Tuesday, June 30, 2015

රක්ෂණ වන්දිය නොගෙව්වා යැයි පවසමින් ව්‍යාපාරිකයෙක් රක්ෂණ සමාගමේ සේවකයන් පලවා හැර ආයතනයට ඉබි යතුරු දමයි.


2015-06-30 පෙ.ව. 7:33

පසුගිය වර්ශා සමයේ තම ව්‍යාපාරික ස්ථානය ගංවතුරට යටවිම හේතුවෙන් රක්ෂණ ආයතනයකින් තමන් හට ලැබිමට තිබු මුදල් ලබාදිම පැහැර හැරිම හා ප්‍රමාද කිරිම හේතුවෙන් ව්‍යාපාරිකයා විසින් අදාල රක්ෂණ සංස්ථාවේ සේවකයන් එම ස්ථානයෙන් පන්නා දමා  එම ව්‍යාපාරික ගොඩනැගිල්ලට ඉබියතුරු දැමිමේ සිද්දියක් අද (2015-06-30) උදැසන මහියංගන නගරයේදි සිදු වි ඇත.
සිද්ධිය සම්බන්දයෙන් රක්ෂණ ආයතනය විසින් මහියංගන පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර  පාර්ශව දෙක පොලිසිය වෙත ගෙන්වා සිද්ධිය සම්බන්දයෙන් විමර්ෂණ සිදු කිරිමේදි ව්‍යාපාරිකයාහට ගෙවිමට තිබු රක්ෂණ වන්දි මුදල වන ලක්ෂ 38 මුදල ගෙවිමට කළමණාකාරිත්වය එකගතාවය ඵල කිරිමෙන් පසු සිද්ධිට සමතයකට පත්ව ඇත.
මහියංගන නගරයේ මහනුවර මාර්ගයේ ඇති රක්ෂණ සමාගමක් මෙම අකර තැබ්බයට මුහුන පා ඇති අතර ව්‍යාපාරිකයා මහියංගනයේ කලුගල් හා හෝටයක් සහ වාහන සේවා ස්ථානයක් හිමි ව්‍යාපාරිකයෙකි.



මෙවර 2015 මහ මැතිවරණයේ ප්‍රථම ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගනයෙන්

6/29/2015 11:02 PM
පෝස්ටර් අලවමින් සිටි මහියංගන එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් පිරිසකට ඊයේ රාත්‍රි (29) මහියංගන නගර මධ්‍ය යේදි මැර ප්‍රහාරයක් එලවි ඇති අතර තියුණු කැපුම් ආයුධයකින් පහර දිමෙන් එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවෙකු කැපුම් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔහු මේ වන විට ශ්‍යල්‍ය වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අංක 128, මිගහපිටිය, සොරබොර යන ලිපිනයේ පදිංචි එච් ඊ අජිත් චාමර වන අතර ඔහු වයස 32ක තරුණයෙකි.
හිටපු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රිවරයෙක් මෙන්ම මහියංගන ප්‍ර දේශයේ මන්ත්‍රිවරයෙකුගේ ආධාර කරුවන් පිරිසක් පැමිණ තමන්ට හා තම සගයන් හට ප්‍රහාර එල්ල කල බවත් තියුණ කැපුම් ආයුද උපයෝගි කර ගනිමින් ප්‍රහාර එල්ල කල බවත් නගරයේ කොළ පාටින් සරසන ලද කොඩිවැල් කපා දැමුබවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් මහියංගන මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අජිත් චාමර ප්‍රකාශ කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ රට පුරා ක්‍රියාත්මක වු පෝස්ටර් ව්‍යාපාරයේ යෙදුන මහියංගනතරුණයේ 06 දෙනෙකු මහියංගන නගරයේදි මෙසේ ප්‍රහාරයට ලක් වි ඇත.
2015 මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර සුලු දින කිහිපයක් ගත වන්නට මත්තෙන් ප්‍රථම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගන නගරයෙන් වාර්ථාවේ.
මේ වන විට සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක අතර පහර දිමට සම්බන්ද සැක කරුවෙකු මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

Monday, June 29, 2015

මාර්ග නිති රිති පිළිබද පාසැල් සිසුන් දැනුවත් කෙරේ

 2015-06-29 පෙ.ව. 7:49

මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශය හා ශ්‍රිලංකා ‍පොලිසියේ දෙපාර්ථමේන්තුවේ රථවාහන මුලස්ථානයේ නිළධාරින් මැදිහත්ව මහාමාර්ග වල දිනෙන් දින සිග්‍රෙයන් ඉහල යන මාර්ග අනතුරු සම්බන්දයෙන් මහියංගන අවට පාසැල් දරු දැරියන් දැනුවත් කර මාර්ග අනතුරු අවම කර ගන්නා ආකාරය පිළිබද දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද උදැසන මහියංගන රජ මහා විහාරස්ථානයේ රැස්විම් ශාලාවේදි හා දහවල් මහියංගන නගර මධ්‍යයේ සිදු කෙරින.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා රථවාහන අංශයේ ප්‍රධානි පොලිස් පරික්ෂක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා සංවිධානයෙන් මෙම දැනුවත් කිරිම ඉතාමත් ආකර්ශනිය ආකාරයට සංවිධානය කර තිබුනි.








