Thursday, January 26, 2017

මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ඩිසල් හොරෙන් පැන්නු පිරිසක් පොලිසියට මාට්ටු

 2017-01-26 පෙ.ව. 11:55

රිදිමාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ යන්ත්‍ර සුත්‍ර සදහා නිකුත් කරනු ලබන ඩිසල් සොරකම් කර අලෙවිකරනා පිරිසක් පසුගියදා මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ නව මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා විසින් සැකකරුවන් මේ මස 31 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

මෙම පිරිස සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටියදී කෙසෙල්පොත ඉකිරියගොඩ ප්‍ර දේශයේදි මහියංගනය පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසති. එහිදී ඩිසල් පිරවු කෑන් 19ක් හිස් කෑන් 12, ටාටා කැබ් රථයක් හා පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත් අඩංගුවට පත් වු අතර අත් අඩංගුවට පත් එක් සැකකරුවෙකු තිස්සපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සිද්ධිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතා ඇතුලු පොලිස් නිළධාරින් කණ්ඩායමක් පරික්ෂණ පවත්වති.

No comments:

Post a Comment