“ යැයි සාක්ෂි දෙමින් දරුවාගේ පියා වන අජිත් සුරංග (31) පැවසිය.
මියගිය දරුවාගේ ඥාතින් ඇතුලු තවත් කීප දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගත් හදිසි මරණ පරීක්ෂක කේ රූබසිංහ මහතා, මහියංගන මුලික රෝහල් පස්චාත් මරණ පරීක්ෂණය සිදුකල වෛද්‍ය ආර් එම් ගුණසේකර මහතාගේ මරණ පරීක්ෂණ වාර්තාවද සැලකිල්ලට ගනිමින් මෙය වමනය යෑම හේතුවෙන්, වමනය පිට උගුරේ යෑම හේතුවෙන් ස්වසන පද්ධතිය අවහිර වී, හුස්ම අවහිර වීමෙන් පෙනහලු හා හෘදය අක්‍රිය වීමෙන් මෙම මරණය සිදු වී ඇති බව තිරණය කෙරිනි.






කෙසේල් ගෙඩියක් උගුරේ සිරවී මාස 7 දරුවෙකු මියයයි

2015-03-18 පෙ.ව. 11:11

මව විසින් කවන ලද කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවි මාස 07ක කුඩා දරුවෙකු මිය යෑමේ සිදු විමක් මහියංගන අරාවත්ත ප්‍ර දේශයෙන් ඊයේ (17) සවස 3.30ට පමණ වාර්ථා වේ. දරුවා මහියංගන රෝහල වෙත රැගෙන පැමිනෙන විටත් මියගොස් සිට ඇත. 
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මහියංගන, අරාවත්ත, තරුණ ව්‍යාපාරයේ අංක 174 නිවසේ පදිංචිව සිටි දිණුක පැහැසර නම් බිළිදෙකු වේ.
මියගිය බිළිදාගේ මව වන තිළිණි කෝෂිලා(27) විසින් දරුවා හට ඉදිනු කෙසෙල් ගෙඩියක් අතින් පොඩිකර කවා ඇත. අනතුරුව දරුවා ඇදේ තබා මුලුතැන්ගෙට ගිය අවස්ථාවේ දරුවා හයියෙන් කහින හඩක් ඇසි දිව ගොස් බැලු අවස්ථාවේදි දරුවට කැව් කෙසෙල් කැබලි නහයෙන් හා කටින් පිටව තිවෙනු දැක ප්‍ර දේශවාසින් කැදව දරුවා මහියංගන මුලික රෝහල වෙත් ඇතුලත් කර ඇත. නිවසේ සිට රෝහල වෙත රැගෙන ඒම සදහා විනාඩි 20ක් පමණ කාලයක් ගත වු බවත් එසේ රැගෙන එන විටක් දරුවා නිසලව සිටි බවත් කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වු බව මව පවසන්නිය.
දරුවාගේ පියා අජිත් සුරංග (31) මෙම සිදුවිම සිදු වන විට නිවසේ රැදි සිට නොමැති අතර රැකියාව සදහා පිටව ගොස් සිට ඇත. මේ ආකාරයෙන් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ පව්ලේ දෙවන දරුවා වේ. ඔහුනට වයස 2 මාස 7ක කුඩා දැරියක් ද සිටි.
සිද්දිය සම්බන්දයෙන් මරණ පරික්ෂණය මහියංගන මුලික රෝහලේදි අද උදැසන සිදු කිරිමට නියමිතව තිබේ