කොන්දේසි උල්ලන්ගනය කර වැලි ගොඩදැමු 13කට වැඩ වරදි - එස් ටි එෆ පැන අල්ලයි - උසාවියේදි 10000 බැගින් දඩ

2015-06-29 පෙ.ව. 2:15

ගිරාදුරුකොට්ටේ පොලිස් බල ප්‍ර දේශයේ අලුත්තරම ගම්මානයේ මහවැලි ගග ආශ්‍රිතව වැලි බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් වැලි ගොඩදැමු පිරිසක් පසුගියදා (26) දින අරලගංවිල වි‍ශේෂ කාර්ය බලකා හමුදා නිළධාරින්ගේ විශේෂ වැටලිමක් මගින් අත් අඩංගුවට ගෙන ගිරාදුරුකෝට්ටේ පොලිසිය වෙත බාර දිමෙන් පසු අද (29) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදි මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් වයි බී අබේරත්න මහතා විසින් එක් අයෙකුට රුපියල් 10000 බැගින් 13 දෙනෙකුට දඩ ගෙවන ලෙස නියෝග කර ඇත.



Sunday, June 28, 2015


මහියංගන එක්සත්ජාතික පක්ෂ ආසන බලමන්ඩල හමුව



මහියංගන එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල හමුව ඊයේ (27-06-2015) උදැසන 10ට මහියංගන සි පි ජේ සෙනෙවිරත්න ශාලාවේ සංවිධානය කර තිබුනි. ඌව පළාත් සභා මන්ත්‍රි හා මහියංගන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක උපාලි සේනාරත්න මහාතාගේ සංවිධානයෙන් එය සංවිධානය කර තිබුනි. දිවන්ගත හිටහු එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සංවිධායක හා කම්කරු අමාත්‍ය සි පි ජේ සෙනෙවිරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝහාරයක්ද මෙහිදි සිදු කෙරිනි. පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන්හට සාමාජිකත්වය තහවුරු කිරිමේ සාමාජික කාඩ්පතක්ද මෙහිදි පිරිනැමිම හරින් ප්‍රනාන්දු මහතාගේ සුරතින් සිදු කෙරිනි.
පාර්ලිමෙන්තුව ඊයේ මධ්‍යම රාත්‍රිෙයන් පසු විසුරුවැ හැරිමෙන් පසු උව පළාතේ එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල හමුව අද මහියංගනයේදි පවත්වන්නට හැකි වීම මහත් සතුටට කරුණක් බව ප්‍රධාන අමුත්තා ලෙස ඊට සහබාගි වෙමින් ඌව පළාත් මහා අමත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැමින සිටි ජනතාව හමුවේ ප්‍රකාශ කර සිටියේය.







තම ඉඩමේ නිධන් හාරමින් සිටි දෙදෙනකු සමග බැකෝ යන්ත්‍රයක්හා නිධානය හෑරීමට අවශ්‍ය පූජා භාණ්ඩද රැසක්ද සමගින් ගිරාදුරුකෝට්ටේ පොළීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


තම ඉඩමේ නිධානයක් ඇති බවට ශාෂ්ත්‍රකරුවෙකු විසින් කියන ලද අනාවැකියකට අනුව නිධන් හාරමින් සිටි දෙදෙනකු සමග බැකෝ යන්ත්‍රයක්හා නිධානය හෑරීමට අවශ්‍ය පූජා භාණ්ඩද රැසක්ද සමගින් ගිරාදුරුකෝට්ටේ පොළීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවෙට පත්ව ඇත්තේ මිල්ලත්තාව ඩී/2,අංක 66 හි පදිංචි එම්.ජී.තිලක් මාරස්සන (23),හා ඊ.එම්.අනුරුද්ධ නුවන් (30) යන තරුණයින් දෙදෙනෙකු වන අතර පෙරේදා(27) ස්ථානාධිපතිවරයාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පී.රඹකැන්පුර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 2 (07/02)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර ඇත. මෙම නිධානය හෑරීම සදහා පැමිණි කට්ටඩියා පැන ගොස් ඇති අතර ඔහු සොයා පරීක්ෂණ දියත් කර ඇතැයි පොළීසිය පවසයි.
ගිරාදුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති පා.ප.මොහාන්දසිල්වා මහතාගේ උපදෙස් මත, පො.සැ.58004 වේරගොඩ,පො.කො.71093 නාලක,පො.කො.57233 රඹුක්වැල්ල,පො.කො.77482 නන්දන යන නිළධාරීහු පරීක්ෂණ මෙහෙයවන අතර අදාල ස්ථානය පිළිබදව පුරාවිද්‍යා වාර්ථවක් ලබා ගැනීමටද නියමිතය.

