Wednesday, January 18, 2017

වස්ගමුවේ වනජීවි නිළධාරින්ගේ වෙඩි පහරින් අයෙක් මරුට 1/18/2017 8:39 PM

1/18/2017 8:39 PM

වස්ගමුව ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් හා වනජීවී නිලධාරීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රියේ මෙම පිරිස පරික්ෂා කිරීමට වනජීවී නිලධාරීන් උත්සහ කර ඇති බව ය.
එහිදී එහි සිටි පිරිස වනජීවී නිලධාරීන්ට වෙඩි තබා තිබේ.
දෙපිරිස අතර සිදූ වූ වෙඩි හුවමාරුවෙන් මිය ගොස් ඇත්තේ, අනවසරයෙන් ඇතුළු වූ පිරිස අතර සිටි එක් අයෙකි.
ඔහු දුනුවලපිටිය, මැදකන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි W.P. සුසන්ත කුමාර නම් පුද්ගලයෙකි.
ඔහු අසල තිබී බෝර 12 වර්ගයේ ගිනිඅවියක් ද සොයාගෙන තිබේ.
විල්ගමුව පොලීසිය සඳහන් කළේ, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ය.






No comments:

Post a Comment