Sunday, August 18, 2013

අභය භුමි කලාපයේ වෙඩිතබා මරණලද ගෝනෙක් සමග තවත් ගෝනෙකුගේ සිරිරු කොටස් සැක කරුවෙක් අත්අඩංගුවට

1:16 PM 8/18/2013
රංදෙනිගල රංටැඹේ වික්ටෝරියා අභය භුමි කලාපයේ බැලුම්ගල ප්‍රදේශයේ  වෙඩිතබා
මරණලද ගෝනෙක් සමග තවත්  ගෝනෙකුගේ සිරිරු කොටස් හා තිත් මුවෙකුගේ සිරුරේ
 කොටස් හා වේලන ලද ගෝන මස් කිලෝ 11ක් සමග වයස අව්රුදු 44 සැක කරුවෙක් හසලක
වන ජීවි කාර්යාලය මගින් 17 දින සවස අත්අඩංගුවට  ගෙන ඇති අතර
ඹහුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සැක කරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමග සිටි පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවි
සමග පැගොස් ඇති අතර ඔහුන් අත් අඩංගුවට ගැනීම සදහා හසලක වන ජීවි කාර්යාලයේ
නිළධාරින් පරික්ෂණ සිදු කරමින් සිටි. හසලක වන ජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක
බාතිය මඩුගල්ල මහතාගේ උපදෙස් මත අඩවි සහකාර මංජුල ප්‍රදීප් මහතා  ඇතුලු කන්ඩායමක්
මෙම වැටලීම සිදු කර ඇත.

Friday, August 16, 2013

දළදා සමිඳුන්ට මී පැණි පොජ්ජක්

 දළදා සමිඳුන්ට මී පැණි පොජ්ජක්

2013 අගෝස්තු මස 16 18:01:37 | . , ෂේන් සෙනෙවිරත්න
ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ආදීවාසී සාමාජිකයින්ද සමඟ වාර්ෂික මීපැණි පුජාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියේය.
අතීතයේ සිටම ආදිවාසීහු නුවර ඇසල පෙරහර සමයේ දළදා සමිඳුන්ට මී පැණි පුදති.
ආදීවාසි නායකයා දියවඩන නිළමේ නිලංග දෑල  මහතාද හමු විය.


Wednesday, August 14, 2013

පල්ලෙවත්තේදී වැන් රියක ගැටි පුද්ගලයෙක් මියයි

පල්ලෙවත්තේදී වැන් රියක ගැටි පුද්ගලයෙක් මියයි
2013-08-14 11:32 ප.ව.
ඊයේ (13) රාත්‍රි 8ට පමන මහියංගන හසලක මාර්ගයේ පල්ලෙවත්ත ප්‍ර දේශයේදී වෑන් රියක පුද්ගලයෙකු ගැටී පල්ලෙවත්ත ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගොස් ඇත. මිය ගිය පුද්ගලයා විවාහක දරුවන් තිදෙනෙක් හිමි පුද්ගලයෙකි. අනතුරට පත් වෑන් රියද හසලක පල්ලෙවත්ත ප්‍ර දේශයේම එකක බවට හසලක පොලිසියේ රථවාහන අංශය පවසනවා. රිය අනතුර සම්බන්දයෙන් හසලක පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ සිදු කරයි

මහියංගන නගරය මැද ඉදිවන රටේ දර්ශනියම ඔරලෝසු කණුවේ ආකෘතිය මෙන්න

මහියංගන නගරය මැද ඉදිවන රටේ දර්ශනියම ඔරලෝසු කණුවේ ආකෘතිය මෙන්න
8/12/2013 11:14 PM
මහියංගන නගරයේ වසර 23ක් පැරණි හෝරා ස්ථම්භය නවීකරණය කර රටේ දර්ශණීයම හෝරා ස්ථම්භයක් බවට පත්කිරීම ආන්ඩුපක්ෂ මහියංගන ආසන සංවිධායක ඌව පලාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතාගේ මැදිහත් වීමෙන් මේ වන විට වැඩ කටයුතු ආරම්භ කර ඇත.
දීර්ඝ කාලයක සිට මහියංගන නගරයේ අලුත්වැඩියාවක් සිදු නොකල එකම ස්ථානය වීම හා නගරයේ වැසියන්ට වසර ගනනාවක් නිසි වේලාව ප්‍රදර්ශනය කිරිමට සමත් නොව් මෙම හෝරා ස්ථම්භය කාලයාගේ ඇවැමෙන් දිරා පත් වී පාරේ ගමන් කරන මගීන් හා රථවාහන මතට එහි කොටස් (උළු) කඩා වැටීමට පටන් ගැනීම සැල කිල්ලට ගනිමින් සංවර්ධනය වෙමින් පවතින නගරයේ අලංකාරය වැඩිවන ආකාරයට මහියංගන නගරයටම වු අනන්ණ්‍යතාවයක් ගෙන දෙන අන්දමින් මෙම නව හෝරා ස්ථම්භය ඉදි කිරීම ආරම්භ කර ඇත. මෙම හෝරා ස්ථම්භය 1989 ගම්උදාව සදහා මහියංගන නගරයේ ඉදි වුවකි.

ජනපතිතුමන් මහියංගන රජමහා විහාරය හා සමන් දේවාලය වැද පුදා ගනි.

ජනපතිතුමන් මහියංගන රජමහා විහාරය හා සමන් දේවාලය වැද පුදා ගනි.
අද (10) උදැසන ජනපතිතුමන් මහියංගන රජමහා විහාරයට පැමිණ මහියංගන රජමහා විහාරයේ භාරකාර ධුරන්දර විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන් බැහැ දැක මහියංගන රජමහා විහාරය වැද පුදා ගත්තා
ඉන් අනතුරුව මහියංගන සමන් දේවාලය වැද පුදා ගැනීම සදහා පැමිණි අතිගරු ජනපති තුමන් දේවාල‍යේ බස්නායක නිළමේ ආනන්ද හින්කෙන්ද මහතා විසින් පිළිගන්වන ලද මල් වට්ටිට පුජා කිරීමෙන් අනතුරුව විශේෂ ආශිර්වාදයක් අතිගරු ජනපති තුමන් වෙනුවෙන් පවත්වනු ලැබුවා.
මෙම අවස්ථාව සදහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විධානගමගේ මහතා හා ඌව පලාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාද එක් වී සිටියා.




ලෝක ආදිවාසී දින සැමරුම අද (09 වන දින)

ලෝක ආදිවාසී දින සැමරුම අද (09 වන දින) දෙහිඅත්තකන්ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේදි ඌරුවරිගයේ වන්නිලා අත්තන්ගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින. 
දිවයින පුරා විසිරි සිටින ආදිවාසී ගම්මාන 6ක ආදිවාසී ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියා

ලෝක ආදිවාසී දිනය සමගාමිව ආදිවාසී ගම්මාන 06කට කෘෂි උපකරණ, කෘෂි බිජ,කිරිහරක්, මීමැසි පෙට්ටි, ධිවර උපකරණ බෙදා දෙයි.

