Friday, January 20, 2017

මහවැලි ඇළට කැබ් රථය පෙරලී දෙදෙනෙකු මරුට




 20/01/2017 16:49
දෙහිඅත්තකන්ඩිය හේනානිගල උතුර වැවේ දකුණ ඉවුර මහවැලි ඇළට අද (20) අද අලුයම 1.30ට පමණ කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් ගත් දෙදෙනාම මියගොස් ඇත.

මියගිය දෙදෙනාම එකම පව්ලේ සොහායුරන් වන අතර එම ගම්මානයේ පිහිටි අසල් වැසියෙක් හමුවී නිවෙස බලා යලි පැමිනෙමින් සිටියදී මෙම අනතුර සිදු වි ඇත.

මිය ගිය එක් අයෙකු සිවිල් ආරක්ෂක බළකායේ නර්ථන ශිල්පියෙකු ලෙස කටයුතු කරන රාජසිංහ බංඩාර නම් 37 වියැති අයෙකි. ඔහු තිදරු පියෙකි. මියගිය අනෙක් සොයුරා සෙනරත් බංඩාර නම් 33 හැවිරිදි එක් දරු පියෙකි. මියගිය දෙදෙනා හේනානිගල උතුර ගම්මානයේ පදිංචි කරුවන් වේ.

අනතුර සම්බන්දයෙන් දෙහිඅත්තකන්ඩිය පොලිසිය පරික්ෂණ පවත්වන අතර මෘතදේහ දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ තැන්පත් කර ඇත.




No comments:

Post a Comment