Wednesday, January 18, 2017

එංගලන්තයට එරෙහිව නඩු යන්න ඌව මහ ඇමැති සැරසෙයි


2017 ජනවාරි මස 16 16:02:07
යටත් විජිත සමයේ දී ඌව පළාතට කළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා මහා බ්‍රිතාන්‍යය ට විරුද්ධව නඩු පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
“බ්‍රිතාන්‍යයන් විසින් ද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබු මොණරවිල කැප්පෙටිපොළ ඇතුළු අපේ වීරයෝ 19 දෙනෙක් දේශප්‍රේමීන් ලෙස නම් කිරිම ඌවේ අපට ලොකු අභිමානයක්.1817-1818 නිදහස් සටන වෙනුවෙන් ඌවේ මිනිස්සු 14000ක් විතර දිවි පුදල තියෙනවා. වසර 199 කට පසු හෝ වන්දි ඉල්ලා සිටිම යුක්ති සහගතයි. ඌවට තරම් විනාශයක් ලංකාවේ වෙනත් ප්‍රදේශවලට සිදු වුයේ නැහැ‘ යැයි ද ඒ මහතා කීවේය.

No comments:

Post a Comment