 ලෝක ආදිවාසී දිනය සමගාමිව ආදිවාසී ගම්මාන 06කට කෘෂි උපකරණ, කෘෂි බිජ,කිරිහරක්, මීමැසි පෙට්ටි, ධිවර උපකරණ බෙදා දෙයි.
8/8/2013 11:41 PM
ලෝක ආදිවාසී දින සැමරුම (09 වන දින) දෙහිඅත්තකන්ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේදි ඌරුවරිගයේ වන්නිලා අත්තන්ගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට සංවිධානය කර ඇති අතර ආදිවාසි දිනයට සමගාමිව 8 හා 9 වන දින වැඩ සටහන රාශියක් ක්‍රියාත්මක කිරිමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සුදානම් කර ඇත.
ඒ අනුව 8 දින දෙහිඅත්තකන්ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේදි හේනානිගල ආදිවාසී ජන උරුම කේන්ද්‍රය සදහා මුල් ගල තැබු අතර නිවාස 29කින් සමන්විත ආදිවාසින් සදහා නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීම සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යා ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.
ලෝක ආදිවාසී දිනය සමගාමිව ආදිවාසී ගම්මාන 06කට කෘෂි උපකරණ, කෘෂි බිජ,කිරිහරක්, මීමැසි පෙට්ටි, බෝට්ටු හා දැල් යන ධිවර උපකරණ බෙදාදීමට කටයුතු කර ඇති අතර එය සංකේතවත් කරමින් ආදිවාසී ගම්මාන 06ක නියෝජිතයන් 06ක් සදහා උපකරණ බෙදා දීම සිදු කෙරින.
හෙට දිනයේදී (09) ජේ එම් එස් ජයසුන්දර මහතා විසින් රචිත ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා අත්තන්ගේ විශේෂ කතා ඇතුලත් ග්‍රන්ථයක් භාෂා හතරකට පරිවර්ථනය කර අතිගරු ජනපතිතුමන් හට පිළිගැන්වීමට නියමිතයි.
ඒ අනුව 8 දින දෙහිඅත්තකන්ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේදි පැවති උත්සවය සදහා දිගාමඩුල්ල පාර්ලිමේනතුමන්ත්‍රි සරත් වීරසේකර දිගාමඩුල්ල පාර්ලිමේනතුමන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම නැගෙන හිර පලාත් සභාවේ සංස්කෘතික හා අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක හා අම්පාර මහ දිසාපති නෙවිල් ද අල්විස් මහතා හා දිවයින පුරා විසිරි සිටින ආදිවාසී ගම්මාන 06කින් පැමිණි ආදිවාසී ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියd



සිංහල බෞද්ධයා රැක ගැනීමට තවම මේ රටේ නිති නෑ


Hiru TV News 9 30 2013 08 02 Bodubala sena Mahiyangana බොදුබල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඤණසාර

Hiru TV News 9 30 2013 08 02 Bodubala sena Mahiyangana බොදුබල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඤණසාර
http://www.youtube.com/watch?v=0gUHri54v5o

Bodubala Sena Mahiyangana බොදුබලසේනා මියුගුණ සමුලුවේදි දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලි ඇත්තන් සිදු කල කථාව 2013-08-02

Bodubala Sena Mahiyangana බොදුබලසේනා මියුගුණ සමුලුවේදි දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලි ඇත්තන් සිදු කල කථාව 2013-08-02

http://www.youtube.com/watch?v=0MxG2YS4vBk&feature=youtu.be

මියුගුණ බොදුබල සේනා සමුලුවට දඹානආදිවාසී නායක වන්නිලා ඇත්තන්ද සහභාගී විය.

 මියුගුණ බොදුබල සේනා සමුලුවට දඹානආදිවාසී නායක වන්නිලා ඇත්තන්ද සහභාගී විය.

මියුගුණ බොදුබල සේනා සමුලුව සාර්ථකයි - ජන ගගක් මහියංගන නගරයට




මියුගුණ බොදුබල සේනා සමුලුව සාර්ථකයි - ජන ගගක් මහියංගන නගරයට

මියුගුණ බොදුබල සේනා සමුලුව සාර්ථකයි - ජන ගගක් මහියංගන නගරයට

මහියංගන පුණ්‍ය භූයේ සිට ප්‍රථම වතාවට බොදුබල සේනා සමුලුව අන්තර්ජාලය ඔස්සේ සජිවි විකාශය කෙරේ

මහියංගන පුණ්‍ය භූයේ සිට ප්‍රථම වතාවට බොදුබල සේනා සමුලුව අන්තර්ජාලය ඔස්සේ සජිවි විකාශය කෙරේ 
"අපේ ජාතියේ හැරවුම් ලක්ෂය..." රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඤණසාර හිමිගේ දේශනය ඇතුළු මහියංගන බොදු මහා සමුළුව සජීවීව අහන්න බලන්න 2013 අගෝස්තු 2 සිකුරාදා ශ්‍රි ලංකා වේලාවෙන් සවස 2 ටwww.bodubalasena.org වෙබ් අඩවියට පිවිසෙන්න.

බොදුබල සේනා මහියංගන සමුලුව අගෝස්තු 02 මහියංගනයේදි


ඔරුබැදි වැව පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමට බැකෝවකින් හාරමින් සිටි තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට

පොලිස් සංදේශය
2013 ජූලි මස 31 09:36:05 | වේරගොඩගේ සජිව විජේවීර

මහියංගනය ඔරුබැදි වැව පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමට බැකෝවකින් හාරමින් සිටි තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් සන්තකයේ තිබී ගල් පිපිරවීමට ගන්නා උපකරණ ද සොයාගෙන ඇත.

හසලක ගුරුලුපොත ත්‍රිරෝද රථයක් පෙරලී කාන්තාවක් මිය යයි

හසලක ගුරුලුපොත ත්‍රිරෝද රථයක් පෙරලී කාන්තාවක් මිය යයි
7/30/2013 11:02 PM
හසලක ගුරුලුපොත ප්‍ර දේශයේ සවස 3.30 පමණ මහියංගන සිට තෙල්දෙනිය දක්වා ගමන් කරමින් තිබු ත්‍රිරෝදරථයක් පාරෙන් ඉවතට පැන එහි ගමන් ගත් රන්දෙනියගේ මල්ලිකා (වයස37) නම් තිදරු කාන්තාවක් මිය ගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ තෙල්දෙනිය පොලිසියේ සේවය නියුතු පොලිස් නිළධාරිවරයෙකුගේ බිරිදක් වන අතර අනතුර සිදුවන විට මිය ගිය කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් ඇත.
මිය ගිය කාන්තාවගේ මෑණීයන්ගේ අවමංගල උත්සවය සදහා සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සටියදී මෙම අනතුර සිදු වී ඇත. අනතුර සිදු වන විට ත්‍රිරෝද රථය තුළ ඔහුන් ගේ කුඩා දරුවන් තිදෙනා සිට ඇති අතර ඔහුන් ද තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත. ඔහුන් වයස 15 , 12 , 8 යන වයසේ පසු වු දරුවන් වේ. වයස 15 දරුවා වැඩි දුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහල වෙත යවා ඇත. මිය ගිය කාන්තාවගේ සැමියා හා අනෙක් දරුවන් දෙදෙනා තුවාල ලබා මහියංගන මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි හසලක පොලියේ රථවාහන අංශයේ නිළධාරින් අනුමාන කරන අතර

Hiru TV News 2013 07 25 මන්ත්‍රිවරුන්ට පොලිස් ආරක්ෂාව ඉල්ලාගෙන ප්‍රාෙද්ශිය සභාවෙන් පිටව යෑමට සිදුවේ.

Hiru TV News 2013 07 25 මන්ත්‍රිවරුන්ට පොලිස් ආරක්ෂාව ඉල්ලාගෙන ප්‍රාෙද්ශිය සභාවෙන් පිටව යෑමට සිදුවේ.
http://www.youtube.com/watch?v=R95JCjQ6rr4&feature=youtu.be

ලග්ගල සභාපතිගේ පුතා 7 හැවිරිදි දරුවාට වෙඩි තබයි

ලග්ගල සභාපතිගේ පුතා 7 හැවිරිදි දරුවාට වෙඩි තබයි
7/17/2013 10:14:43 PM
ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර (එජනිස) මහතාගේ වැඩිමහල් පුත්‍රයා විසින් තැබූ වෙඩි ප්‍රහාරයකින් හත්හැවිරිදි දරුවකු තුවාල ලබා ලග්ගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (16 දා) සවස 6.00 ට පමන ලග්ගල, කිවුලවාඩිය ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුව ඇත. සැකකරු සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

Swarnavahini News හසලක හංසිට පිහිටක් වීමට ඔබට හැකිනම් If you can help to Hansi - 2013-07-12

Swarnavahini News හසලක හංසිට පිහිටක් වීමට ඔබට හැකිනම් If you can help to Hansi - 2013-07-12

http://www.youtube.com/watch?v=m_pi5pAzdxM

විෂඝෝර සර්පයාටත් ජිවිත දානය දුන් ආදර්ශමත් තරුණ පිරිසක්

විෂඝෝර සර්පයාටත් ජිවිත දානය දුන් ආදර්ශමත් තරුණ පිරිසක්
2013-07-14 11:21:03 ප.ව.
සර්පයෙක් දුටු පමණින් සාමාන්‍යයෙන් විෂ එකෙකුද විෂ නොවන එ‍කෙකුද කියා සොයා නොබලාම පහර දී ජිවිතය අහිමි කිරීම අද අප රටේ සාමාන්‍යයන් සිදුවන ක්‍රියා පිළිවෙතයි. ජෛව විවිධත්වට හා ආහාර දාමයන් වල පුරුකක් වන සර්පයන් අත්‍යාවශ්‍ය ජිවි කොටසක් වන අතර මිනිසුන්ගේ ක්‍රියා කාරකම් හේතුවෙන් වද වී යන ජිවින් කොට්ටාශයක් බවට පත් වී ඇත.