Tuesday, March 17, 2015

යුද්දෙට යන්න කලින් දුටුගැමුණු රජු භාරහාරවූ මහියංගනයේ නාගදීපය

2015 පෙබරවාරි මස 12 12:38:53
මහියංගනය මැතිවරණ කොට්ඨාසයට අයත් රිදීමාලියද්ද ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාගදීප විහාරස්ථානය අප‍්‍රසිද්ධව පවතින මහා අනුහස් ඇති ඓතිහාසික පුදබිමකි.
මෙහි ඇති ඉතිහාස කතාව කාවන්තිස්ස හා දුටුගැමුණු රජ දවස කරා දිවයන බව පැවසෙන නමුදු පුරාවිද්‍යාත්මක කැණීමක් මේ දක්වා සිදුකර නැති බැවින් එම සාඩම්බර ඉතිහාසයේ රස මුසුතැන් තවමත් වැළලී ඇත්තා සේය.
කැණීම් පටන් ගත්ත ද ඊට එරෙහිව විවිධ අද්භූත බලවේගයන් ක‍්‍රියාත්මක වන බව ද අපට අසන්නට ලැබිණ.
නාගදීප වැවෙන් වට වූ මෙම පිංබිම පිහිටි අක්කර 4ක් පමණ වූ දුපත දුරාතීතයේ නාග ගෝත‍්‍රික ජනයා විසූ පෙදෙසක් බැවින් ‘නාගදීපය’ නම් වූ බව ජනප‍්‍රවාදයේ එයි. තවත් ජනප‍්‍රවාදයකට අනුව නාගයන් බහුලව සිිටි මෙම අද්භූත පරිසරයේ නාගයන්ගෙන් විහිදුණු ආලෝකය නිසා ‘නාගදීප’ නම ලැබී තිබේ.
අදටත් මෙහි දැවැන්ත හුඹස් රාශියක් දැකිය හැකිය. මෙහි වටිනා දුරාතිීතයක් ඇති බව අනාවරණය කරන සාක්කි ඇස් පනාපිටම ඉතිරි වී තිබේ.
දුටුගැමුණු රජතුමා සතුරු සේනා සමග යුද වැදීමට යාම සඳහා මෙම ප‍්‍රදේශයේ සේනා රැුස්කර සටන් පුහුණුව ලබාදුන් බවත්, යුද්ධය සඳහා පිටත්ව යාමට පෙර මෙම ස්ථානයේදී බාර හාර වූ බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි.
මෙහි ගරාවාස වූ චෛත්‍යයන් දෙකකි. එකක් තරමක් කුඩා වුවද අනෙක් චෛත්‍යය අතිවිශාල එකකි. කුඩා චෛත්‍ය ඉදිරියේ වීදුරු කාමරයක තැන්පත් කළ නාග රුපයකි. එය පූජා කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
රජ දවසින් පසුව මේ පුදබිම සොයා රටේ පාලකයා වූ හිටපු ජනාධිපතිතුමා පැමිණි ගමන කතා බහට ලක්වූ සුවිශේෂි එකක් විය.
මෙම විහාරස්ථානයේ භාරකාර බේරුවල ධම්මරතන හිමියෝ එය සිහිපත් කරන්නේ මෙසේය.
”ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා මුල්වතාවට මේ පන්සලට ආව දවසේ එකපාරටම එතුමා අඳුනාගන්නත් මට බැරි වුණා. එදා උදේ 7.00ට විතර මම මිදුල අමදිමින් සිටියා.” ”ඒ වෙලාවේ කට්ටියක් ආවා. මම හිතුවෙ වන්දනාවේ ආව කට්ටියක් කියලා. එක්කෙනෙක් ඇවිත් කිව්වා මාව මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. මම කිව්වා ආවාසගෙයට ගිහින් වාඩිවෙන්න කියලා. මම අත සෝදාගෙන එහෙම ගිහින් ඔවුන් මුණ ගැහුණා. සාමාන්‍ය ඇඳුමකින් සැරසී එතැන හිටිය උස මහත පුද්ගලයා මට වැන්දා. ඒ වෙලාවේ මට නිකමට වගේ හිතුනා මේ ජනාධිපතිතුමා නේද? කියලා.”
‘ඔබතුමා ජනාධිපතිතුමා නේද’යි මං ඇහුවා. එවිට ජනාධිපතිතුමා හිනාවුණා.
එතුමාට කෙනෙක් කියලා තියෙනවා මහියංගණයේ නාගදීපය කියලා පන්සලක් තියෙනවා, එහාට භාරයක් වුණා නම් උතුරු නැගෙනහිර යුද්ධය ජයගන්න පුළුවන් වෙයි කියලා.
