Wednesday, January 18, 2017

වැලි ජාවාරම් සමගම මහවැලි ගගේ කොට (දැව) ජාවාරමකුත් පටන් අරන්....


17/12/2016 08:10

මහියංගන මහවැලි ගඟේ පසුගිය කාලය පුරා සිදු කල වැලි ජාවාරම් පිළිබද මාධ්‍ය මගින් අණාවරණයන් රැසක් සිදු කරනු ලැබු අතර එම ජාවාරම් සමගම කොට (දැව) ජාවාරමකුත් වැලි ජාවාරම් සමගම සිදු කරගෙන ගොස් ඇති බව මේ වන විට අණාවරණය වේ.

මහියංගන ලංකා පිගන්සංස්ථාවට අයත් වැලි තොටුපලේ පසුගිය කාලය පුරා වැලි ජාවාරම් රැසක් සිදු කරනු ලැබු අත ඒ සමගම මහවැලි ගඟට යටවු /පෙරලුණු විශාල මැරුණු ගස් කුට්ටිකර අලෙවි කිරිමේ ජාවාරමක්ද එම තොටුපලෙහි හිමිකරුවන් විසින් සිදු කරගෙන ගොස් ඇත.
වසර ගනනක් තිස්සේ ජලයට යටවෙමින් පැවති මෙම දැව කදන් සවිශක්තියෙන් ඉහල පදම්කල දැව හා සමාන වන බැවින් අධික මිළට විකිණිම සදහා තොටුපල හිමි කරුන් මෙම දැව කදන් කුට්ටිකර විකිණිමේ ජාවාරමද සිදු කරගෙන ගොස් ඇත. මාස ගණනක් තිස්සේ මෙම ජාවාරම ක්‍රියාත්මකව පැවති අතර විශාල ප්‍ර දේශයක දැව කදන් මෙලෙස ජාවාම් කරුවන් විසින් කුට්ටිකර රැගෙන ගොස් ඇත.

මහියංගන ලංකා පිගන්සංස්ථාවට අයත් වැලි තොටුපල හා මහවැලි ගඟ දිගේ මහවැලි ගඟට පෙරලුන යටවුණු රූස්ස ගස් මෙලෙස ජාවාරම් කරුවන් විසින් කුට්ටි කර විකුණා ඇත. විශාල කුට්ටි ප්‍රමාණයක් මේ වන විට රාත්‍රි කාලයට ඩෝසර් හා ලොරි මගින් ප්‍රවාහනය කර ඇති අතර ඉතිරිව ඇති දැව කදන්ද මේ දින වල රාත්‍රියට වාහන මගින් ජාවාරම් කරුවන් විසින් රැගෙන යන බව ගම්වාසිහු පවසති. සමහර දැව කදන් මේ වන විට ගම්මානයේ හිතවතුන්ගේ වතුපිටිවලද ගෙනගොස් දමා ඇත.

රාජ්‍ය දැව සංස්ථාව විසින් මෙවැනි මියගිය පැරණි දැව හා ගස් කුට්ටිකර රජය වෙත පවරා ගන්නා අතර එවැනි අධික වටිනාකමක් ඇති දැව කිසිසේත් මහජනතාවට රිසි සේ කපා අලෙවි කිරිමට නිතියෙන් අවසර නොමැත.

මෙවැනි පරිසරය විනාශ කිරිමේ ජාවාරම් නවතා වහාම මහවැලි ආශ්‍රිත පරිසර පද්ධතිය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂාකර දෙන මෙන් ගම්වාසීන් ඉල්ලා සිටි.




No comments:

Post a Comment