Wednesday, January 18, 2017

බලපත්‍ර නොමැතිව “රෝහන“ වැලි ගොඩදැමු පිරිසක් STF පැන අල්ලයි



2017-01-13 ප.ව. 11:19
මහියංගන පගරගම්මන, රෝහන ගම්මානයේ වැලි කැණිම සදහා බලපත්‍ර නොමැතිව මහවැලී ගඟේ වැලි කැනීම් සිදු කල වැලි මංකඩක් අද (13) උදැසන විශේෂ කාර්යය බළකා නිළධාරින් විසින් වටලනු ලැබීය.

සැකකරුවන් 5ක් , ට්‍රැක්ටර් 01ක්, සවල් 05ක්,බාල්දි03ක් විශේෂ කාර්යය බළකා නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

අම්පාර විශේෂ කාර්යය බළකා අණදෙන නිළධාරි පොලිස් අධිකාරි රත්තෙපිටිය මහතා හා විශේෂ කාර්යය බළකා අම්පාර සේනාංකයේ එම් එල් ආර් චන්ද්‍රසිරි මහතා සහ මහඔය කදවුර අණදෙන නිළධාරි පො.ප. ඩි.එම්.එන්.බී දිසානායක මහතාගේ හා උපදෙස් පරිදි මහඔය කඳවුරේ දෙවන අණ දෙන නිළධාරි ඩී හේවාපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැටලීම සිදු කරන ලදී. අත් අඩංගුවට පත් සැකකරුවන් හා භාණ්ඩ මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනේය.

No comments:

Post a Comment