ඒක ගුප්ත බලයකින් කිව්වද? හීනෙන් කිව්වද? නැතිනම් මේවා පිළිබඳව දන්න කෙනෙක් කිව්වද කියල මම දන්නේ නැහැ. එතුමා මෙහාට එන්න පාර දන්නේ නැහැනේ. ඉතින් ඌව පළාත් සභා ඇමති අනුර විදානගමගේ මහත්තයත් එක්ක එකතු වෙලා තමයි එතුමා මුලින්ම මෙහාට ආවේ. මට මතක විදිහට ඒ 2007.11.08 වෙනිදා. එතුමා ඇවිත් චෛත්‍ය වටේ ගිහින් කිරි කළ 7ක් වත්කරලා භාරයක් වුණා.
එදා ජනාධිපතිතුමාට මම කිව්වා ගමේ පාර හැදුවා. ඒත් පාලම නැහැ කියලා. ඒ කාලේ වැස්ස ආවා. ඒ නිසා පාලම හදාගන්න බැරි වුණා. මම නිමල් ඇමතිතුමා එක්කන් ඇවිල්ලාම පෙන්නුවා මෙතෙන්ට බොක්කු දාලා හරියන්නේ නැහැ. පාලමක්ම ඕනෑ කියලා. ඊට පස්සේ විමධ්‍යගත මුදල් අනුමත කරලා හදන්නම් කියලා ගියා. ඒ ගිහිල්ලා මාස දෙකකට තුනකට පස්සේ තමයි ජනාධිපතිතුමා ආවේ.
ඊට පස්සේ ජනාධිපතිතුමා මෙතන ඉඳන් ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාට කිව්වා කෝල් කරලා, මම නාගදීපේ ඉන්නේ කියලා. මේ උදේ පාන්දර කොහොමද නාගදීපේ ගියේ කියලා එයා ඇහුවා. ජනාධිපතිතුමා කිව්වා, නැහැ. යාපනේ නාගදීපේ නෙවෙයි මහියංගනේ තියෙනව නාගදීපයක් එහේ ඉන්නේ කියලා. මේ ගමට පාර හදලා තියෙනවා, පාලමක් නැහැ කියලා හාමුදුරුවෝ කියනවා කියලත් එතුමා කිව්වා.
ඊට පස්සේ ඇමතිතුමා මහාමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම්දීලා මහියංගනෙන් ටී ඕ මහත්වරු ආවා. දහවල් 12 වෙනකොට පන්සලට ඇවිල්ලා කොහේද හාමුදුරුවනේ පාලමක් දාන්න තියෙන්නේ මාර්ග ඇමතිතුමා අපිට ඕඩරයක් දුන්නා කිව්වා. ඊට පස්සේ මම ඒගොල්ලන් එක්කරගෙන ගිහින් පාලම පෙන්නුවා. ඒ වෙලාවෙම ලනු ගහලා මැනලා මාස දෙකක් ඇතුළත පාලමත් හදලා දුන්නා.
එතකොට පන්සලට තිබුණේ සෝලා (සුර්යකෝෂ) විදුලිය. පන්සලටත් ගමටත් විදුලිය ලබාදෙන්න කියලත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.
යුද්ධය ජයගත්තාට පස්සේ බාරයක් ඔප්පු කරන්න තියෙනවා කියලා අපිට කිව්වා චෛත්‍යයේ ඉඳලා පියවර 21ක් මැනලා එතන කුටියක් හදන්න කියලා. කුටිය හැදුවා හැබැයි, ඒක විනිවිද පේන එකක් නොවෙයි. කුළුනක් හදලා උඩින් වහන්න පුළුවන් විදිහට හදපු ඒ කුළුණේ ජනාධිපති මහින්ද මහත්තයා ඇවිත් නාග රූපයක් තැන්පත් කරලා උඩින් වැහුවා.
ඊට පස්සේ ඒක බලන්න ආපු උපදේශකයා, ජනාධිපතිතුමාට දැනුම් දීමක් කරලා තියෙනවා කියාපු විදිහට නෙවෙයි මෙතන හදලා තියෙන්නේ මේක ආයෙ වෙනස් කරන්න ඕනැ කියලා.
චෛත්‍යයේ ඉඳලා නැගෙනහිර පැත්තට තමයි පියවර 21ක් මැනලා එතැන ඉදිකරන කුටියේ මූණ පේන්න විවෘතව තියන්න ඕනැ කියලා ආයේ ජනාධිපතිතුමාගෙන් අවසර අරගෙන මාස දෙක තුනකින් නැගෙනහිර පැත්තට වෙන්න වීදුරු කුටියක් හැදුවා.
ඊට පස්සේ අලූත් කුටියේ නාගරූපය තැන්පත් කරන එකයි ගමට විදුලිය දෙන එකයි. එක දවසේ සිදුවුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අතින් මේ නාග රූපය නැවත තැන්පත් කරලා ගියා.
මේ නාග රූපය රිදියෙන් හදලා රත්තරං ආලේප කරලා තියෙන්නේ. මේක අඩි එකහාමරක් විතර උසයි.”පැවසූ ධම්මරතන හිමියෝ මා සමග ගොස් එම නාගරූපයද පෙන්වමින් තවත් විස්තර පැවසූහ.