මහියංගන මැලිබන් ගාමන්ට් එක අසල වාහන අලුත්වැඩියා කරන ස්ථානයක යකඩ ගොඩක් ඇතුලත ගුලි වි රිංගා සිටි විශාල ප්‍රමාණයේ පොලගෙකු (උග්‍ර විෂ සහිත ) අද (ජුලි14 ) දින දහවල් තරුණයන් පිරිසකට හමු වී ඇති අතර මෙම සර්පයා ලනුවක් ආදාරයෙන් ගැට ගසා අල්ලාගෙන ඇති අතර පසුව ඒ පිළිබද හසලක වන ජිවි නිළධාරින් හට දුරකථනයෙන් දැනුම් දුන්නද වාහන පහසුකම් නොමැති බව ඔවුන් පැවසීමෙන් පසුව තරුණයන් පිරිස එක්ව සර්පයා ටිපර් රථයක පටවාගෙන මහවැලි ගග ආශ්‍රිත ලදු කැලයකට මුදා හැරිමට කටයුතු කලේ විශාල ජිවිත අවදානමක් ද සහිතවය. මෙම තරුණයන් ගේ ක්‍රියාව සැම දෙනාටම ආදර්ශයකි.

Hiru TV News 2013 07 03 ගිරාදුරුකෝට්ටේ බෙලගන්වැව දරුවාගේ හදිසි මරණය

Hiru TV News 2013 07 03 ගිරාදුරුකෝට්ටේ බෙලගන්වැව දරුවාගේ හදිසි මරණය

http://www.youtube.com/watch?v=EMJnnhIPTRU

රංටැඹේ ජාතික ශිෂ්ය භට පුහුණු මධ්යැස්ථානයේ කපිතාන් පුහුණුවට පැමිණි විදුහල්පතිවරයෙක් රෝගාතුර වී මියයයි

 රංටැඹේ ජාතික ශිෂ්ය භට පුහුණු මධ්යැස්ථානයේ කපිතාන් පුහුණුවට පැමිණි විදුහල්පතිවරයෙක් රෝගාතුර වී මියයයි
6/30/2013 10:26 PM
මීට කලිනුත් දෙදෙනකු මිය ගිහින්
Video - http://www.youtube.com/watch?v=wyeUXCF7zLA&feature=youtu.be
NCC -
ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්ය භට පුහුණු මධ්ය ස්ථානයේ පුහුණුවට තිදෙනකු මිය ගොස් ඇතැයි රන්ටැඹේ ශිෂ්ය පුහුණු මධ්යූස්ථානයේ ආරංචි කියයි.
2008 වසරේ රත්නපුර අට වැනි බලඇණියට බලංගොඩ ආනන්ද මෛත්රීයය විදුහලේ දහවැනි ශ්රේමණියේ ඉගෙනුම ලැබු වසන්ති නයනී ජයසේකර (15) නම් සිසුවියක මෙසේ පුහුණුව ලබද්දී මිය ගිය අතර ඇගේ මරණය ඇසූ ඇගේ පියා ද එදිනම මිය ගියේය.
අනතුරුව 2011 ඔක්තෝබර 04 වැනිදා කුරුණෑගල හතරවැනි බලඇණියට අයත් පොල්ගහලෙන රත්මල්ගොඩ මහා විද්යාවලයේ ඉෂාරා සඳමාලි බස්නායක (15) සිසුවිය ද පුහුණුව ලබද්දී මිය ගොස් ඇත.
විදුහල්පති නායකත්ව පුහුණුව අතරතුර ඊයේ (30) මිය ගිය රත්දොළුගම පඤ්ඤානන්ද විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික්රවමසිංහ මහතා රන්ටැඹේදී මිය ගිය තුන්වැන්නායි.
රන්ටැඹේ ශිෂ්ය භට පුහුණු මධ්ය.ස්ථානයට ආසන්නම රෝහල අඹගහපැලැස්ස ප්රාහථමික රෝහල බටත්, එම රෝහලට යෑමට කිලෝමීටර් අටක් යා යුතු බවත්, මහියංගනය මූලික රෝහලට යෑමට කිලෝමීටර් 25 යා යුතු බවත්, මෙම පුහුණු මධ්ය ස්ථානයේ කාලයක සිට වෛද්යහවරයකු නොසිටි බවට විශ්වාස වන්ත තොරතුරු ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

1881දී ජාතික ශිෂ්යම භට බලකාය ආරම්භ කර ඇති අතර වයස අවුරුදු 16ට ඉහළ සිසුන් මෙහි පුහුණුව ලැබූවත් 2005 සිට එම වයස් සීමාව අවුරුදු 14 දක්වා අඩු කර ඇත.
1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගිතා (පරීපූරක හමුදා) පනත යටතේ ශිෂ්යත භට නිලධාරීන් ලෙස බඳවා ගත හැක්කේ ද වයස අවුරුදු 30ට අඩු ගුරුවරුන් පමණක් බවට සඳහන්ව තිබියදී විශ්රාටව යෑමට ආසන්න වයසේ පසුවන විදුහල්පතිවරුන් ඒ සඳහා යොමු කිරීමෙන් මේ කණගාටුදායක ඉරණම අත්වූ බව ද ස්ටාලින් මහතා කීවේය.

2013 Poson Ice crem Dansala @ Mahiyangana මහියංගන නගරයේ 6 වරටත් පැවැත් වු මහා අයිස් ක්රිෙම් දන්දලට මහ සෙනගක් 2013-06-23

2013 Poson Ice crem Dansala @ Mahiyangana
මහියංගන නගරයේ 6 වරටත් පැවැත් වු මහා අයිස් ක්රිෙම් දන්දලට මහ සෙනගක් 2013-06-23
http://www.youtube.com/watch?v=JNjxQeIbmck

