Wednesday, January 18, 2017

ටොයොටා ලංකා ආයතනයෙන් දුවා දරුවන්ට අධ්‍යාපනය සදහා අවැසි දෑ තෑගි බෝග

 17/12/2016 08:16
ශ්‍රිලංකාවේ දුප්පත්ම ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ වලින් දෙවන ස්ථානය ගන්නා රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ දුප්පත්ම හා පාරිසරාක හේතුන් නිසා මහජන සම්බන්දතාවයෙන් දුරස්ව පිහිටි දුෂ්කර ගම්මානයක් වන කන්දේගම ගම්මානයේ, කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය සදහා පාසැල් උපකරණ තූර්ය වාදන කට්ටල හා පරිගණය යන්ත්‍ර බෙදාදීම පසුගියදා සිදු කෙරිනි.
වත්තල ටොයොටා ලංකා ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂක සුන්ගෝ යොෂියෝකා ( sungo yoshioka ) මහතාගේ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝහාර අතුකෝරල මහතාගේ සහ සේවා අංශයේ කළමණාකාර මතිෂ සමරණායකයන මහතුන්ගේ මග පෙන්වීමෙන් ටොයොටා ලංකා ආයතනයේ සේවා අංශයේ මුලිකත්වයෙන් තුන්වන වරට මෙම සමාජ සත්කාරය සිදු කෙරිනි. ඒ සදහා සමාගමේ සේවක මණ්ඩලය රුපියල් ලක්ෂ 08කට අධික මුදලක් වැයකර තිබුනි

පාසල සදහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය පරිගණක යන්ත්‍ර තූර්ය වාදන කට්ටලයක් දරුවන් සදහා 2017 වර්ෂය සදහා පොත්පත්, පාසැල් උපකරණ, පොත් බෑග්, සපත්තු බෙදා දීම මෙහිදි සිදු කෙරිනි. එය ගම්මානයේ දරිද්‍රතාවයෙන් සිටින දෙමාපියන් හම මහත් වු සහනයක් වු අතර දරුවන් ගේ සතුට ඉහවහා ගිය අවස්ථාවක්ද විය



No comments:

Post a Comment