Wednesday, January 18, 2017

ගංජා කිලෝ 13ක් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් මහියංගනයේදි පොලිස් අත් අඩංගුවට


2017-01-02 ප.ව. 7:40
කතරගම ප්‍ර දේශයේ සිට මහියංගනය දක්වා ගංජා කිලෝ 13ක් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් මහියංගනයේදි පොලිස් අත් අඩංගුවට අද (02) අලුයම පොලිස් අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසි පවසති.

ගමන මලු දෙකක ගංජා ප්‍රවාහනය කළ මහින්ද්‍රා කැබ් රථයක් හා සැකකරුවන් තිදෙනෙකු ප්‍රථමයෙන් අත් අඩංගුවට ගනු ලැබු අතර වැඩිදුර ප්‍රශ්න කිරිමේදි තවත් පුද්ගලයෙකු ගංජා අතැතිව අත් අඩංගුවට ගැනීමට හැකි විය. පසුගිය වසර කිහිපය ඇතුලතදී ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී වැඩිම බර ප්‍රමාණයක් සහිත ගංජා අත් අඩංගුවට ගත් අවස්ථාව මෙය බව මහියංගන පොලිස් ආරංචි මාර්ග සදහන් කරති.
අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනෙකු‍ කතරගම ප්‍ර දේශයේද, එක් අයෙක් මහියංගන ප්‍ර දේශයේ සහ හසලක ප්‍ර දේශයේ අය වෙති. ප්‍රශ්න කිරිම් හමුවේ මොහුන් කාලයක් තිස්සේ මෙම ජාවාරමේ නිරත බවට තොරතුරු අනාවරණය කර ගත හැකි වින.

ගංජා හා සැකකරුවන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතාගේ අධික්ෂණයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රධාන පො.සැ.36777 ජයලත්,2236 විමලසිරි,20016 නන්දසේන, පො.කො. 28533 සෙනෙවිරත්න, 28534 දිසානායක, 38588 සම්පත්, 34166 දර්මදාස, 68726 ජයරත්න, 88742 ප්‍රේමරත්න, 75337 සදලාල්, 87193 අබේකෝන්, 54492 උපාලි, කා.පො.කො. 1784 නිරෝෂනි, 1751 ජනිතා, පො.කො.රි. 89723 සේනාධිර යන පොලිස් නිළධාරින් පිරිසක් මෙම වැටලීම සිදු කරන ලදී. වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.


No comments:

Post a Comment