එදා මන්ත්රිසකමෙන් අස්වෙනවා කියු විජිත හිමියන් අද කියනවා අස්වෙන්නේ නෑ කියලා

එදා මන්ත්රිසකමෙන් අස්වෙනවා කියු විජිත හිමියන් අද කියනවා අස්වෙන්නේ නෑ කියලා
6/27/2013 11:01 PM
මහවැලි ගොවි දරුවන්ගේ අයිතින් වෙනුවෙන් පසුගිය දා මහියංගන ප්රාෙදේශීය සභාවේ ආන්ඩුපක්ෂ මන්ත්රීය හිමිනමක් මහියංගන නගරයේ මාරාන්තික උපවාසයක නිරත වී රෝහල් ගත කිරීමකින් පසු තමන් මන්ත්රි කමින් ඉවත් වන බව කියුවත් අද මාසික ප්රාකදේශීය සභා වරයේදී මන්ත්රීතකමෙන් අස් නොවන බව කියයි .. උතුරේ පලාත්සභා ඡන්ද තියන්න..... හැබැයි කෑලි කෑලිවලට ගැල වු පලාත්සභා ඡන්ද සැත්තැම්බර් තිබ්බොත් එක මොහොතේනම් මේ ප්රාාදේශිය සභා තනතුරේවත් - පක්ෂයේවත් රැදී සිටින් නේ නෑති බවට විජිත හිමියන් පවසනවා.
පසුගිය දා මහියංගන ප්රා දේශීය සභාවේ ආන්ඩුපක්ෂ මන්ත්රී හා ගිරාදුරුකෝට්ටේ රොටලවෙල මහවැලි මහා විහාරයේ විහාරාධිපති පුජ්ය් වටරුක විජිත හිමියන් මහියංගන නගර මධ්යෙලයේ පැරණි සතිපොල භුමිය ඉදිරිපිට පසුගිය 17 දින උදැසන 10ට විරෝධතාවයක් ආරම්භ කල අතර එහිදී ඉල්ලීම් 6ක් ඉල්ලා විරෝදතාවය සිදු කරන අතර එම ඉල්ලීම් 6ට සවස 7ට පෙර ප්රෝතිචාර නොලැබුනහොත් මාරාන්තික උපවාසයක නිරතවන බව පවසා සිටියා.
ඒ අනුව 17 සවස උපවාසයට විසදුම් දීමට කිසිවක් නොපැමිනි අතර 18 දින සවස වන තුරු උපවාසට පැවැත්විනි. 18 සවස මහියංගන රජමහා විහාරයේ භාරකාර පුජ්යක උරුලැවත්තේ ධම්ම රක්කිත හිමියන් ගේ ඉල්ලිමකට අනුව විජිත හිමියන් ඉල්ලීම් වලට කිසිම පිලිතුරක් ලබා නොගෙන උපවාසය අත් හැරියා. උන්වහන්සේ මහියංගන මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මධ්යමට ප්ර කාශයක් ලබාදෙමින් පවසා සිටියේ එදින සවස සිට තමන් සියලු දේශපාලන කටයුතුවලින් ඉවත් වන බවත් ප්රා‍ෙද්ශිය සභා මන්ත්රීි ධුරයෙනුත් වහා ඉවත්වන බවයි(18 දින සවස සිට) මහා සංඝරත්නය ඉදිරියේදී හිමියන් එ සේ පවසා සිටියද අදවන තුරු මන්ත්රී් ධුරයෙන් ඉවත් වීමේ ලිපිය ප්රාවදේශිය සභාවට බාරදී නොමැත
අද(27) දින මහියංගන ප්රාප දේශය සභාවේ මාසික සභා වරය පැවැත් වු අතර එහිදී විජිත හිමියන් සිය දුරයෙන් අස් නොවන බව කියා සිටියා සභාව ඉදිරියේ ප්ර‍කාශකර සිටියා. සිය ඉල්ලීම් වලට දැන් දැන් විසදුම් ලැබෙන නිසා තමන් ඉවත් නොවන බවත් ඉදිරියේ දී උතුරේ පලාත්සභා ඡන්ද තියන්න..... හැබැයි කෑලි කෑලිවලට ගැල වු පලාත්සභා ඡන්දක් සැත්තැම්බර් තිබ්බොත් එක මොහොතක් මේ ප්රායෙද්ශිය සභා තනතුරේවත් පක්ෂයේවත් රැදී සිටින් නේ නෑ යැයි පැවසීය.

Hiru TV News මහවැලි ගග පරිහරනය ප්‍රවේශමෙන් මිනිස් ජිවිතයක් නුදුරේදීම කිඹුල් ප්‍රහාරයකට ලක් වීමේ අවදානමක්

Hiru TV News මහවැලි ගග පරිහරනය ප්‍රවේශමෙන් මිනිස් ජිවිතයක් නුදුරේදීම කිඹුල් ප්‍රහාරයකට ලක් වීමේ අවදානමක්
http://www.youtube.com/watch?v=kIujjyYMguc&feature=youtu.be

යෝද ඇලේ දිය නෑමට ගොස් දරුවෙකු මිය ගිහින්

යෝද ඇලේ දිය නෑමට ගොස් දරුවෙකු මිය ගිහින්
2013-06-17 ප.ව. 8:00

හසලක 28 ඇල, හිඹුටුව ප්‍රදේශයේ යෝද ඇලේ දිය නෑමට ගොස් 14 හැවිරිදි දරුවෙකු ඊයේ (16 දින ) උදැසන මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ දනුෂ්ක නම් දරුවෙක් වන අතර ඔහු යහලුවන් තිදෙනෙක් සමග දිය නැමට ගොස් මෙම අනතුර සිදු වී ඇත. දෙදෙනෙක් දියේ ගිලි ඇති අතර ඉන් එක් අයෙක් යහලුවන් දෙදෙනා විසින් බේරා ගෙන ඇති අතර අනෙක් යහලුවා බේරා ගැනීමට පිහිනා යෑමේදී ඔහු දිය යට ගිලී මිය ගිය බව හසලක පොලිස් ආරන්චි මාර්ග සදහන් කර නවා.

Hiru TV News මහියංගනයේ සෝමාවතී දිරිය මාතාවට හිරු ටීවී හරහා පිහිට වෙයි 2013 06 06

Hiru TV News මහියංගනයේ සෝමාවතී දිරිය මාතාවට හිරු ටීවී හරහා පිහිට වෙයි 2013 06 06
http://www.youtube.com/watch?v=U24GZPld3Pw

සභාපතිට ඇප

සභාපතිට ඇප
2013-06-05 පෙ.ව. 11:06

මුල් පැමිණිල්ලේ සභාපතිවරයාගේ නම සදහන් නොවීම හේතුවෙන් රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාවේ සභාපති කරු වීරරත්න මහතාට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ ගිතානි විජේසිංහ විනිසුරුතුමිය විසින් ඇප ලබා දී තිබේ

ශාන්තිකර්මය වරදී - හොර පුසාරීන් දෙදෙනෙක් සමග 14ක් අත්අඩංගුවට 6/3/2013 8:22:08 PM රෝගීන් සුවකරන ශාන්තිකර්මයක් ලෙස හගවමින් වංචාසහගත ලෙස ගම්වාසීන්ගේ මුදල් එකතු කල පුද්ගලයන් 14ක් ඊයේ සවස ගිරාදුරුකෝට්ටේ පොලිසිට මගින් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර එහි ප්‍රධාන සැක කරුවෙකු රක්ෂිත බන්දනාගාර ගත කල අතර ඉතිරි පුද්ගලයන්13 රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. මෙම ශාන්තිකර්මය ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත් වු අතර සමන් දෙවියන් සදහා කෙරෙන විශේෂ පුජාවක් හා දේව හාස්කමින් ලෙඩ සුවකරන බව සංවිධායකයන් විසින් පෝස්ටර් හා ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් සීකලාපයේ ජනතාව දැනුවත් කර ඇති අතර ඉන්දියාවෙන් පැමිනෙන විශේෂ පුජකයන් පැමිණ මෙම ශාන්ති කර්මය පවත්වන බව ප්‍රචාරය කර ඇති අතර පුජාව සදහා පැමිණ ඇත්තේ රක්වාන හා බලංගොඩ පදිංචිකරුවන් වන අතර ඔහුන් ඉන්දියාවේ පුජකයන් ලෙස හැද පැලදගෙන සිට ඇත. මෙම පුජාව සදහා 02 රාත්‍රියේ ගම්වාසීන් 2000ක් පමණ මෙම ශාන්තිකර්මය පැවැත් වු ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත. ශාන්තිකර්මය වෙත පැමිණි පුද්ගලයන්ගෙන් මුදල් අය කර ඇති අතර ජපකර සුර ලබාදීම සදහා මුදල්ද එකතු කර ඇති අතර සංවිධායකයන් ප්‍රචාරය කල ආකාරයට ශාන්තිකර්මයේ කිසිවක් සිදු නොවු අතර ඒ සම්බන්දයෙන් සැක සිතු ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය නාපටවෙල ධම්මානන්ද ස්වාමින් වහන්සේ හා ගම්වාසීන් එක්ව ඒ පිළිබද ගිරාදුරුකෝට්ටේ පොලිසියට පැමිනිලි කිරීමත් සමග පොලිසිය විසින් ඔහුන්ව අත් අඩංගුවට ගැනුනා.