පාර මාරුවෙමින් සිටි මගියෙකු මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත.

පසුගිය සිකුරාදා (27දින) රාත්‍රී 7.30ට පමණ ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම පර්යේෂණ ගොවිපළ අසලදී පාර මාරුවෙමින් සිටි මගියෙකු මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හොබරියාව ඩී2 අංක36 දරණ නිවසේ . ඒ.එම්.ජී.අබේසිංහ බණ්ඩා නමැති 57 හැවිරිදි තිදරු පියෙකි.ඔහු ගිරාඳුරුකෝට්ටේ නගරයේ සිට සිය නිවෙස බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුර සිදු කළ මෝටර් රථය දෙහි අත්තකණ්ඩිය ඇඟලුම් කම්හලක සේවයට යොදවා ගන්නා ලද එකක් බව අනාවරණය වී ඇති අතර එය දෙහිඅත්තකණ්ඩියේ සිට මහියංගණය බලා ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුවීඇත.
මෝටර් රථයේ රියැදුරු තුවාල ලබා මහියංගණය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ගිරාඳුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති පොළිස් පරීක්ෂක මොහාන්ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පො.සැ.54189 විජේරත්න,පො.සැ.62241 පියදාස,පො.කො.36020 මල්දෙණිය යන නිළධාරිහු පරීක්ෂණ මෙහෙයවූහ.

Tuesday, June 23, 2015

News1st Online Academy launched at the Mahiyanganaya National School

News1st Online Academy launched at the Mahiyanganaya National School
8:56 PM 6/23/2015
පිවිසෙන්න http://newsfirst.lk/academy/
නිව්ස්ෆස්ට් ඔන්ලයින් ඇකඩමිය මහියංගනය ජාතික පාසලේ එළිමහනේ සංවිධාන කළ උත්සවයකදී එළිදැක්විය.
මහියංගනය ජාතික පාසලේ ප්‍රධාන ශාලාව අලුත්වැඩියා නොකර තිබියදී ත් එම පාසලේ ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මහත් කැපවීමකින් යුක්තව මෙම උත්සවය සාර්ථක ලෙස එළිමහනේ පැවැත්වීමට කටයුතු කර තිබිණි.




















යතුරුපැදියේ ගිය කොස්තාපල් රිය අනතුරකින් මරුට - අනතුර සිදු කල වාහනය පලා ගිහින්


2015-06-15 ප.ව. 6:32
මහියංගන මහනුවර මාර්ගයේ හුන්නස්ගිරිය දෙකේ වංගුව අසලදි පොලිස් කොස්තාපල්වරයෙකු ගමන් කල යතුරුපැදියක් අනතුරට පත්විමෙන් කොස්තාපල් වරයා එම ස්ථානයේදිම ඊයේ (14) උදැසන මරණයට පත් වි ඇත
මෙසේ මියගොස් ඇත්තේ බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කල මහියංගන පුජානගරය , ගොවිපල පිටුපස, අංක 2/10 නිවසේ පදිංචිව සිටි වයස 52ක් වන පොලිස් කොස්තාපල් (54191) ඩබ්ලිව් එම් ගුණසිංහ බංඩා ලෙස හදුනා ගෙන ඇත.
අනතුර සිදු කර පලාගිය වාහනය හා රියදුරා පිළිබදව අනාවරණය කර ගැනිම සදහා උඩදුම්බර පොලිසිය පරික්ෂණ සිදු කෙරේ.

