Wednesday, January 18, 2017

දඹානේ ආදිවාසින්ට නිවාස - 05ක් හරින් ප්‍රනාන්දු මහතාගේ සුරතින් ආදිවාසී අයිතියට.

 28/12/2016 18:01
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යධුරය දැරූ සමයේ දඹාන ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් විසින් ආදිවාසී නිවාස නොමැති අයට නිවාස ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව ආරම්භ කරන ලද නිවාස 20 ව්‍යාපෘතියේ නිමකර අවසන් නිවාස 05ක් ඊයේ (27) සවස අමාත්‍යවරයාගේ සුරතින් විවෘත කරන ලදී.

ආදිවාසී සංස්කෘතියට හානියක් නොවන අන්දමින් ඉදිකර ඇති මෙම නිවාස දඹාන වතුයාය ගම්මානයේ සාදා නිමකල අතර ඩිගිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සුරතින් විවෘත කරන ලදී. එක් නිවසක් සදහා රුපි 580000ක් වැය කර ඇත.

දඹාන ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන්, ඌව පළාත් සභා මන්ත්‍රි හා මහියංගන එක්සත් ජාතික පක්ෂ සංවිධායක උපාලි සේනාරත්න මහාතා, මහියංගන වැඩබලන ප්‍රාදේශිය ලේකම් පී එස් පී අබේවර්ධන මහතා ප්‍රධාන හා ජනතා නියෝජිතයන් හා ආදිවාසි ගම්මානයේ ගම්වාසීන් රැසක් මෙම අවස්ථාව සදහා සහබාගි වී සිටියේය.



No comments:

Post a Comment