Thursday, November 17, 2016

සොරබොර වැවේ වැව් තාවුල්ල රැුකගැනිම ස`දහා පැළ සිටුවිමේ ව්‍යාපාරයක්

11/17/2016 10:31 PM
මහියංගණ ඓතිහාසික සොරබොර වැවේ වැව් තාවුල්ල රැුකගැනිම ස`දහා පැළ සිටුවිමේ ව්‍යාපාරයක් මහියංගණ පොලිසියේ ප‍්‍රජා පොලිස් ඒකකය සහ දෙහිගොල්ල ග‍්‍රාමනිලධාරි වසමේ සිවිල් ආරක්ෂක කමිටුව විසින් ප‍්‍රජා දායකත්වය මත ආරම්භ කර ඇත.
බුලතා යෝධයා නැමැති අය විසින් ඉදිකරනු ලැබ ඇති ඓතිහාසික සොරබොර වැවේ වැව් තාවුල්ල මේ වෙන විටත් විවිධ පාරිසරික හානිවලට ගොදුරුවි විනාශවෙමින් යන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.
මෙම තත්වය නවතා ඓතිහාසික උරුමය රැුකගැනිමේ අරමුණින් වන රෝපණ මාසය හා ප‍්‍රජා පොලිස් සතියට සමගාමිව පොලිස් කොස්තාපල් ඩබ්.ඒ. චමින්ද නිරෝෂන (54197 * ග‍්‍රාමනිලධාරිණි ඩි. එම්. අනුලා දිසානායක සහ ආර්ථික සංවර්ධන නිලධාරි උදේනි හේරත් යන අය විසින් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් සහ ගම්වාසින් සම`ග එක්ව ඉකුත් 14 වෙනි දින වැව් තාවුල්ලේ කුඹුක් සහ මී යන පැළ වර්ග රෝපණය කිරිමේ මහා ශ‍්‍රමදානයක් පවත්වන ලදි.

No comments:

Post a Comment