Wednesday, January 18, 2017

දහයියා පටවා තේක්ක ඇද්ද ලොරිය හසලකදී මාට්ටු

 2017-01-09 ප.ව. 8:39
බිබිල ප්‍ර දේශයේ සිට මහනුවර දක්වා නීති විරොදී ලෙස තෙක්ක ප්‍රවහනය කල ලොරි රථයක් හසලක පොලිසිය මගින් අද (09) උදැසන අත් අඩංගුවට ගෙන ඇත. දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් දහයියා ගෝනිවලට සගවා තේක්ක කදන් 78ක් නිති විරෝධි ආකාරයෙන් ප්‍රවාහනය කර ඇත.

ලොරි රථය සමග සැකකරුවන් දෙදෙනෙකු හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. හසලක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටී එම් රත්නායක මහතාගේ ප්‍රධනත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරෙන අතර ලොරි රථය,දැව හා සැකකරුවන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


No comments:

Post a Comment