ශාන්තිකර්මය වරදී - හොර පුසාරීන් දෙදෙනෙක් සමග 14ක් අත්අඩංගුවට
6/3/2013 8:22:08 PM
රෝගීන් සුවකරන ශාන්තිකර්මයක් ලෙස හගවමින් වංචාසහගත ලෙස ගම්වාසීන්ගේ මුදල් එකතු කල පුද්ගලයන් 14ක් ඊයේ සවස ගිරාදුරුකෝට්ටේ පොලිසිට මගින් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර එහි ප්‍රධාන සැක කරුවෙකු රක්ෂිත බන්දනාගාර ගත කල අතර ඉතිරි පුද්ගලයන්13 රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම ශාන්තිකර්මය ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත් වු අතර සමන් දෙවියන් සදහා කෙරෙන විශේෂ පුජාවක් හා දේව හාස්කමින් ලෙඩ සුවකරන බව සංවිධායකයන් විසින් පෝස්ටර් හා ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් සීකලාපයේ ජනතාව දැනුවත් කර ඇති අතර ඉන්දියාවෙන් පැමිනෙන විශේෂ පුජකයන් පැමිණ මෙම ශාන්ති කර්මය පවත්වන බව ප්‍රචාරය කර ඇති අතර පුජාව සදහා පැමිණ ඇත්තේ රක්වාන හා බලංගොඩ පදිංචිකරුවන් වන අතර ඔහුන් ඉන්දියාවේ පුජකයන් ලෙස හැද පැලදගෙන සිට ඇත.
මෙම පුජාව සදහා 02 රාත්‍රියේ ගම්වාසීන් 2000ක් පමණ මෙම ශාන්තිකර්මය පැවැත් වු ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත. ශාන්තිකර්මය වෙත පැමිණි පුද්ගලයන්ගෙන් මුදල් අය කර ඇති අතර ජපකර සුර ලබාදීම සදහා මුදල්ද එකතු කර ඇති අතර සංවිධායකයන් ප්‍රචාරය කල ආකාරයට ශාන්තිකර්මයේ කිසිවක් සිදු නොවු අතර ඒ සම්බන්දයෙන් සැක සිතු ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය නාපටවෙල ධම්මානන්ද ස්වාමින් වහන්සේ හා ගම්වාසීන් එක්ව ඒ පිළිබද ගිරාදුරුකෝට්ටේ පොලිසියට පැමිනිලි කිරීමත් සමග පොලිසිය විසින් ඔහුන්ව අත් අඩංගුවට ගැනුනා.

6/3/2013 8:22:08 PM
රෝගීන් සුවකරන ශාන්තිකර්මයක් ලෙස හගවමින් වංචාසහගත ලෙස ගම්වාසීන්ගේ මුදල් එකතු කල පුද්ගලයන් 14ක් ඊයේ සවස ගිරාදුරුකෝට්ටේ පොලිසිට මගින් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර එහි ප්‍රධාන සැක කරුවෙකු රක්ෂිත බන්දනාගාර ගත කල අතර ඉතිරි පුද්ගලයන්13 රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම ශාන්තිකර්මය ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත් වු අතර සමන් දෙවියන් සදහා කෙරෙන විශේෂ පුජාවක් හා දේව හාස්කමින් ලෙඩ සුවකරන බව සංවිධායකයන් විසින් පෝස්ටර් හා ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් සීකලාපයේ ජනතාව දැනුවත් කර ඇති අතර ඉන්දියාවෙන් පැමිනෙන විශේෂ පුජකයන් පැමිණ මෙම ශාන්ති කර්මය පවත්වන බව ප්‍රචාරය කර ඇති අතර පුජාව සදහා පැමිණ ඇත්තේ රක්වාන හා බලංගොඩ පදිංචිකරුවන් වන අතර ඔහුන් ඉන්දියාවේ පුජකයන් ලෙස හැද පැලදගෙන සිට ඇත.
මෙම පුජාව සදහා 02 රාත්‍රියේ ගම්වාසීන් 2000ක් පමණ මෙම ශාන්තිකර්මය පැවැත් වු ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත. ශාන්තිකර්මය වෙත පැමිණි පුද්ගලයන්ගෙන් මුදල් අය කර ඇති අතර ජපකර සුර ලබාදීම සදහා මුදල්ද එකතු කර ඇති අතර සංවිධායකයන් ප්‍රචාරය කල ආකාරයට ශාන්තිකර්මයේ කිසිවක් සිදු නොවු අතර ඒ සම්බන්දයෙන් සැක සිතු ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය නාපටවෙල ධම්මානන්ද ස්වාමින් වහන්සේ හා ගම්වාසීන් එක්ව ඒ පිළිබද ගිරාදුරුකෝට්ටේ පොලිසියට පැමිනිලි කිරීමත් සමග පොලිසිය විසින් ඔහුන්ව අත් අඩංගුවට ගැනුනා.

මව හා දියනිය පහර කා රෝහලේ


මව හා දියනිය පහර කා රෝහලේ

මව හා දියනිය පහර කා රෝහලේ
2013-06-03 ප.ව. 9:21:11
පෙරේදා රාත්‍රියේ පිරිසකගේ ප්‍රාහාරයට ලක් වී මහියංගන මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අංක 9/71, 49 කණුව ,අරාවත්ත , මහියගනය යන ලිපිනයේ පදිංචි චන්ද්‍රා ජෝති (49) හා වත්සලා අරෝෂනී යන මව හා දියනිය

අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරු දකී

අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරු දකී
5/26/2013 10:42 PM
මහියංගන ගිරාදුරුකෝට්ටේ හෙබරව සේරුපිටිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරණයට පත්වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ එම් බී ආරියදාස වයස 63ක් වන සිව් දරු පුද්ගලයෙක් වන අතර ඔහු මුවන්පැලැස්ස සූරියවැව පදිංචි කරුවෙකි. වගා කටයුතු සදහා ඔහු මීට වසර 3කට පෙර ගිරාදුරුකෝට්ටේ හෙබරව ප්‍රදේශයට පැමිණ ඇති අතර ගොවි බිම් බද්දට ලබා ගනිමින් වගා කටයුතු සිදු කර ඇත.
න අලි ප්‍රහාරයෙන් මිය යන විට මීට මාස 18 කට පෙර බද්දට ලබාගත් සිතුමිණ ගොවිපොලෙහි වගා කටයුතු සිදු කර ඇති අතර ගස්ලබු, තල, කෙසෙල් ගොවි බිමේ වගා කර ඇත. 25 දින රාත්‍රි ඔහුගේ ගොවිපලට පැමිණි වන අලි දෙදෙනෙකු පන්නා දැමියට යෑමේදි මෙම අවසනාවන්ත සිදු වීමට මුහුණ පා ඇත.
ගිරාදුරුකෝට්ටේ පොලිසිය සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ පවත් වන අතර මහියංගන වැඩබලන මහේස්ත්‍රාත් තුමන් විසින් සිද්දිය සිදු වු ස්ථනය පරික්ෂා කර බැලීය.