මෙතැන තියෙන්නේ පොඩි චෛත්‍යය. මේක දුටුගැමුණු රජ්ජුරුවෝ හැදුවා කියල තමයි කියන්නේ. මෙහි ධාතු ගර්භය හා ඊට ඉහළ කොටස් නැහැ. එසේ නොමැති වීමෙන් එම කොටස්, නිර්මාණය නොකළේද නැතිනම් පසුකාලයක විනාශවී ඇත්දැයි කිව නොහැකියි.
චෛත්‍යක කොටස් යැයි අනුමාන කළහැකි එක සමාන චතුරස‍්‍රාකාර කුඩා කුහර කැපූ ගල් පුවරුවක් හා කුඩයක්වන් ආවරණයක් සහිත ගල් ආවරණයක් චෛත්‍ය අසල බිම වැටී තිබෙන අයුරු දුටුවෙමි. එවා නිධන් වස්තු තැන්පත් කර තිබූ ඒවා යැයි කියති.
එ දවස්වල චෛත්‍යයක කොතක් තිබිල නැහැ. ඡත‍්‍රය තමයි තිබුණු බව කියන්නේ. එම කොටස් මෙසේ ඉතිරි වී ඇති බව හාමුදුරුවෝ් විශ්වාස කරති.
ධම්මරතන හාමුදුරුවෝ ඊළඟට අපේ අවධානය යොමු කළේ මෙම චෛත්‍යයට ඉහළින් පිහිටි අතිවිශාල චෛත්‍යය වෙතය. එය ඈතට දිස්වන්නේ මහා පස් කන්දක් ලෙසය. එම ස්ථානයේ බුදුමැදුරකි.
”ඒක හදලා තියෙන්නේ විශාල චෛත්‍යයේ නටබුන් උඩ කියලයි මං හිතන්නේ. විහාරගොඩ නමින් හැඳින්වෙන කන්දට නැග්ගම අද අපිට පේන්නේ එම චෛත්‍යයේ ඉහළ කොටස විතරයි. ඊට පහළ ඔක්කොම පස් කන්දක් වගේ වෙලා” යැයිද පැවසූහ.
අපි හාමුදුරුවන් සමග ගල්පඩි නගිමින් බුදුමැදුර පසුකර තවත් ඉහළට ගියෙමු.
එහි විශාල වහල කොටසේ නටුබුන් දක්නට ලැබිණි. ඒ විහාරකන්ද පාමුල රජ දවස ඉදිකර තිබූ විහාරගෙයි නටබුන්ය.
ආර්. පේ‍්‍රමදාස මහතා ජනාධිපති කාලයේ 1989 වසරේ මහියංගනය ගම්උදාව කි‍්‍රයාත්මක විය. ඊට සමගාමීව මෙම විහාරස්ථානයද සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබේ.
එදවස නාගදීප වැවෙන් වටවූ පාරක්වත් නොමැතිව වල් වැදී තිබූ මෙම පුදබිමට පුරාවිද්‍යා කොමසාරිස්් රෝලන්ඞ් සිල්වා මහතා පැමිණ ඇත්තේ ඔරුවකිනි.
පුරා විද්‍යාත්මක කැණීම් සිදුකිරීමට උත්සාහ කළ අවස්ථාවේ පැරැුණි සංඝාවාසයේ නටබුන් කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබේ.
එහි දොරටුවේ තිබූ රූප රහිත ස`දකඩපහණ හා ගල් අත්තිවාරමක කොටස් මෙහිදී අධීක්ෂණයට ලක්ව ඇති අතර, ඉපැරැුණි විහාරගෙයි මතම පසුව සංඝාවාසය ඉදිකර ඇති බවට කරුණු හෙළි කරගෙන ඇති බව හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ (ඌව) ඞී.ඞී. විජේපාල මහතා මීට පෙර මා දැනුවත් කර තිබූ අයුරු මට සිහිවිය.
ආචාර්ය රෝනල්ඞ් සිල්වා මහතා පුරාවිද්‍යා කොමසාරිස්ව සිටියදී මුල්වරට මෙය අනාවරණය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙහි ඇති බ‍්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපිය කි‍්‍ර.ව. 9-10 අතර කාලයට අයත් යැයි කිවහැ
කි බවද හෙතෙම පැවසීය. රාජ්‍ය නිලධාරි සම්මුතියකට පැමිණ විහාරස්ථානයට ප‍්‍රදානය කළ වරප‍්‍රසාද පිළිබ`දව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.
දැනට ඇති සංඝාවාසය වටා ඇති ශෛලමය නටබුන් ඉපැරැුණි බුදුගෙයි සලකුණු පෙන්නුම් කරඇති බවත් ඉපැරැුණි විහාරගෙය සංඝාවාසයට යටවී ඇති බවට සාක්ෂි ලැබී ඇති බවත් ඔහු පැවසූ අයුරු මට සිහිපත් විය.
