Wednesday, January 18, 2017

අපරික්ෂාකාරිව පැමිණි වැලි ටිපර් රථයට දෙදෙනෙකු බිලි

 2016-12-25 ප.ව. 9:30
මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ 5 කණුව කහනියගොඩ හංදියේදි සිදු වු රිය අනතුරකින් යකුරුපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ඊයේ (24) රාත්‍රි මියගොස් ඇත. 

ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ කහනියගොඩ හංදියේදි අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට අපරික්ෂාකාරිව ධාවනය කල වැලි ලොරි රථයකට යටවී ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක පැදිකයන් දෙදෙනෙකු මෙලෙස මියගියේය. එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙකු තුවාල කරු මහියංගන මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙසෙල මියගොස් ඇත්තේ මහියංගන සොරබොර ජනපදය, මකුලුගොල්ල, අංක 180 පදිංචිව සිටි රණසිංහ ආරච්චිලාගේ රත්නායක නම් වයස 37ක විවාහකයෙකු හා සොරබොර ජනපදය, නව මකුලුගොල්ල යන ලිපිනයේ පදින්චිව සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ ගුණතිලක නම් වයස 62 විවාහකයන් දෙදෙනෙකි.

වැලිටිපර් රථය ලග්ගල දාස්ගිරිය හත්තොට අමුණ ප්‍ර දේශයේ ලොරි රථයක් වන අතර ලොරි රථයේ රියදුරු අනතුරෙන් පසුව මහියංගන පොලිසිය වෙත බාරවී ඇත.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති එල් එච් එල් අයි සමිර වික්‍රමසුරිය මහතා ප්‍රධාන රථවාහන අංශයේ නිළධාරින් අනතුරු සම්බන්දයෙන් පරික්ෂණ පවත්වති.



No comments:

Post a Comment