සීමාමාලිකයේ බුද්ධමන්දිරය හා ශෛලමය බුද්ධ ප්‍රතිමාව විවෘත කෙරේ - ලෝක සංඝ සම්මේලනයේ සභාපති ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය

සීමාමාලිකයේ බුද්ධමන්දිරය හා ශෛලමය බුද්ධ ප්‍රතිමාව විවෘත කෙරේ - ලෝක සංඝ සම්මේලනයේ සභාපති ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය
2013-05-24 ප.ව. 11:08
ඓතිහාසික මහියංගන රජමහා විහාරය අභියස විල්ලුව වැවහි අභිනවයෙන් ඉදිකල සීමාමාලකයේ බුද්ධ මන්දිරය හා ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෝක සංඝ සම්මේලනයේ ගරු සභාපති තායිවානයේ වැඩවසන අති පුජ්‍ය ලියුවු චොං නාහිමියන් හා අස්ගිරිපාර්ශවයේ මහා නායක උඩුගම සද්ධර්ම ක්‍රීර්ති ශ්‍රී ධම්මධස්සී රතනපාල බුද්ධරක්ඛිතාබිධාන නාහිමියන්ගේ හා අස්ගිරිපාර්ශවයේ අනුනායක මෙන්ම මහියංගන රජමහා විහාරාධිපති පුජ්‍ය ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්‍යාභිධාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (24) උදෑසන විවෘත කෙරින. ශෛලමය බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීම සදහා වෙළෙද ව්‍යාපාරික දයා පතිරගේ මහතා පුර්ණ අනුග්‍රහය දක්වා ඇත.
මෙම අවස්ථාව සදහා චීන හා තායිවානයේ බෞද්ධ විශාල දුත පිරිසක් සහබාගී වු අතර ආන්ඩුපක්ෂ මහියංගන ආසන සංවිධායක හා ඌව පලාත් සභා අමාත්‍ය අනුර විධානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහන කීර්ති දිසානායක මහතා හා විශාල රාජ්‍ය හා දේශපාලන නායකයන් පිරිසක් හා බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වි සිටියා.

උල්හිටිය රත්කිද නිවුන් ජලාහයේ මතු පිට ජලය පාට පාට වෙයි

උල්හිටිය රත්කිද නිවුන් ජලාහයේ මතු පිට ජලය පාට පාට වෙයි
5/19/2013 8:06 PM
මහවැලි සී කලාපයට සහ මහවැලි බී කලාප සදහා වාරි ජලය සපයන උල්හිටිය රත්කිද නිවුන් ජලාහයේ ජලය මීට මාස 5කට පමණ පෙර තද කොළපැහැති වී තිබුන අතර ගොවි ජනතාව ඒ පිළිබද බියට පත්ව සිටියා. අද වන විට එම ජලාශවල ජල තට්ටුව මත තද දුඹුරුපාට ද්‍රව්‍ය ස්ථරයක් පාවෙමින් තිබේ. එහි වර්ණය විටෙක කොළපාටද, තවත් විටෙක තද දුඹුරුපාට හැරෙන බව ගොවි ජනතාව පවසනවා.
පසු ගිය කාලයේ වර්ශාවත් සමග විවිධ වර්ණයෙන් යුතු වර්ශාවන් ලැබුන නිසාත් ජලාශ වල වැව් ඉස්මත්තේ ඩෝන් ලංකා නම් සමාගමක් හා තවත් සමාගම් කිහිපයක් විසින් මහා පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබීමත් ඒ සදහා යොදන පොහොර හා අධික විෂ සහිත කෘමි නාශක ජලාශයේ ජලයට එකතු වීම හේතුවෙන් මෙම ජලාශ වල ජලය යම්කිසි හේතුවකින් කොළ පාට හා දුඹුරුපාට වී ඇත්දැයි ජනතාව සැක පල කර සිටී. කුඹුරු වගාවන් සදහා, දිනපතා පරිබෝජනයට, බීමට , නෑමට යොදා ගන්නා මෙම වැව් වල ජලය පාවිච්චියට සුදුසු ද නැද්ද යන්න පිළිබද සොයා බැලීමක් හෝ තොරතුරු අනාවරණය කිරීමක් මේවන තුරු සිදු නොකිරීම කණගාටුවට කරුණක් බව ගොවිජනතාව පවසනවා. එමෙන්ම ජලාශයේ මත්ස්‍ය අස්වැන්නද අඩු වී ඇති බවට ධිවරයන් මැසිවිලි නගති.
සී කලාපය තුල දිනෙන් දින ඉහල යන වකුගඩු රෝගීන් ප්‍රමාණය මෙවැනි හේතුන් නිසා තවත් ඉහල යනු ඇතැයි සැක කරයි. වගකිව යුතු නිළධාරීන් කඩිනමින් මැදිහත් වී මේ පිළිබද සොයා බලන ලෙස මහවැලි සීකලාපයේ ජනතාව ඉල්ලා සිටී.

වට්ටක්කා ඇලේ

වට්ටක්කා ඇලේ
2013-05-15 ප.ව. 8:20
වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබු කුඩා ප්‍රමාණයේ ජීප් රියක් ගිරාදුරුකෝට්ටේ මහියංගන මාර්ගයේ 5කණුව ප්‍රදේශයේදී අද(15) දින උදෑසන 3ට පමණ අනතුරට පත් වී ඇති අතර රියදුරු තුවල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත.

Hiru TV News අම්මාවරු ....මහියංගනයේ දිරිය මාතාව - හැකිනම් ඇයට පිහිට වන්න ලෝක මාතෘ දිනය සමරන දිනයේදී 2013-05-12


Hiru TV News අම්මාවරු ....මහියංගනයේ දිරිය මාතාව - හැකිනම් ඇයට පිහිට වන්න ලෝක මාතෘ දිනය සමරන දිනයේදී 2013-05-12

උදලු ප්‍රහාරයෙන් අයියා මියගිහින්

උදලු ප්‍රහාරයෙන් අයියා මියගිහින්
5/11/2013 1:34:55 PM
මහියංගන මාපාකඩවැව 20 කණුව සේනානිගම ගම්මානයේ 10දින (ඊයේ) රාත්‍රියේ මල්වර මංගල ප්‍රිය සාදයකදී එකම පවුලේ අයියා මලෝ බහින් බස්වීමකින්, පසුව එය දුරදිග යෑමෙන් උදැල්ලකින් පහර කා එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත. 

මල්ලි සහ මල්ලීගේ පත්‍රයා එක්ව අයියාට මල්වර මංගල ප්‍රිය සාදය පැවැත් වු නිවස ඉදිරිපිට ඇති මාර්ගයේදී (සේනානිගම පාර ) පහර දී ඇති අතර එය රාත්‍රි 9.00 - 9.30 අතර තුර සිදු වී ඇති අතර මෙසේ ප්‍රහාරයට ලක් වී ඇත්තේ ඩී එම් ජයසුන්දර බංඩා, අංක 57 , සේනානිගම, මාපාකඩවැව යන ලිපිනයේ පදිංච් අයෙකි. පහර කෑමෙන් අනතුරුව මහියංගන රෝහලය ගෙන ගොස් ඇති අතර ගෙන යන විටත් ඔහු මිය ගොස් ඇත.

මේ වන විට මෙම සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි ඊ. පී. තිලකරත්න මහතාගේ අධීක්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර පහර දීම සිදු කල පුද්ගලයන් මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුන් මහියංගන මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නිය මිතයි. සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ ක්‍රියාත්මකයි.

දඹාන ආදිවාසී කෝණ මංගල්‍ය


දඹාන ආදිවාසී කෝණ මංගල්‍ය (ආදිවාසී අලුත් අව්රුදු උත්සවය) -

දඹාන ආදිවාසී කෝණ මංගල්‍ය (ආදිවාසී අලුත් අව්රුදු උත්සවය) -
2013-04-20 ප.ව. 9:41

දඹාන ආදිවාසී ගම්මානයේ කොටබකිනිය ගම්මානයේ ආදිවාසී ජන උරුම කේන්ද්‍රයේදී 20 දින උදැසන සිට දඹාන කෝණ මංගල්‍ය (අලුත් අව්රුදු උත්සවය) සංවිධානය කර තිබිනි.

තෙවන වරටත් අති සාර්ථකව සංවිධානය කර තිබු ආදිවාසී අලුත් අව්රුදු උත්සවය ආදිවාසීන්ගේ පරම්පරාවේ පරම්පරාවේ ගෞරවය ආරක්ෂාවන අන්දමින් ඔහුන්ට ආවේනික තරග ඉසව් රාශියකින් ආදිවාසීන් අතර සමගිය සුහදත්වය හා සාමුහිකත්වය වර්ධනය වන ආකාරයට සංවිධානය කිරීමට ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් කටයුතු කර තිබිනි.