වෙළෙදසැල් සේවිකාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිදෙනෙකු විසින් දුෂණය කරලා - තරුණිය නුවර රෝහලේ


වෙළෙදසැල් සේවිකාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිදෙනෙකු විසින් දුෂණය කරලා - තරුණිය නුවර රෝහලේ
2015-06-07 පෙ.ව. 11:12
මහියංගන නගරයේ වෙළෙදසැලක සේවය කරන වයස අවුරුදු 20ක සේවිකාවක් බලහත්කාරයෙන් ත්‍රිරෝදරථයක නන්වාගෙන සපුගිය 05 දින සවස පැහැරගෙන ගොස් තිදෙනෙකුවිසින් දුෂණය කර තමන් මහ මග දමා ගිය බවට තරුණියක් විසින් මහියංගන පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
වෙළෙදසැලේ සේවය නිමවි තමන් නිවෙස්බලා යෑමට මහියංගන නගරයේ රැදි සිටියදි ත්‍රිරෝදරථයකියන් පැමිණි තරුණයන් තිදෙනෙකු තමන් බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයේ නන්වාගෙන ආදාඋල්පත ප්‍ර දේශයට රැගෙන ගොස් කාමරයකදි සමුහ දුෂණය කල බවත් පසුව තමන් ආදාඋල්පත ජාතික පාසැල ආසන්නයේ මහ මගට රාත්‍රිෙය් එම පිරිස විසින් ගෙන දැමු බවත් පැසැලේ මුර කරු දැක තමන්හට රෝහලට පැමිණිමට උදව් කල බව පැමිණිල්ලේ සදහන්ව ඇති අතර සිද්දියේ බොහෝ සිදු විම් තමට මතක නොමැති බවත් ඒ මොහොතේ තමා සිහි මද ගතියකින් සිටි බවත් තමන් හට සිහි නැති කිරිමට තරුණයන් විසින් කුමක් හෝ සිදු කර ඇති බවත් ඇය පවසන්නිය.
මෙම තරුණිය මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලවත්ව අති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහල වෙත මාරුකර යවා ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

Friday, June 5, 2015

දිස්ත්‍රික් ලේකම්තුමාගේ කථාවෙන් වැලි සංගම් කිපෙයි ගැටුමක් සිදු නොවි නුලෙන් බේරෙයි.

2015-06-05 ප.ව. 12:18
“පරිසරයේ රිරිමාංශය උරාබොන්නේ මේ වැලි කණින්නෝ.. හෙට අනිද්දා අපිට කියන්නවෙන්නේ බුදු හාමුදුරුවො එදා කිව්ව කථාවට වඩා වෙනස් කථාවක් .. බදුල්ලේ නාය නොගිය තැනකින් පස් මිටක් හොයා ගෙන එන්න කියන්නයි වෙන්නේ. නාය නොයන තැනක් හොයා ගන්න බැර තරමට හෙට අනිද්දා වෙනකොට නාය යන්න පටන් ගනියි මේ තරමට මහවැලි ගගේ වැලි යක්ෂයෝ වැලි ගොඩ දානවා. එක නිසා පරිසරය රැක ගන්න අපි හැමොගෙම අවදානය‍ොදන්න ඕන“ යැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ලෝක පරිසර දිනය නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන උත්සවය අමතමින් මහියංගන මහවැලි ගං නදිය අසබඩ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහියංගන වන අඩවි කාර්යාලයේ වන ව්‍යාප්ති අංශය මගින් සංවිධානය කර තිබු උත්සවයකදි පැවසිය.
2015 ජගත් පරිසර දිනයට සමගාමිව මහියංගන වන අඩවි කාර්යාලයේ වන ව්‍යාප්ති අංශය හා භූ විද්‍යා පතල් කාර්යාංශය හා මහියංගන වැලි කැණිම් හිමියන්ගේ සංගමය එක්ව මහියංගන මහවැලි ගංගාව දෙපස ඉවුරු සංසරක්ෂණය කිරිමේ වැඩසටහනක් ලෙස කුඹුක් පැල සිටුවිමේ වැඩසටහනක් සංවිධානය කාර තිබුනි. “ ජිවන ගංගාවේ ලයාන්විත ආයාචනය“ නමින් ජනතාව දැනුවත් කිරිමේ අත් පත්ත්‍රිකා බෙදාදිමේ වැඩ සටහනක් ද මහිංයගන නගරයේ ක්‍රියාත්මක කෙරින.
දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ කථාවත් සමග උත්සවය සදහා සහබාගි විසිටි වැලි කැණීම් හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් අතර නොසන්සුන් තාවයක් ඇති වු අතර එහි එක් සාමාජිකයෙක් ශබ්ද නගා “ඔය කියන නිළධාරින්ම තමයි මේවාට පෝමිට් දෙනේනේ .. තව හෙට අනිද්දා තවත් පෝමිට් 800ක් දෙන්න යනවා කියලා ආරංච්. අපි මේ වැඩේට දවස් කිපයක් ඉදලා මහන්සි අනේ “ යැයි ආවේග ශිලිව කෑගැසිය. වහා වන සංරක්ෂණ නිළධාරින් හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිළධාරින් එක්ව කෑ ගැසු ව්‍යාපාරිකයා සමග කථා කර මෙම උත්සවය අවුල් නොකරන ලෙස දැන්විය. එහිදි විශාල වශයෙන් වංචනික ලෙස මහවැලි ගගේ වැලි ගොඩ දැමිම් හා නිතියට පිටින් බළය පාවිච්චිකර වැලි ගොඩ දමන බවත් පුලුවන්නම් ඒවා නතර කරන ලෙස ව්‍යාපාරිකයා නිළධාරින්ට පැවසිය. වැලි සංගම් විසින් ඒ සම්බන්දව දිස්ත්‍රික් ලේකම් තුමන් ලිකිතව දැනුවත් කරන බව එහිදි කියා සිටියේය.
2015 ජගත් පරිසර දිනය නිමිත්තෙන් මහියංගනයේ පැවති උත්සවය සදහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ
හා විශ්ව කිර්ති වනස්පති දඹාන ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද, භූ විද්‍යා පතල් කාර්යාංශයේ ටි එම් ඩබ්ලිව් බංඩාර මහතා, බදුල්ල දිසා වන නිළධාරි ආර් එම් විජයපාල මහතා, මහියංගන අඩවි වන නිළධාරි රොෂාන් බි වීරසුන්දර මහතා හා මහියංගන අඩවි වන නිළධාරි කාර්යාල නිළධාරින් හා ගම්වාසින් පිරිසක් සහබාගි වි සිටියේය.

