Wednesday, January 18, 2017

මිනිපේ වාරි ඇලේ පැති බැම්මක් පෙරලෙයි - මහකන්නයට වාරි ජලය නොලැබී ගොවිතැන අඩාල වේ යැයි බියක්


2016-11-18 ප.ව. 1:03

ශ්‍රිලංකාවේ දිගම වාරි ඇල (74Km) ලෙස සැලකෙන මිනිපේ යෝද ඇලේ පැති බැම්මක් ඊයේ(17) සවස වර්ෂාවත් සමග, හදගනාව ප්‍ර දේශයේදී කඩාගෙන යෑම හේතුවෙන් මේ වන විට මිනිපේ යෝද ඇලේ ජල සැපයුම තාවකාලිකව නවතා දමා ඇත. මාස්කන්නය සදහා මිනිපේ ගොවිජනපදයට ඊයේ (17) වාරිජලය මුදාහැරිම සිදු කල අතර සවස අධික වර්ෂාවත් සමග වාරි ඇලේ පැති බැම්ම කඩගෙන ගොස් ඇත. මෙම ගැටලුව හේතුවෙන් වී ගොවිතැන සදහා මිනිපේ 01 පියවර, 02පියවර, 03 පියවර, 04 පියවර සදහා ජලය සපයාගැනීමට නොහැකිව ඇත.

වසර 50කට පමණ පෙර ඉදිකරන ලද කොන්ක්‍රිට් බැමි කොටසක් හා පස් බැම්ම මෙලෙස හානියට පත්ව ඇත. අඩි 15ක පමණ විශාල කොටසක් හානියට පත්ව ඇත.

මේ වන විට එම ස්ථානයේ අලුත් වැඩියාකටයුතු වාරිමාර්ග දෙපාර්ථමේන්තුව විසින් අරබා ඇති අතර අලුත් වැඩියා කටයුතු හේතුවෙන් කුඹුරු සදහා ජල සැපයුම සම්පුර්ණයෙන්ම නවතා දමා ඇත. වී ගොවිතැන සදහා වර්ෂාවද මේ වන විට යහපත්ව නොලැබීම හේතුවෙන් ඇල කඩිනමින් ප්‍රති සංස්කරණය කර ගොවිතැන සදහා වාරි ජලය නිකුත් කරන ලෙස මිනිපේ ගොවිජනතාව ඉල්ලා සිටී.

අද (18) උදැසන මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද එම ස්ථානය නිරික්ෂණය සදහා පැමිණි අතර, ගොවිජනතාවට කඩිනමින් වාරි ජලය ලබාදීම සදහා කැඩි ගිය ස්ථානය කඩිනමින් පිළිසතර කරන ලෙස අදාල නිළධාරින් සදහා උපදෙස් ලබාදී ඇත.
මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂක කේ එම් ඒ පී කරුණානායක මහතා “ ඊයේ මිනිපේ වාරි ඇලේ ගොවියන් හට අපි වතුර දෙන්න සුදානම් කරලා තිබුනේ. වතුර දෙනවාත් එක්කම ප්‍රධාන ඇලේ 15 කිලෝමීටරයේදී ජල පැන්නුම් නිර්මිතයට පහල පැත්තෙන් ඇති පැති බැම්මක් කඩාගෙන ගිහින් අඩි 15ක් පමණ ප්‍රමාණයක් පස්බැම්මත් එක්ක හෝදගෙන ගිහින් තියෙනවා මේ වන විට. දැනට අපි ප්‍රධාන ඇලේ ජලය නවත්තලා තියෙන්නේ. කඩාගෙන ගිහින් තියෙන පස් බැම්ම පුරවාල, කොන්ක්‍රිට් බැම්මත් සාදලා ඉතා ඉක්මනින් ජලය ලබාදෙන්න අපි බලා පොරොත්තු වෙනවා. ඒ සදහා දිවා රාත්‍රි අපි කටයුතු කරන්න සුදානමින් ඉන්නේ“ යැයි පැවසීය




No comments:

Post a Comment