Wednesday, January 18, 2017

නිළධාරින් සමග හැප්පෙන්න ගොස් ඌව මහ ඇමති ඇන ගනී

14:56 29/11/2016
අවංක රාජ්‍ය නිළධාරිනියක වූ ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ( මූල්‍ය ) තම පදයට නැටුවේ නැතැයි කියා එම තනතුරෙන් ඇය ඉවත් කොට ඊට පහල තනතුරකට පත්කර පළිගැනීමක් සිදු කිරීමට ගිය ඌව ප්‍රධාන අමාත්‍ය වරයා හට රාජ්‍ය නිළධාරින්ගෙන් එල්ල වූ විරෝධතාවය හමුවේ එය හකුලා ගැනීමට සිදුව තිබේ.
අදාල නිළධාරිනිය මාරු කිරීමට එරෙහිව පළාත් සභාවේ නිළධාරින් ඊයේ ( 28 දා ) 2017 වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය විවාදයට සහභාගී නොවීම හේතුවෙන් දැඩි උණුසුම් කාරී තත්වයක් උඩ විවාදය අතරමැද නතර කරන්නට සිදුවිය.
මේ හේතුවෙන් දැඩි ලෙස අසරණ වූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා පසුව ඌව ආණ්ඩුකාරවරයාට දන්වා අදාල නිළධාරිනිය ඊයේ රාත්‍රියේම නැවත ඇය සිටි තනතුරටම පත් කර තිබේ. ඊයේ රාත්‍රී 8 ට පමණ ඇගේ නිවසටම පත්වීමේ ලිපිය ගෙනත් දීමට තරම් පළාත් සභාවේ ලොක්කන් අසරණතාවයට පත්ව තිබේ.
කෙසේ වෙතත් මහ ඇමති වරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාවේදි ඔහුගේ සහයට ඇතැම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු සිටීම පිළිකුල් සහගත බව උසස් පළාත් සභා නිළධාරියෙකු පැවසීය.

No comments:

Post a Comment