Wednesday, January 18, 2017

2017 වසරට බාරගත් දරුවන් 200කට අධික සංඛ්‍යාවතට පොල් අතු මඩුවල අධ්‍යාපනය ලැබීමට සිදුවෙයි - ප්‍රාථමික පාසලේ දරුවන් ජාතික පාසලටත් එපා කියයි.


18/01/2017 12:54
මහියංගන අධ්‍යාපන කළාපායේ ප්‍රධාන ප්‍රාථමික පාසල වන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලේ ගොඩනැගිලි අඩුපාඩු හේතුවෙන් 2017 වර්ෂය සදහා බදවාගනු ලැබු දරුවන් 200කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇතිතේ දෙමාපියන් විසින් සෑදු සෙල්ලම් ගෙවල්වලය. එයට හේතුව වී ඇත්තේ එම පාසලේ දරුවන් සදහා ඉදිකරමින් පවතින නව ගොඩ නැගිල්ලේ කටයුතු නිමා නොවීමත්, ගොඩනැගිල්ල කඩිනමින් දරුවන් වෙනුවෙන් නිමා කිරිම සදහා ඌව පළාත් සභාව මගින් කොන්ත්‍රාත් කරු වෙත මුදල් ගෙවීමේ ඇතිවී ඇති ප්‍රමාදයන් හේතුවෙන් බවට විද්‍යාලිය දෙමාපියන් චෝදනා කරති.

සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ 2017 වර්ෂය සදහා බදවාගන්නා නවක දරුවන් වෙනුවෙන් ප්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර ලබාදීම වෙනුවෙන් එහි ඉගෙනුම ලබන පැරණි දරුවන් මහියංගන ජාතික පාසලේ පන්තිකාර 5ක් වෙත යොමු කිරිම සදහා මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ගේ අනුමැතියෙන් පාසල ආරම්භ කල සතියේ දෙමාපියන්ගේ ශ්‍රමදායකත්වයෙන් මහියංගන ජාතික පාසලේ පන්තිකාමර සුදානම් කලේ මෙම ගැටලුවට විසදුමක් ලබාදීමේ අටියෙනි. එහෙත් මේ වන විට එම පන්ති කාමර ලබාදීම ජාතික පාසලේ විදුහල් පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ජාතික පාසලේ ගොඩනැගිලි රැසක් අලුත් වැඩියා කටයුතු සිදු කිරිම හේතුවෙන් එම විද්‍යාලයේ දරුවන් සදහාද පන්ති කාමර වල අඩුවක් ඇති බව පවසමිනි.

ඇතිවී ඇති අර්බුධකාරි තත්වය හේතුවෙන් නවක දරුවන් දෙමාපියන් විසින් තැනු පොල් අතු සේලම් ගෙවල්වලම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට සිදුව ඇති අතර පැදුරු යොදා බිම දරුවන් අධ්‍යපනය ලබති. මේ හේතුවෙන් දරුවන් සේම අරුවන් හට අකුරු කරනා ගුරුවනරුන් හා ප්‍රාථමික විද්‍යාලිය විදුහල්පතිතුමන්ද මහත් සේ අපහසුතාවයට පත්ව ඇත.

හැකි ඉක්මනින් ඉදිවන නව ගොඩනැගිල්ලේ කටයුතු නිමකර දරුවන් සදහා විධිමත් අධ්‍යාපන කටයුතු සිදු කිරිම සදහා වගකිවයුතු අධ්‍යාපන බළධාරින් මැදිහත් වන ලෙස ප්‍රාථමික පාසලේ දරුවන්ගේ ඉල්ලා සිටී. සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුහිඟයටද පිළියම් වහා ලබා දෙන දෙස දෙමාපියන් ඌව පළාත් අධ්‍යාපන බළධාරින්ගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්දයෙන් මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක ටී එම් ප්‍රේමරත්න මහතාගෙන විමසු විට අදහස් දැක්වීමෙන් වැලකී සිටි අතර අධ්‍යාපන ලේකම්තුමියගෙන් විමසන ලෙස දැන්වීය. පළාත් අධ්‍යාපන ලේකම්තුමියගේ ජංගම දුරකථනය වෙත අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුමක් ලැබාදුන්නද ඒ සදහා ප්‍රතිචාරයක් නොලැබිනි.





No comments:

Post a Comment