Wednesday, January 18, 2017

කඩාගෙන ගිය මිනිපේ වාරි ඇලේ පැති බැම්ම ප්‍රතිසංස්කරණය ඉබිගමනේ... මහකන්නේ ගොවිතැන් පටන් ගැනීඹට නොහැකිව මිනිපේ ගොවි ජනපදයම අමාරුවේ.

2016-11-28 ප.ව. 2:01
ශ්‍රිලංකාවේ දිගම වාරි ඇල ලෙස සැලකෙන මිනිපේ යෝද ඇලේ පැති බැම්මක් පසුගියදා කැඩි යාම හේතුවෙන් නවතා දැමු වාරි ජලය හේතුවෙන් මේ වන විට මුලු මිනිපේ ගොවිජනපදයේ ගොවියන් විශාල වශයෙන් පිඩාවට පත්ව සිටින අතර බිදිගිය ස්ථානයේ පිළිසතර කිරිම් ඉබි ගමනින් සිදු කිරිම හේතුවෙන් මහකන්නයේ වී ගොවිතැන ආරම්භ කිරිමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි මිනිපේ ගොවි සමිති නායකයන් චෝදනා කරති.

එම ස්ථානය නිරික්ෂණය සදහා පසුගිය 18 දින උදැසන පැමිණි මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂක කේ එම් ඒ පී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ පැය 24ම තම සේවක මණ්ඩලය යොදා එම ස්ථානය පිළිසතර කර ගොවි ජනතාව වෙත මාස් කන්නය ආරම්භ කිරිම සදහා කඩිනමින් වාරි ජලය සපයන බවත් ය. එහෙත් සති 02ක් ගතව ඇතත් එම ස්ථානයේ පිළිසතර කිරිම් ඉබිගමනින් සිදු කෙරෙනා බව ගොවි සමිති නායකයන් චෝදනා කරන අතර මෙසේ මාස්කන්නය මගහැරුනහොත් සිංහල අව්රුදු කෑමටත් නොහැකි තත්වයක් උදවන ඇති බව ගොවිහු පවසති.

ශ්‍රිලංකාවේ දිගම වාරි ඇල (74Km) ලෙස සැලකෙන මිනිපේ යෝද ඇලේ පැති බැම්මක් පසුගිය 17 සවස වර්ෂාවත් සමග, හදගනාව ප්‍ර දේශයේදී කඩාගෙන යෑම හේතුවෙන් මිනිපේ යෝද ඇලේ ජල සැපයුම තාවකාලිකව නවතා දමාන ලදී.

මාස්කන්නය සදහා මිනිපේ ගොවිජනපදයට 17 දින වාරිජලය මුදාහැරිම සිදු කල අතර සවස අධික වර්ෂාවත් සමග වාරි ඇලේ පැති බැම්මක් කඩගෙන හානියට පත් විය . මෙම ගැටලුව හේතුවෙන් වී ගොවිතැන සදහා මිනිපේ 01 පියවර, 02පියවර, 03 පියවර, 04 පියවර සදහා ජලය සපයාගැනීමට නොහැකිව ඇත. මේ හේතුවෙන් මිනිපේ ගොවි ජනපදයේ කුඹුරු අක්කර 25000ක් පමණ වගා කටයුතු මේ වන විට අඩාලව ඇත.

වසර 50කට පමණ පෙර ඉදිකරන ලද කොන්ක්‍රිට් බැමි කොටසක් හා පස් බැම්ම මෙලෙස හානියට පත්ව ඇත. අඩි 15ක පමණ විශාල කොටසක් හානියට පත්ව ඇත.
ගොවි ජනතාවගේ මෙම චෝදනා සම්බන්දයෙන් මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂක කේ එම් ඒ පී කරුණානායක මහතා ගෙන් විමසු විට ගොවිසමිති නායකයන්ගේ චෝදන නිවැරදි නොවන බවත්, දිවා රාත්‍රි තම සේවකයන් එම ස්ථානයේ වැඩ කරමින් කඩිනමින් පිළිසතර කිරිම් නිම කරන බවත් දින කිපයක් තුලදී මිනිපේ ගොවි ජනපදයට වාරි ජලය නිකුත් කිරිමට හැකි බවත්ය.

No comments:

Post a Comment