Wednesday, January 18, 2017

මහියංගණයේ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලට නැවතත් ඵලදායිතාවයෙන් ජාතික ජයග්‍රහනයක්

  08:27 17/12/2016

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් 2015 වර්ෂය සඳහා පවත්වන ලද ළුලදායිතා තරඟාවලියෙන් රාජ්‍ය අංශයේ ක්ෂද්‍ර පරිමාණ කාණ්ඩයේ (කාර්ය මණ්ඩලය 50ට අඩු) දිවයිනෙන් තෙවන ස්ථානය දිනාගන්නා ලදි.
2014 වර්ෂයේ දී ද මෙම සම්මාන තරඟාවලියෙන් තෙවන ස්ථානය මහියංගණයේ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය විසින් දිනාගන්නා ලදි.
ෙවර තරඟාවලියේ සම්මාන ප්‍රදානොත්සවය 2016.12.14 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ දී පැවැත්වණි.

කාලයක් තිස්සේ මහියංගණ ජනතාවගේ දෝශ දර්ශනයට හා අප්‍රසාදයට ලක්වු නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය,වර්ථමාන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් නුවන් සී හේමකුමාර මහතා හා කාර්යය මණ්ඩලයේ අප්‍රතිහත ධෛර්යයෙන් මහියංගණයේ රාජ්‍ය අයතනයන් සදහා පරමාදර්ශ සපයමින් දෙවන වරටත් ජාතික මට්ටමේ ජයග්‍රහනයක් ගෙන එන්නට සමත් වී ඇත. මහියංගණයට කිර්තියක් ගෙනා නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ආයතන ප්‍රධානින් හා කාර්යය මණ්ඩලය හට අපගේ උණුසුම් සුභ පැතුම් !!!!!



No comments:

Post a Comment