Wednesday, January 18, 2017

ගාමිණි කුලරත්න අනුස්මරණ ශී‍්‍රෂ්‍යත්ව ප‍්‍රධානය හසලකදී


2017-01-15 ප.ව. 10:45

තිස්‌වසරක්‌ මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක්‌ සිදුකළ රුදුරු කොටි ත්‍රස්‌තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරයක්‌ තම ජීවිතය පූජාකරමින් වළක්‌වා සහෝදර සෙබළුන් 1500 කට කිට්‌ටු ප්‍රමාණයක ජීවිත බේරාදුන් හසලක වීරගාමිණී කුලරත්න සෙබළා සිහිකරමින් “කෝප‍්‍රල් ගාමිණි කුලරත්න අනුස්මරණ ශිෂ්‍යත්ව ප‍්‍රධානය“ පසුගියදා හසලක රණසිංහ ජාතික පාසලේදී පවත්වන ලදී.

එම ශිෂ්‍යත්ව ප‍්‍රධානය ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොව්ව්ය විසින් සංවිධානය කරනු ලැබුනු ලැබීය.

ශ‍්‍රි ලාංකිය ජාතියට මහගු මෙහෙවරක් ඉටු කරමින් එදා ජාතියෙන් සමුගත් ඒ ජාතික විරුවාගේ ගම්පියසේ පිහිටා ඇති හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ ඉගෙනුම ලබන පාසල් දරුවන් සදහා ශිෂ්‍යත්ව ප‍්‍රධානය පසුගිය 11 වන දින සිදුකරන ලද්දේ ආරක්‍ෂක සේනා කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතගේ සංකල්පයකට අනුවය.

එහිදි අ:පො:ස උසස් පෙළ හදාරන පාසල් ලමුන් දෙදෙනෙකුහට එක් මසට රුපියල් 5000 බැගින් වසර දෙකක ශිෂ්‍යත්ව ප‍්‍රධාන 02ක් සහ පාසැල් ලමුන් 50 දෙනෙකු සඳහා පොත් පාර්සල් 50ක් බෙදාදෙන ලදී.
ආරාක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි බි‍්‍රගේඩියර් පාලන/ භ කා ස කර්නල් සි කේ හදුන්මුල්ල යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප‍්‍රධානත්වයෙන් එම උත්සවය පැවත්වු අතර, ඒ සදහා හසලක ගාමිණි කුලරත්න විරුවාණන්ගේ මැණියන් වන වයි කේ ජුලියට් මාතාව හා හසලක අධ්‍යාපන කොටිඨාසය භාර අධ්‍යාපන නිළධාරින් හා රාජ්‍ය නිළධාරින් සහ එම පාසලේ විදුහල්පතිනිය ඇතුලු ගුරුභවතුන් හා දෙමාපියන් මෙම අවස්ථාව සදහා සහභාගී වි සිටියේය.


No comments:

Post a Comment