Wednesday, January 18, 2017

ජනපති පදවිප්‍රාප්තියේ දෙවසර වෙනුවෙන් ආදිවාසින්ගේ ජල ගැටලුවට පිළියම්


2017-01-09 ප.ව. 8:34
මහියංගන දඹාන ආදිවාසී ගම්මානයේ කාලයක් තිස්සේ පවතින උග්‍ර පානිය ජල ගැටලුව වෙනුවෙන් විසදුම් ලබාදීමේ අරමුණු කර ගනිමින් එහි ප්‍රථම අදියර ලෙස ආදිවාසී ගම්මානය සදහා ජල ටැංකි හා වතුර මෝටර ලබාදීම අතිගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඊයේ (08) දින උදැසන මධ්‍යම සංස්කෘතික අරමුදලේ බදුල්ල ව්‍යාපෘති කාර්යාලයේ පුරාවිද්‍යා අධ්‍යාක්ෂිකා ආචාර්යය චුලනි රඹුක්වැල්ල මහත්මියගේ ප්‍රධානත්වයේන දඹාන ආදිවාසි ගම්මාණයේදී සිදු කෙරිනි.

මෙම වැඩ සටහනේ සමාරම්භයක් ලෙස ජල ටැංකි හා වතුර මෝටරයක් පුරාවිද්‍යා අධ්‍යාක්ෂිකා ආචාර්යය චුලනි රඹුක්වැල්ල මහත්මිය විසින් ආදිවාසී විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් වෙත ප්‍රධානය කෙරිනි. ගම්මානයේ ආදිවාසි ජනතාවගේ හා ගම්මානය නැරබීම සදහා පැමිනෙන සංචාරකයන්ගේ පානිය ජල ගැටලුව මෙමගින් විසදීම අපේක්ෂා කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය අකිල විරාජ් කාරිවවසම් හා අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතාගේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කල අතර බදුල් පුරාවිද්‍යා ව්‍යාපෘති කාර්යාල කළමණාකාර චන්න අඹගස්පිටිය, නිළධාරින් හා මොරණාගල පුරාවිද්‍යා ව්‍යාපෘති කළමණාකාර ඒ බී රත්නායක හා කාර්යාල නිළධාරින් ආදිවාසී ගම්වාසීන් රැසක් මෙම අවස්ථාව සදහා සහබාගි වි සිටියේය.

No comments:

Post a Comment