Thursday, June 4, 2015

මහියංගනයේ රජ හොරු දෙදෙනෙක් මාට්ටු.

මහියංගනේ හා වේවත්තේ හොරු දෙදෙනෙක් රට පුරා ප්‍ර දේශ රැසකදි විෂ පොවා සුද්දෙ දාන හොර කල්ලියක් අම්බලන්ගොඩදි පොලිසියට මාට්ටු - 
2015-06-04 ප.ව. 6:35
ප්‍රශ්න කිරිම් වලදි අම්පාර ඇල්ල ඇහැලියගොඩ අවිස්සාවේලල වැලිමඩ ඇඹිලිපිටිය බණ්ඩාරවෙල මොණරාගල බිබිල බුත්තල හසලක 
හෙට්ටිපොල බදුල්ල පොලොන්නරුව කන්දකැටිය යන ප්‍ර දේශවල මහමගදි මුදල් ඇති පුද්ගලයන් සමග මිතුරුවි විෂ යෙදු බිම බිමට ලබාදි ඹහුන් සතු රත්‍රන් හා මුදල් දේපළ මෙලෙස කොල්ල කා ඇති බවට ප්‍රශ්න කිරිම් හමුවේ අත්අඩංගුවට පත් සොරුන් තොරතුරු පොලිසියට හෙලි කර ඇත මෙම කල්ලියේ ප්‍රධාන සැක කරු කළක් විදේශ ගතව සිට මහියංගනයේ ෆුඩ් සිටි සහිත ගොඩනැගිල්ලේ උඩු මහලේ හා සිටිබි බස්නැවතුමේ Max Mobile නම් ජංගම දුරකථන හලක් 2ක් පවත්වාගෙන යන අයෙකි

කපා කොටා ගාථනය කල හදුනා නොගත් මළසිරුරක් මහියංගනයේ කුඹුරක


2015-06-04 ප.ව. 1:10
මහියංගන, ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ හද්දත්තාව, 12 ඇල ප්‍ර දේශයේ කුඹුරක කපා කොටා ගාතනය කල මළසිරුරක් අද උදැසන කුඹුරට පොහොර ගැසිම සදහා ගිය යුවලකට හමුවි ඇති අතර පසුව ඔහුන් ගම්වාසින් දැනුවත් කර මහියංගන පොලිසිය දැනුවත් කර ඇත.
මළ සිරුර වයස අවුරුදු 30 - 40 අතර ප්‍රමාණක පුද්ගලයෙකුගේ වන අතර නිරුවත්,මුනින් අතට වැටි ඇති, හිසේ හා සිරුරේ ස්ථාන රැසක කැපුම් තුවල ඇති එකකි. සිරුර ආසන්නයේ ඇල මාර්ගයක තිබි ඩිජිටල් කැමරාවක්ද ගම්වාසින්ට හමුවි ඇති අතර එය පොලිසියට බාර දි ඇත. මේ වන තුරු මළසිරුර හදුනා ගෙන නොමැති බව මහියංගන පොලිසිය සදහන් කරති.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානයේ නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර මහේත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබේ.