Wednesday, January 18, 2017

ලැබු නව වසර සමරා මහියංගන පුදබිමට විශාල පිරිසක් - නාහිමියන්ගේ ජන්ම දිනට ලේ දන්දීමේ මහා පිංකමක්

 2017-01-01 පෙ.ව. 11:18

ලැබුවා වු 2017 නව වසර සමරා ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානය වෙත ප්‍ර දේශ වාසින් රැසක් අද (01) උදැසන පැමිණ සිටි අතර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ ගේ සුරතින් නව වසරේ ප්‍රථම මුදල් ගනුදෙනුවද සිදුකර පිරිත් නුල් බැද නව වසර සදහා ආශිර්වාද ලබාගත්තේය.

මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ ගේ 66 වන ජංම දිනය නිමිත්තෙන් පවත්වන ලබන “ ලේ දන්දීමේ මහා පිංකම“ අද (01) උදැසන 8.30ට සිට දවස පුරා මහියංගන රජමහා විහාරීය ධර්ම ශාලාවේ පැවැත්වේ. රුධිර පරිත්‍යාග ශිලින් විශාල පිරිසක් ඒ සදහා එක්ව සිටියේය‍. මහියංගන මුලික රෝහලේ වෛද්‍ය සිසිර විරසිංහ මහත්මාගේ මුලිකත්වයෙන් සංවිධානය කර තිබුනි.





No comments:

Post a Comment