සියළු පහසුකම් ද සහිතව භික්ෂුන් වහන්සේලා දහ දොළොස් නමකට වුවද සුව පහසු ලෙසින් වාසය කළහැකි අභිනව ආවාස ගෙය සදහා රුපියල් එක්කෝටි තිස් දෙලක්‍ෂයක් ඇස්තමේන්තු කර තිබුණත් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් හා රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් ආත්මා ඞී. ලියනගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙය රුපියල්් ලක්‍ෂ පනහක (ලක්ෂ 50) පිරිවැයෙන් ඉදිකළ බවද දැනගන්නට ලැබුණි.
නොබෝදා පැවැති ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී හිටපු ජනාධිපතිතුමා හදිසියේම පැමිණ මෙම සංඝාවාසය විවෘත කර පූජා කර තිබේ. මෙතරම් සුවිසල් සංඝාවාසයේ එක් හිමිනමක් පමණක් වෙසෙන්නේ කෙසේදැයි විමසූ විට අපට දැනගන්නට ලැබුණේ අද්භූත සිදුවීම් මාලාවකි.
මේ පන්සලේ මම හිටියට වෙන කාටවත් ඉන්න බැහැ මහත්තයෝ, හාමුරුවෝ පවසද්දී උන්වහන්සේ සමග සිටි කැටගොඩ රත්නායක මුදියන්සේලාගේ සිරිවර්ධන (67) ”අවසරයි හාමුදුරුවනේ” කියමින් කතා කරන්නට පටන් ගත්තේය.
මේ හාමුදුරුවෝ හිටියට වෙනත් හාමුදුරුවන්ට මෙහේ ඉන්න බැහැ මහත්තයෝ. පසුගිය කාලයේ හාමුදුරුවරු ගණනාවක්ම ආවා ඒත් කාටවත් ඉන්න බැරි වුණා.
අද්භූත බලවේග ඒ හාමුදුරුවරු බය කරලා පන්නා ගන්නවා. ඒ හාමුදුරුවරු කිව්වේ ?ට නින්දේ ඉන්නකොට බෙල්ල මිරිකන්න එනවා කියලා. මෙහෙන් වහාම පිටවෙන්න කියලා බය කරනවලූ.
කොහොම නමුත් මේ හාමුදුරුවෝ නම් අවුරුදු ගණනක් බය නැතිව තනියම ඉන්නවා. නිධන් හොරු ආවත් ඒවාට ඉඩ නැහැ, හැම දෙනාම ගියේ පැරදිලා. හැම පැත්තෙන්්ම නාගයෝ මතු වෙනවාලූ.
”ඔබ වහන්සේටත් නිධන් හොරුන්ගෙන් කරදර සිද්ධ වුණා නේද” යි සිරිවර්ධන විමසද්දී උන්වහන්සේ හිස සැලූ නමුත් ඒ පිළිබ`ද වැඩි විස්තර කිව්වේ නැත.
කෙසේ නමුත් උන්වහන්සේ මෙසේ පැවසූහ.
”මම ඉපදිලා තියෙන්නේ රාක්ෂ ගණයෙන්. ඒ නිසා මම අද්භූත දේවල් වලින් බය වෙන්නේ නැහැ. හැබැයි පන්සලට ආව සමහරුන්ට ගූප්ත ආකර්ශනය තියෙනවානේ. ඒගොල්ලෝ ආවම එයාලගේ ශරීරයට දැනෙනවා. ඒ දැනුනායින් පස්සේ එයාලට වෙවුලූම් ගතිය ටිකක් හැදෙනවා. ඒගොල්ලෝ කියනවා හමුදුරුවනේ මෙතන බලවේග තියෙනවා බලන්න මගේ රෝම කූප කෙළින් වුණා කියලා. සමහරු ආව ගමන්ම කියනවා ලොකු බලවේග තියෙන තැනක් මේක කියලා. පසුගිය කාලයෙත් කරදරකාරයෝ ආවා. ඒ ආවට එයාලට මොකක්වත් ගන්න බැහැ.”
”හැබැයි මම දේවාලයකින් බැලූවා එතකොට කිව්වා පසුගිය කාලේ යන්ත‍්‍ර මන්ත‍්‍රකාරයෝ ඒ නාග බන්ධනය කළාලූ. ඒ නාගබන්ධනය කැපුවම නාගයෝ ආයෙත් එනවා කියලා කිව්වා.”
”මම හැමදාම හැන්දැවේ 6.30 ට ගිලන් පස පූජා කරනවා. සමහර දවස්වලට ? වෙනවා. සමහර දවස්වලට කවුරුහරි ඇවිල්ලා කථාකර කර හිටියත් එයාලා ගියාම මම ඒ ගිලන්පස පූජාව අනිවාර්යෙන්ම තියෙනවා. ? වුණත් පහන් පත්තු කරලා තියෙනවා. එක දවසක් මම පහන් පත්තු කරලා දේවාලේ තියෙන සූනියම් දෙයියන්ගේ රූප දෙක ළඟට පහන් පත්තු කරන්න යනකොට සුදුපාට නාගයා යනවා මම දැක්කා. තනිකර සුදු පාටයි අඩි 4ක් විතර දිගයි.”