දිගම හුව, ආදිවාසී දරු නැලවිලි ගී, හොදම ආදිවාසී පාරම්පරික ගී ගායනය, වී ඇහිලිම, හොදම ආදිවාසී රුවුල, අඩුම කාලයකට ගස් නැගිම, ගලෙන් ගින්දර ඇවිලීම, ලීයෙන් පොල් ගෑම, හොදම ආදිවාසී යුවල දඩයමේ යෑම, ගල් දුන්නෙන් විදීම, හොදම ටික් මැරීම, කාන්තා හා පිරිමි දුන්නෙන් විදීම, බබර කැපීම, හබක ඇටවීම, වලස් පොරය, ආදිවාසී විකට ඇදුම් තරගය, කඹ ඇදීම ආදී තරග ඉසව් රාශියක් සංවිධානය කර තිබිනි.


මෙම අවස්ථාව සංවිධානය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සංවිධායක හා ඌව පලාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා මෙන්ම ගිරාදුරුකෝට්ටේ මහජන බැංකුව හා ලංකා බැංකුව හා ජෝර්ජ් ඩේව්ඩ් මහතා සහ එඩ්වින් ප්‍රනාන්දු, මුර්ති ශිල්පී අනිල් මෙන්ම පදියතලාපාරේ 52 කණුව වීරසිංහ ස්ටෝර්ස් අධිපතිතුමන් යන අය මුදලින් හා තෑගිබෝග වලින් අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

දඹාන ආදිවාසී කෝණ මංගල්‍ය (ආදිවාසී අලුත් අව්රුදු උත්සවය) -

2013-04-20 ප.ව. 9:41
දඹාන ආදිවාසී ගම්මානයේ කොටබකිනිය ගම්මානයේ ආදිවාසී ජන උරුම කේන්ද්‍රයේදී 20 දින උදැසන සිට දඹාන කෝණ මංගල්‍ය (අලුත් අව්රුදු උත්සවය) සංවිධානය කර තිබිනි.

තෙවන වරටත් අති සාර්ථකව සංවිධානය කර තිබු ආදිවාසී අලුත් අව්රුදු උත්සවය ආදිවාසීන්ගේ පරම්පරාවේ පරම්පරාවේ ගෞරවය ආරක්ෂාවන අන්දමින් ඔහුන්ට ආවේනික තරග ඉසව් රාශියකින් ආදිවාසීන් අතර සමගිය සුහදත්වය හා සාමුහිකත්වය වර්ධනය වන ආකාරයට සංවිධානය කිරීමට ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් කටයුතු කර තිබිනි.

දිගම හුව, ආදිවාසී දරු නැලවිලි ගී, හොදම ආදිවාසී පාරම්පරික ගී ගායනය, වී ඇහිලිම, හොදම ආදිවාසී රුවුල, අඩුම කාලයකට ගස් නැගිම, ගලෙන් ගින්දර ඇවිලීම, ලීයෙන් පොල් ගෑම, හොදම ආදිවාසී යුවල දඩයමේ යෑම, ගල් දුන්නෙන් විදීම, හොදම ටික් මැරීම, කාන්තා හා පිරිමි දුන්නෙන් විදීම, බබර කැපීම, හබක ඇටවීම, වලස් පොරය, ආදිවාසී විකට ඇදුම් තරගය, කඹ ඇදීම ආදී තරග ඉසව් රාශියක් සංවිධානය කර තිබිනි.

මිනිහෙක් ගැහැනු ඇඟිල්ලක් ගිලියි

2013 අපේ‍්‍රල් මස 17 17:42:37 | . , වියලූව වාර්තාකරු 
මීගහකිවුල කරමැටියේ දෙපිරිසක් අතර ගටුමක් දුරදිග යාමෙන් කෝපයට පත් පිරිමියකු කාන්තාවකගේ මැද ඇගිල්ලක් සපා ගිල දමා ඇතැයි පොලීසිය පවසයි.
ඇඟිල්ල අහිමිවූ කාන්තාව සිද්ධියෙන් මොහොතකට පසුව කන්දකැටිය රෝහලටත් අනතුරුව බදුල්ල මහ රෝහලටත් මාරුකර යවා ඇති අතර සැකකාර පුද්ගලයා කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කුඩා දරු පිරිසක් අතර ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර මෙම ආරවුල ඇතිවී තිබේ.
කාන්තාවට ප‍්‍රතිකාර කරන කන්දකැටිය දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එච්. ජගත් කුමාර මහතා මෙසේ කීය.
”අතක ඇඟිල්ලක් සපා කෑ බව පවසමින් කාන්තාවක් රෝහල් ගත කළා. ඇඟිල්ල යලි බද්ධ කල හැකිදැයි බලන්නට මා එම කොටස කාන්තාවගෙන් ඉල්ලා සිටියා. එහෙත් එය සපා කෑ පුද්ගලයා විසින්ම එය ගිල දැමූ බව ඇය මට පවසා සිටියා” යැයිද වෛද්‍ය ජගත් මහතා පැවැසීය.

ශිෂ්‍ය භටයෝ රන්ටැඹේ අවුරුදු කති

ශිෂ්‍ය භටයෝ රන්ටැඹේ අවුරුදු කති

2013 අපේ‍්‍රල් මස 18 16:22:26 | . 
ජාතික හිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛාවේ සංවිධානත්වයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය විසින් වාර්ෂීකව පවත්වනු ලබන අලුත් අවුරුදු ක්‍රීඩා උළෙල රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී එහි අධ්‍යක්ෂ මේජර් ජනරාල් ගාමිණී ජයසූරිය මහතාගේ හා ජාතික ශිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛ්‍යාෙව් සභාපතිනි ප්‍රියන්ති ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිවයින පුරා පිහිට බළඇණි 22ක සිංහල, දෙමළ, මුස්ලිම් ශිෂ්‍යභට බාලක බාලිකාවන් මෙම උත්සවයට සහභාගී වූ අතර ජන ක්‍රීඩා ඇතුළු සංස්කෘතිකාංග රැසක් එහි විය.

ශිෂ්‍ය භටයන් හා ශිෂ්‍යභට නිලධාරීන් ඇමතූ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතා මෙසේ කීවේය.

‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ඇති කළ නිදහස හා සාමය අද අපි භුක්ති විඳිනවා. සියලු පළාත්වලින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් දරුවන් එකමුතුව සිංහල අලුත් අවුරුදු උත්සවය සමරනවා. එය අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික ශිෂ්‍යභට බලකාය රටට ආදරය කරන දරු පරපුරක් බිහි කරනවා. සියලු දේට වඩා අපි ලැබූ නිදහස හා සාමය වටිනවා. රටේ අනාගරය භාර ගන්න ඉන්න දරුවනේ, හොදට හිතට ගන් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රටට බරක් නොවී ජීවත් වෙන්න. ඒ වගේම මේ ලබපු සාමය රැක ගන්න‘

අද රනිල් මහියංගනේ

අද රනිල් මහියංගනේ
2013-04-06 ප.ව. 7:52

එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතා විශේෂ බෝධිපුජාවක් සදහා මහියංගන රජමහා විහාරය වෙත 06 දින සවස පැමිණි අතර ගංගා සුදර්ශනී කරුණාරත්න විසින් විශේෂ බෝධිපුජාව මෙහෙය වු අතර මහියංගන රජමහා විහාරා භාරකාර උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන් හා සංඝරත්නය මෙම විශේෂ බෝධිපුජාව සදහා සහභාගී වී සිටියා.

ටෙලි නිළියන් සපයන නාත්තන්ඩියේ ජර්මන් ගණිකා නිවස මාට්ටු

රූමත් ජුකී සේවිකාවන් නිළියන් වාගේ වෙස් ගන්වා විකුණයි..
පැයකට රුපියල් 10000/= යි..දෙහිඅත්තකණ්ඩිය රූමතියකුත් මාට්ටු

සුරූපී ඇඟලුම් කම්හල් සේවිකාවන් ශ‍්‍රී ලාංකික නිළියන් ලෙස හඳුන්වමින්විදේශීය සංචාරකයන්ට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බලකාය විසින් අනාවරණය කරගෙන එම ස්ථානය (18) රාත‍්‍රීයේ වටලනූ ලැබීය.

