Wednesday, January 18, 2017

මෘත දේහයක් මෘත ශරීරාගාරයට නොයවා පැය දහයකටත් වැඩි කාලයක් වාට්ටුවක තබා ගෙන


19:11 06/12/2016
රෝහලේදි මිය ගිය කාන්තාවකගේ මෘත දේහයක් මෘත ශරීරාගාරයට නොයවා පැය දහයකටත් වැඩි කාලයක් රෝහල් වාට්ටුවක තබා ගෙන සිටිම පිළිබ`දව හසලක කොළොංගොඩ ප‍්‍රදේශවාසිහු සිය අප‍්‍රසාදය රෝහල් බලධාරින් වෙත පලකර සිටිති.
හසලක, මැදමීගොල්ල ප‍්‍රදේශයේ හැත්තැපස් හැවිරිදි වයෝවෘධ මවක්වු වයි. එම්. ඒ. ජි. පේ‍්‍රමාවති යන අයට වැළදුණු උණ සහ වමනේයෑම රෝගි තත්වය හේතුවෙන් පවුලේ ඥාතිහු ඇයව ඉකුත් 04 වෙනි දින පස්වරු 1.30 ට පමණ කොළෙංගොඩ රෝහලට ප‍්‍රතිකාර ගැනිමට රැුගෙන ගොස් තිබේ. ඇයගේ රෝගි තත්වය පරික්ෂාකළ වෛද්‍යවරුන් ඇයට ප‍්‍රතිකාර ලබාදිම සදහා රෝහලේ අංක 02 වාට්ටුවට ඇතුලත්කර තිබේ.
මෙසේ නේවාසිකව ප‍්‍රතිකාරගනිමින් සිටි මෙම මාතාව( පසුදින * 05 වෙනි දින අ`ථයම 2.10ට පමණ මිය ගොස් ඇත. මැය මිය ගිය පසු මෘත දේහය මෘතශරීරාගාරය වෙත ගොස් තබනවා වෙනුවට මැයගේ මරණයේ මරණ පරිකෂණය නිමවෙනතුරු එම දේහය රෝහලේ ඇය සිටි වාට්ටුවේම 05 වෙනි දින දහවල් 3.30 දක්වා තබා ගෙන සිට ඇති බවට උල්පතගම හදිසි මරණ පරික්ෂක කේ. බි. හේරත් මහතා සදහන් කරයි.
මෙම අයගේ දේහය තබා තිබු වාට්ටුවේ ඒ වෙනවිටත් තවත් රෝගි කාන්තාවන් දෙදෙනෙකු නේවාසිකව සිටිබව බව වාර්තාවේ. රෝගයකින් මියගිය අයෙකුගේ මෘත දේහයක් පැය දහයකට අධික කාලයක් රෝගින් සිටින වාට්ටුවක තබා තිබිමෙන් එම දේහයේ තිබෙන විෂබීජ පැතිරයෑම වැලක්විමට නොහැකි වෙන බවද මෙය ඉතා කණගාටුදායක තත්වයක් බවද ගම්වාසිහු පවසති.
මෙම දේහය මෙසේ තබා ගැනිමට හේතුවි ඇත්තේ රෝහලේ ඇති මෘත ශරීරාගාරයේ පවතින අබලන් තත්වය නිසා මෘත දේහයක් එහි තැබිමට සුදුසු තත්වයේ නොමැති බව රෝහල් ආංරචි මාර්ග සදහන් කරයි.
මෙවැනි තත්වයන් නිසා රෝගින් ගම්වාසින් සහ මෘත දේහයන්ගේ භාරකරුවන් පත්වෙන අපහසුතාවයෙන් ඔවුන් මුදවා ගැනිමටනම් රෝහලේ ඇති මෘත ශරීරාගාරය වහා ප‍්‍රතිසංස්කරණයක් කිරිම සුදුසු බවද මරණ පරික්ෂක මහතා පෙන්වා දෙයි.

No comments:

Post a Comment