”කොහොම නමුත් මෙහි කැණීම් කරන්න හැමදාමත් බාධා එනවා. එකපාරක් ඩෝසර් කරන්න යනකොට ඩෝසරයක් ගිනි අරන් තියෙනවා.”
”1968 දී නාගදීපය කියන ගම අයින් කරලා කැප්ටන් සෙනෙවිරත්න මහත්තයා තමයි මේ නාගදීප ව්‍යාපාරය ආරම්භ කළේ. එතකොට මෙහි වැඩවාසය කරලා තියෙන්නේ කොටගම සුමංගල හාමුදුරුවෝ. මේ කියන ව්‍යාපාරය හැදුවට පස්සේ මේ පන්සල් භූමිය සම්පූර්ණයෙන්ම යටවෙනවා, අපි අංග සම්පූර්ණ පන්සලක් හදලා තිස්සපුර කියන ප‍්‍රදේශයේ පදිංචි කරනවා කියලා ඒ ඉංජිනේරුවරු කියලා තියෙනවා හාමුදුරුවන්ට. ඒත් එහෙම වුණේ නෑනේ. හාමුදුරුවොත් ඉතින් තිස්සපුර ඉඳලා ඇවිත් සැරෙන් සැරේ මේ වැඩ කටයුතු දිහා බලාගෙන ඉඳලා තියෙනවා.”
”යටවෙලා තියෙන විහාර ගේ මතු කර ගත්තොත් බොහෝ ඉතිහාස කරුණු සෙල්ලිපි මතුවෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.”
මේ විහාරස්ථානයේ වාර්ෂික පුණ්‍යෝත්සවය දින 7ක් මුළුල්ලේ පැවැති බවත් එක් දිනකට එක් ගමකින් පෙරහැරක් බැගින් පෙරහැර 7ක් විහාරස්ථානයට පැමිණ පුද පූජා පැවැත්වූ බවත් පැරැුණි අය කියති. එහෙත් පසුව දීර්ඝ කාලයක් තිස්සේ ස්ථිර භාරකර හිමිනමක් නැතිවීමත් සමග ඒ සියල්ල නතර වී තිබේ.
එහෙත් භාරහාර වීමට හා ඒවා ඔප්පු කිරීමට නන්දෙසින් පැමිණෙන බැතිමතුන් දැකිය හැකිය. එසේ විශාල පිරිසක් පැමිණෙන බවත් ඒ අතර ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයින්ද සිටින බවත් බේරුවල ධම්මරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ පැවසූ මේ අදහස ද අප මෙම විශේෂාංගයට එක් කළේ එය විවාදාත්මක කරුණක් වියහැකි යැයි සිතූ බැවිනි.
”මහත්තයෝ සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාවෙත් තියෙන්නේ මහියංගනං නාගදීපං කියලා. බුදුහාමුදුරුවෝ වැඩිය නාගදීපය කියලා කියන්නේ මේ ස්ථානයලූ. යාපනයේ තියෙන ස්ථානයට නෙවෙයි. මහියංගනයේ නාග ගෝත‍්‍රිකයන් හිිටපු බවට නාග වනය හොඳින්ම සාක්කි දරනවා. බුදුන් වහන්සේ පළමු වතාවට මහියංගණයට වැඩම කරලා දෙවන වරට මෙම ස්ථානයට වැඩියා කියලා තමයි කියන්නේ. මෙහෙම ජනප‍්‍රවාදයේත් තියනවා. රේණුකාණේ චන්දවිමල හාමුදුරුවෝත් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝත්, ඒ බව සඳහන් කරලා තියෙන බව දැනගන්න තියෙනවා.”
”මහියංගණයේ ඉඳලා මෙම ස්ථානයට ඒ තරම් දුරක් නෑ. පා ගමනින් වුණත් එන්න පුළුවන්. යාපනයේ තියෙන නාගදීපය පස්සේ කාලෙක හදාගත් එකක් කියලා තමයි කියන්නේ.”
”ලංකාව කියන්නේ ඒ කාලේ ඉන්දියාවෙම කොටසක් නේ, ලංකාවට එන්න හැතැප්මක විතර දුරක් තමයි තිබිලා තියෙන්නේ. එහෙ මිනිස්සු ලංකාවට ඇවිත් තියෙන්නේ වෙළෙඳාම සඳහා. පස්සේ යාපනේ පදිංචිකාරයෝ බවට පත්වෙලා තියෙනවා. එයාලා වන්දනාමාන කරන්න කෝවිලක් හදලා තියෙනවා. ඒ නයිනතිව් දූපත නිසා පසු කාලෙක එය නාගදීපය කියලා හඳුන්වලා තියෙනවා කියලයි මම නම් අහලා තියෙන්නේ” යැයි උන්වහන්සේ අවසන් වශයෙන් පැවසුහ.
ගුප්ත පරිසරයේ මානය දෑසින් ඉවත් වුවද මනසින් දකිමින් අපි නාගදීප වැවේ සොරොව්ව පසු කළෙමු.

Sunday, March 15, 2015

බුදු සරණින් මීහරක් වැඩක් - මහියංගණයේ නිදැල්ලේ යන හරකුන් මස් පිණිස පටවාගෙන ආ බව කියන පස් දෙනකු අත් අඩංගුවට

බුදු සරණින් මීහරක් වැඩක් - මහියංගණයේ නිදැල්ලේ යන හරකුන් මස් පිණිස පටවාගෙන ආ බව කියන පස් දෙනකු අත් අඩංගුවට
2015 මාර්තු මස 15 14:21:31
 
එළහරකුන් හා මීහරකුන් විසිතුන් දෙනකු සමග ලොරියක්ද ඔත්තු බලමින් ගිය වෑන් රියක් හා බුදු සරණයි යනුවෙන් ඉදිරිපස ප්‍රදර්ශනය කළ ත්‍රීරෝද රථයක් ලග්ගලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහියංගණයේ නිදැල්ලේ යන හරකුන් මස් පිණිස පටවාගෙන ආ බව කියන පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් රියදුරා පැන ගිය බවත් පොලිසිය කියයි.




වෙඩි තැබිමකින් 3 කණුයව ප්‍ර දේශයේ පුද්ගලයෙක් මරුට - විස්ථර බලාපොරොත්තුවන්න

වෙඩි තැබිමකින් 3 කණුයව ප්‍ර දේශයේ පුද්ගලයෙක් මරුට - විස්ථර බලාපොරොත්තුවන්න
2015-03-15 ප.ව. 11:202015
මහියංගන ගිරාදුරුකෝට්ට මාර්ගයේ 3 කණුයව ප්‍ර දේශයේ අද(15) රාත්‍රි 9.30ට පමණ වෙඩි තැබිමකින් වයස අවුරුදු 31ක තරුණයෙකු මියගොස් ඇත. තුවාල කරු රෝහල වෙත ඇතුලත් කරන මොහොත වන විටත් මියගොස් සිට ඇත. විස්ථර බලාපොරොත්තුවන්න

එක්සත් ජාතික පක්ෂය සදහා නව සාමාජිකයන් බදවා ගැනිමේ විශේෂ වැඩ සටහනක්

එක්සත් ජාතික පක්ෂය සදහා නව සාමාජිකයන් බදවා ගැනිමේ විශේෂ වැඩ සටහනක් 
අද (2015-03-15) උදැසන මහියංගන නගරයේ පැවති අතර ආදිවාසී ගම්වාසින් රැසක් ඇතුලු විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදි



Friday, March 13, 2015

දුප්පත්ම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ ගොවියන්ට කුඩම්මාගේ සැලකිලි - රිදිමාලියද්දේ ගොවියන් පාරට බසි

2015-03-11 ප.ව. 1:56
කුඹුරු කෙටුවා - වි වැපුරුවා, දහදිය ලේ - පොහොර කෙරුවා, අස්වනු ටික - රටට බෙදුවා, පාලකයින් - අප රැවටුවා
බලධරයිනි - මේ අහන්න, කුඹුරු ඉඩම් - වැඩ කරන්න , වි ගොවියට - දිරිය දෙන්න, බිත්තර වි - මුදල් දෙන්න 
යැයි පවසමින් හා බිත්තර වි සල්ලි මහියංගනයට දුන්නා.... අපිට නොදුනේ ඇයි? කියමින් රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ රිදිමාලියද්ද ඒකාබද්ද ගොවි සමිතියේ ගොවියන් විශාල පිරිසක් රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට බිබිල මහියංගන මාර්ගයේ අද (2015-03-11) උදැසන 10.00 පමණ විරෝධතාවයක නිරත විය.
පසු ගිය රජයේ අයවැය මගින් ගොවියන්ගේ වගා හානි සදහා වු සහනයක් ලෙස ලබාදිමට පොරොන්දු වු බිත්තර වී සදහා මුදල් ලබා නොදිම සම්බන්දයෙන් සිය විරෝධතාවය ප්‍රකාශ කලේය. ඒසදහා සියයක් (100) පමණ පිරිසක් එක් වි සිටියේය.
ලංකාවේ දුප්පත්ම ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවලින් එකක් වන රිදිමාලියද්දට මෙවැනි කුඩම්මාගේ සැලකිලි සිදු කිරිමෙන් තවදුරටත් සිදුවන්නේ පහලම ස්ථානයේ සැමදා රැදිසිටිමට සිදු වන බව ගොවි ජනතාවගේ ප්‍රකාශයන් වල සදහන් වු අතර මෙවැනි කෙනෙහිලි කම් නැති කර ගොවිජනතාවට සහන සලසාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඔුහුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
විරෝධතාවයේ යේදි සිටි පිරිස ප්‍රා දේශීය ලේකම් කාර්යාල භුමිය වෙත ගමන් කිරිම සදහා උත්සහා දැරු අතර මහියංගන පොලිස් නිළධාරින් විසින් එය වැලැක් වුයේය.
ඉන් අනතුරුව විරෝධතාකරුවන් බිබිල මහියංගන මාර්ගය හරස් කර විරෝධතාවයේ නිරත වු අතර වගකිවයුතු නිළධාරියෙක් පැමිණ විසදුම් ලබාදෙනතුරු විරෝධතාවයේ නිරත වන බව පමසමින් විරෝධතා කරුවන් විරෝධතාවයේ නිරත විය.
මාර්ගයේ ගමනගමනයට බාදා සිදු විමත් සමගම මහියංගන පොලිස් නිළධාරින් මැදිහත්ව රිදිමාලියද්ද සහකාර ප්‍රාෙද්ශිය ලේකම් එච්. ටි. ඩබ්ලිව්. චතුරංග මහතා ගෙන්වා විරෝධතා කරුවන් අතර සාකච්චාවකට අවස්ථාව ලබාදුන් අරත දුරකථනයෙන් බදුල්ල දිස්ත්‍රික් සහකාර ලේකම් ගාමිණි මහින්ද පාල ජෝපියස් මහතා හා ගැටලුව සම්බන්දයෙන් සාකච්චා සිදු කල අතර ඉදිරි 19 වන දින සවස ගොවියන් සමග සාකච්චාවක් ලබාදිමට පොරොන්දු වු අතර ඒ සම්බන්දයෙන් ලිඛිත පොරොන්දුවක්ද ලබාදිමෙන් පසු ගොවියන්ගේ විරෝධතාවය අවසන් විය.
විසිර යමින් ගොවි ජනතාව ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදි මුදල් නොලැබුනහොත් මෙවැනිම විරෝධතාවයක් සංවිධානය කරන බවයි.

Monday, March 9, 2015

හසලක ගාමිණි සමරයි


2015 මාර්තු මස 09 14:28:57 |
   
 
1991 වසරේ අලිමංකඩ යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදීන්ගේ  බුල්ඩෝසරයට පැන එය පුපුරුවා කඳවුර බේරාගත් හසලක ගාමිණි රණවිරුවා සැමරීමේ  රාජ්‍ය උත්සවය අද (09)කොළඹ හත විද්‍යා මාවතේ පිහිටි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ආරක්ෂක රාජ්‍ය  අමාත්‍ය රුවන්  විජයවර්ධන මහතා හසලක ගාමිණි රණවිරුවාගේ මෑණියන් වන වයි ජී ජුලියට් මහත්මියට මුදල් ත්‍යාගයක් ද පිරිනැමීය.
මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා  සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද එහි වුහ.