ජර්මන් ජාතිකයෙකුට අයත් නාත්තන්ඩිය, වලහාපිටිය ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ මෙම ජාවාරම සිදුවී ඇති අතර සූරූපි ඇඟළුම් කම්හල් සේවිකාවන් තිදෙනෙක්ද මෙහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව එම ඇඟළුම් සේවිකාවන් හෝටලයට ගෙන ආ තරුණයෙක්ද හෝටලයේ කළමනාකරුද, කළමනාකාරිනියක්ද වැටලීමේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඟළුම් කම්හල් සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඥතීන් වන අතර ඔවුන් හිනිදුම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය. මෙම හෝටලයේ නවාතැන් ගන්නට බහුල වශයෙන් පැමිණෙන්නේ විදේශිකයන් වන අතර එම හෝටලය නාන තටාකවලින් සමන්විත සුඛෝපභෝගී හෝටලයක් බවත් රුපියල් 5000 සේ සිට කාමර ඇති බවත් පොලිසිය කියයි.

මෙහි නිළියන් ලෙස ඇගළුම් කම්හල් සේවයේ නිරත තරුණියන් අලෙවි කරනුයේ පැයකට රුපියල් 10000 ක මුදලකටය. මධ්‍යම දූෂණ මර්ධන බලකායේ නිලධාරියෙක් ශී‍්‍ර ලංකාවේ සංචාරයට පැමිණි ඇග්ෆන් හමුදා සෙබළෙක් ලෙස අදාළ හෝටලයේ කාමරයක් වෙන්කර ගනිමින් 18 වෙනිදා දහවල් නවාතැන් ගෙන තරුණියන් තිදෙනෙක් ඉල්ලා ඇති බවත්, එහිදී හෝටල් කළමනාකරු නිළියන් තිදෙනෙක් සිටින බව පවසමින් එදින රාතී‍්‍රයේ ඇඟළුම් කම්හල් සේවිකාවන් තිදෙනාව හෝටලයට රැගෙන විත් විදේශික වෙස් ගත් පොලිස් නිලධාරියාට රුපියල් 30000 කට විකුණූ බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් කාන්තාවන් වයස 19 26 හා 29 පසුවන අතර ඇගළුම් සේවයේ යෙදෙන අතර වරින් වර පාට්ටයිම් රැකියාවක් ලෙස ගණිකා වෘත්තියේ නිරත වන බවත් සොයාගත්තා. ගැණුම් කරුවන් ඇනවුම් කළවිට ඔවුන් හෝටලයට ගෙන එන්නේ ත්‍රීරෝද රථවලිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
http://www.paparasinewslanka.com/2013/03/prostitute-in-sri-lanka.html

ගිනි අවි සමග 15 දෙනෙක්‌ මාදුරුඔය දී අත්අඩංගුවට

ගිනි අවි සමග 15 දෙනෙක්‌ මාදුරුඔය දී අත්අඩංගුවට
March 9
කරුණාරත්න ගමගේ

මාදුරුඔය ජාතික වනෝද්‍යානය මායිමේ නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබාගෙන ගැවසුණු බව කියන පුද්ගලයෝ 15 දෙනෙක්‌ ගිනි අවි 13 ක්‌ සහ හක්‌කපටස්‌ සමග ඊයේ (08 දා) අලුයම වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් දෙහිඅත්තකණ්‌ඩිය, දඹාන, කන්දේගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී තිබේ. මොවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙහෙත් කොටන තුවක්‌කු බව පරීක්‍ෂණ කටයුතු සිදු කරන වනජීවී නිලධාරීහු "දිවයින"ට පැවසූහ.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අයත් වලමණ්‌ඩිය ප්‍රදේශයේ නොකඩවා සිදු කෙරෙන නීති විරෝධී සතුන් දඩයම් කිරීම මැඬලීම සඳහා පෙරේදා (07 දා) රාත්‍රියේ පටන් වනජීවී නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළහ.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ඒ. ටී. ආර්. රවීන්ද්‍රකුමාර මහතාගේ මෙහෙයවීමෙන් උල්හිටිය අඩවි ආරක්‍ෂක නිලධාරි ඩබ්ලිව්. එම්. ධම්මික සංජීව, ඉද්දපොළ අඩවි ආරක්‍ෂක නිලධාරි ජයසෝම රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වෙහෙරගල අලි පාලන ඒකකයේ කාර්ය මණ්‌ඩලය ඇතුළු වනජීවී නිලධාරීහු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පැවැත්වූහ.

ගුරු හිඟයට විසඳුම් ඉල්ලා - හඳුන්ගමුව විදුහලේ සිසු උපවාස


මාර්තු 05
මාතලේ - විශේෂ නිමල් ගුණතිලක

ගුරු හිඟයට කඩිනමින් විසඳුමක්‌ ඉල්ලා ලග්ගල හඳුන්ගමුව විද්‍යාලයේ සිසුහු ඊයේ (04 දා) විද්‍යාලය ඉදිරිපිට සාමකාමී උපවාසයක්‌ ආරම්භ කළහ.

විද්‍යාලයේ පවතින උග්‍ර ගුරු හිඟයට විසඳුමක්‌ ඉල්ලමින් පසුගිය මාසයක්‌ පුරා සිසුන් පන්ති වර්ජනය කරමින් සාමකාමී උද්ඝෝෂණ කළත් අධ්‍යාපන බලධාරීන් විසඳුමක්‌ නොදී විදුහල්පතිවරයා උප ගුරුවරයකු ලෙසට වෙනත් පාසලකට අනුයුක්‌ත කර ඇතැයි ඔවුහු චෝදනා කරති.

ගුරු හිඟයට සාධාරණ විසඳුමක්‌ හා හිටපු විදුහල්පතිවරයා නැවත ලබාදෙන ලෙස ඉල්ලා දිගටම උපවාසයේ යෙදෙන බව එම සිසුහු පවසති. විද්‍යාලයේ සිසුන් 800 ක්‌ පමණ අධ්‍යාපනය ලබන අතර උපවාසයට සිසුහු 25 ක්‌ පමණ එක්‌වී සිටිති. සිසුහු 400 ක්‌ පමණ පන්තිවලින් බැහැරවී සිටින බවද කියති.

මේ පිළිබඳ පාසල් ශිෂ්‍යයකුගේ පියකු වන ඒ. එම්. ආනන්ද අබේකෝන් මහතා සඳහන් කළේ මේ විද්‍යාලයේ තත්ත්වය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළත් අද වන තුරුත් සාධාරණ තීරණයක්‌ ලබාදී නැති බවයි.

තම දරුවන්ගේ අවශ්‍යතාවට පිළියම් නොයොදා විදුහල්පතිවරයා මාරුකර වැඩ බලන විදුහල්පතිවරයකු පත් කිරීමෙන් පසුව සිසුන්ගේ අධ්‍යාපනයට තර්ජනය කිරීම් උග්‍ර වී ඇති බවද හෙතෙම පැවසීය.

විද්‍යාව, ගණිතය, සෞන්දර්ය, තාක්‍ෂණය, ප්‍රාථමික ඇතුළු විෂයන් කීපයකට පවතින ගුරු හිඟය 12 ක්‌ පමණ වේ.

මේ පිළිබඳව විමසීමට විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ හැරිස්‌ අලගොඩ මහතා රාජකාරියක්‌ සඳහා පිටව ගොස්‌ ඇති බව වෙනත් නිලධාරියෙක්‌ පවසා සිටියේය.

සුන්දර මහියංගන නගරයේ අසුන්දර නගර මධ්‍යයේ මංමාවත්

සුන්දර මහියංගන නගරයේ අසුන්දර නගර මධ්‍යයේ මංමාවත්