Monday, January 23, 2017

පොල්අතු මඩුවල අධ්‍යාපනය ලැබු දරුවන් වැස්ස නිසා ගෙදර යෑමට සිදුවේ. දරුවන්ට පංතිකාර නොමැති ගැටලුවට තවමත් විසදුමක් දීමට අධ්‍යාපන බළධාරින්ට නොහැකි වී ඇත.


2017-01-23 ප.ව. 11:21

මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලේ  පොල්අතු සෙල්ලම් ගෙවල්වල මෙතෙක් අධ්‍යාපනය ලැබු 2017 නව වසර බදවාගනු ලැබු දරුවන් අද (23) දින පැවති වර්ෂාව හේතුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරිමට නොහැකි තත්වයක් පැවතීම හේතුවෙන්  ගෙදර යෑමට සිදු විය. එයට හේතුව වුයේ පොල් අතු සෙල්ලම් ගෙවල් සියල්ල වර්ශාව හේතුවෙන් තෙමි තෙත බරිත වී පොල් අතු ගෙවල් අභ්‍යන්තර තෙමි පැවතීමයි. මහියංගන අධ්‍යාපන කළාපායේ ප්‍රධාන හා ජනප්‍රිය ප්‍රාථමික පාසල වන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලයි. එම ප්‍රාථමිකය වෙත දරුවන් ඇතුලත්  කර ගැනීම සදහා විශාල තරගයක් දෙමාපියන් අතර පවතින අතර එසේ වෙහෙස වි පාසැල වෙත ඇතුලත් කර ගන්නා දරුවන් හට අධ්‍යාපනය සදහා පංති කාමර නොමැති වීම ශෝචනිය තත්වයකි.

2017 වර්ෂය සදහා නවක සිසුන් 2017.01.11 වන දින මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය වෙත බාරගනු ලැබු අතර  දරුවන් 195ක් සදහා පාසලේ පංතිකාමර නොමැති කම හේතුවෙන් දෙමාපියන් විසින් සෑදු පොල්අතු සෙල්ලම් ගෙවල්වල් 05ක කොටස් වශයෙන් මේ දක්වා දරුවන් අධ්‍යාපනය හැදැරිය.

නවක දරුවන් වෙනුවෙන් පාසලේ ඉදිකරමින් පවතින නව ගොඩ නැගිල්ලේ ඉදිකිරිම් කටයුතු නිමා නොවීම මෙම ගැටලුවට හේතුවී ඇති අතර ඌව පළාත් සභාව මගින් කොන්ත්‍රාත් කරු වෙත මුදල් ගෙවීමේ ඇතිවී ඇති ප්‍රමාදයන් හේතුවෙන් ඉදිකිරිම් කටයුතු ප්‍රමාද වන බව විද්‍යාලිය දෙමාපියන් චෝදනා කරති.

නවක දරුවන් සදහා පංති කාමර නොමැති කම හේතුවෙන් සවස 2.00න් පසු පංති  පැවැත්වීමට අධ්‍යාපන බළධාරින් යෝජනා කර ඇති අතර ඒ සදහා දෙමාපියන් වැඩි පිරිසකගේ එකගතාවයක් නොමැත.

හැකි ඉක්මනින් ඉදිවන නව ගොඩනැගිල්ලේ කටයුතු නිමකර දරුවන් සදහා විධිමත් අධ්‍යාපන කටයුතු සිදු කිරිම සදහා වගකිවයුතු අධ්‍යාපන බළධාරින් මැදිහත් වන ලෙස ප්‍රාථමික පාසලේ දරුවන්ගේ දෙමාපියන් ඉල්ලා සිටී. සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුහිඟයටද පිළියම් වහා ලබා දෙන දෙස දෙමාපියන් ඌව පළාත් අධ්‍යාපන බළධාරින්ගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්දයෙන් ඌවපළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අබන්වල මහත්මියහට දුරකතනයෙන් කථාකර ගැටලුව සම්බන්දයෙන් විමසු විට “ඔය කියන ප්‍රශ්නයක් ඔය පාසලේ නෑ. ජනවාරි මාසයේ 30 වන විට ඔය නව ගොඩ නැගිල්ලේ කටයුතු අවසන් කරනවා. ඔයාලා කථාකරලා තිබුනා කොළඹ අධ්‍යාපන ලේකම්ට. සෙල්ලම් ගෙවල්වල තමයි පොඩි ළමයි මුල් අවස්ථාවේ ප්‍රාථමික අවස්ථාවේ තියෙන්නේ. ඒ කෙ ප්‍රශ්නයක් නෑ“.

එවිට සති ගණන් මාසගනන් සෙල්ලම් ගෙවල් වල අධ්‍යාපනය ලබන්න කියලා අධ්‍යාපන විෂය නිර්දේශයේ නෑ නේද? යැයි ප්‍රශ්න කල විට ලේකම් තුමිය මෙසේ පැවසීය.“ නෑ ඉතින් මාසගානක් හරි... ගොඩනැගිල්ලක්, ගොඩනැගිල්ලක් හදන එක මම නෙවෙයිනේ හදන්නේ. කොන්ත්‍රාත් කාර මහත්තුරු ඉන්ජිනේරුවෝනේ හදන්නේ.“

එවිට කොන්ත්‍රාත් කරුවන් හට පළාත් සභාවෙන් මුදල් නොගෙවීම හේතුවෙන් මේ ප්‍රමාදය සිදුවෙලා තියෙන්නේ යැයි ප්‍රශ්න කල විට “ ඒ සල්ලි දෙන්නේ නැති එක ඔයා මගෙන් අහන්ඩ එපා හරි. පළාත් සභාවෙන් මට සල්ලි දුන්නොත් තමයි මම සල්ලි දෙන්ඩ ඕන. නමුත් ඔය කොන්ත්‍රාත් කාර මහත්තයාගේ තියෙන්නේ එක බිලයි. මන් දන්නේ නෑ කව්ද කියන්නේ කියලා. පළවන බිල විතරයි ගෙවන්ඩ තියෙන්නේ. ඒක ගෙවනවා අද. ඊයේ තමයි සල්ලි දුන්නේ අපිට. ඒ කොන්ත්‍රාත් කාර මහත්තයා අද 2.00ට රැස්වීමකට කැදවලා තියෙන්නේ. පළාත් සභාවට සල්ලි දිලා තියෙන්නේ දැන්. ඒ සල්ලි අද දෙනවා. අපි අහන්නම් එයාගෙන් අපි දීපු ප්ලෑන් එකටද වැඩ කරේ කියලා“ යැයි වැඩි දුරටතු ලේකම් තුමිය පැවසීය.





No comments:

Post a Comment