Wednesday, January 18, 2017

හෙරොයින් (මත්කුඩු) මිලිග්රෑම් 200ක් සමග පුද්ගලයන් තිදෙනකු ප්‍රථම වරට මහියංගණයේදි පොලිස් අත් අඩංගුවට


17/12/2016 15:50
මහියංගන පුජා නගරයේදී හෙරොයින් (මත්කුඩු) මිලිග්රෑම් 200ක් සමග පුද්ගලයන් තිදෙනෙකු මහියංගන පොලිසිය විසින් ඊයේ (16) සවස අත්අංගුවට ගත් බව පොලිසිය පවසනවා. මිලිග්රෑම් 65ක හෙරොයින් කොටසක් රුපියන් 2000කට අලෙවි කරනා බවටද මෙහිදී තොරතුරු අනාවරණය කරගන්නට පොලිසිය සමත්විය. මහියංගනය ප්‍ර දේශයෙන් මත්කුඩු සමග පුද්ගලයන් අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවද මෙය වේ.

හෙරොයින් භාවිතාකරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමත් සමග ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් හමුවේ මහියංගන වෙත හෙරොයින් ප්‍රවාහනය කරනා ප්‍රධාන සැකකාර පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. ඔහු කොළඹ ප්‍ර දේශයේ සිට පැමිණ මිනිපේ මොරයාය ප්‍රදේශයේ ඥාති නිවසක රැදි සිටිමින් හෙරොයින් (මත්කුඩු) ජාවාරම සිදු කර ඇති බවත්, ගංජා හා මත් කුඩු ජාවාරම් හේතුවෙන් අවස්ථා කිහිපයකදී බන්දනාගාර ගතවුවෙකු බව වැඩි දුර ප්‍රශ්න කිරිම් හමුවේ තොරතුරු හෙලි කර ගෙන ඇත.

අත් අඩංගුවට ගත් පුද්ගලයන් වයස 21,26, හා 46 යන වයසේ පසු වෙති. සැකකරුවන් අද දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත වැඩබලන මහියංගන පොලිස්ථානාධිපති පො.ප. වීරකෝන් මහතායටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රධාන, පො.සැ. 2236 විමලසිරි, 20016 නන්දසේන, පො.කො. 34166 දර්මදාස, 37419 අත්තනායක, 38588 සම්පත්, 28534 දිසානායක, 75337 සදලාල්,68726 ජයරත්න, 88742 ප්‍රේමරත්න, 54192 උපාලි, 35131 රත්නායක යන නිළධාරින්ගේ එකතුවෙන් මෙම වැටලීම සිදු කරන ලදී.


No comments:

Post a Comment