Wednesday, January 18, 2017

ලොග්ගල් ඔය කාන්තා මළසිරුරක්

16:21 11/12/2016
ලොග්ගල්ලාඔයයේ පාවෙමින් තිබු කාන්තා මළසිරුරක් ඊයේ සවස ප්‍රෙද්ශවාසියෙකුගේ දැනුම් දිමකට අනුව මහියංගන පොලිසිය විසින් ගොඩගෙන ඇත.

ඊයේ (10) සවස ගොඩගත් එම කාන්තා මළසිරුර බිබිල වෑගම ප්‍ර දේශයේ පදිංචිකාරියකගේ බවත් 54 හැවිරිදි දෙදරු මවක් බව අණාවරණය වේ

ඇය බිබිල හෑපෙළ විදුහලේ ගුරුවරියක් වශයෙන් සේවය කරනා අතර ඊයේ උදයේ බිබිල පොළට යන බව පවසා නිවසින් පිටවී ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඇයගේ සැමියා විසින් මළසිරුර හදුනාගත් අතර මහියංගන මහේස්ත්‍රාත් තිශානි තේනබදු මහත්මිය විසින් මහේත්‍රාත් පරික්ෂණ පැවැත්වීය.

පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර මරණයට හේතුව පිළිබද පරික්ෂණ කටයුතු සිදු කිරිමට මහියංගන මහේස්ත්‍රාත් තිශානි තේනබදු මහත්මිය විසින් නියෝග කරනු ලැබ ඇත.





No comments:

Post a Comment