Wednesday, January 18, 2017

සීතලට ගිනිතපින්න ගොස් පුංචි මල් කැකුළක් මිළිනවෙයි


2017-01-13 ප.ව. 10:34

නිවසේ ලිප අසලට වී ගිණි තපිමින් සිටියදී ඇදිවතට ගිණී ඇවිලිමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ කන්දකැටිය 24 කණූව ප්‍රදේශයේ වයස අවුරුදු පහක දැරියක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කන්දකැටිය ට්‍රැක් 1/102 පදිංචි ඩබ්ලිව් ඒ නිපුනි හංසමාලී (5) නැමැති දැරියකි.
සීතල දරා ගත නොහැකිව ඊයේ (12) උදෑසන නිවසේ ලිප අසල ගිණී තපිමින් සිටියදී සිරුරට ගිණි ඇවිලී මෙන් බරපතල තුවාල ලැබූ මෙම දැරිය කන්දකැටිය රෝහලටත් අනතුරුව මහියංගන රෝහලටත් ඇතුලත් කර ඇති අතර බරපතල තත්වයේ පසුවූ දැරිය පේරාදෙණීය ශික්ෂන රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (12) සවස ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්දයෙන් කන්දකැටිය පොලිසිය පරීක්සණ පවත්වයි.

No comments:

Post a Comment