Wednesday, January 18, 2017

වරායෙන් දුෂ්කර පාසැල් දරුවන්ට සමාජ සත්කාරයක්

 17/12/2016 08:24
ශ්‍රිලංකා වරය අධිකාරියේ රිෆිට් අංශය මගින් වාර්ශිකව සිදු කරනු ලබන ප්‍රජාසත්කාරක ක්‍රියාවලිය යටතේ මෙවර මහියංගන අධ්‍යාපන කලාපයේ ඉතා දුෂකර පාසලක් වන මාපාකඩවැව, කෙසෙල්පොත, ඉකිරියගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ දුවා දරුවන් 150 දෙනෙකු හට 2017 වර්ෂය සදහා අවැසි අධ්‍යාපන උපකරණ හා ද්‍රව්‍ය බෙදාදීම පසුගියදා සිදු කෙරිනි.

එහිදී විද්‍යාලයට අවශ්‍ය සංගීත හා ක්‍රිඩා උපකරණ ප්‍රථමාධාර උපකරණ හා ඖෂධ ලිපි ද්‍රව්‍ය හා පුස්ථකාලය සදහා අවශ්‍ය පොත් පත් ප්‍රධානය කෙරිණි.

මහියංගන කළාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරින් ප්‍රධාන ශ්‍රිලංකා වරය අධිකාරියේ රිෆිට් අංශය වැඩ අධිකාරී ඩි බි කේ ගමආරච්චි, වැඩ අධිකාරී කේ පියරත්න මහතා ඇතුලු වරයා අධිකාරියේ සේවක සේවිකාවන් පිරිසක් මෙම සමාජ සත්කාරය වෙනුවෙන් එක්වී සිටියේය. විද්‍යාලීය දුවා දරුවන්ගේ ගායන හා නර්ථනාංග රැසක් මෙම අවස්ථාව වර්ණවත් කිරිම සදහා ඉදිරිපත් කෙරිනි.


No comments:

Post a Comment