Wednesday, January 18, 2017

ජනපති පදවිප්‍රාප්තියේ දෙවසර වෙනුවෙන් ආදිවාසී ගම්මානයේ වැව් තාවුල්ලේ පැළ 1000ක් සිටුටති.

 2017-01-09 ප.ව. 8:21
අතිගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ජනපති පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පුර්ණය නිමිත්තෙන් මහියංගන දඹාන ආදිවාසී ගම්මානයේ ගුරුකුඹුර වැව්තාවුල්ලේ කුඹුක් පැළ 1000ක් සිටුවීම ඊයේ (08) උදැසන ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් හා බදුල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් ගාමිනි මහින්දපාල ජෝපියස් මහතාගේප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙම වැඩ සටහන මහනුවර කාන්තා සංවර්ධන පදනම මෙහෙයවීමෙන් එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ ජගත් පාරිසරික පහසුකම් සුලු මුල්‍ය ආධාරයෙන් මහියංගන වන නිළධාරි කාර්යාලයේ උපදේශකත්වයෙන් ගුරුකුඹුර ගම්වාසීන් සහ හරිත ළමා සමාජ මගින් සංවිධානය කල රුක්රෝපන ව්‍යාපෘතියකි.

ආදිවාසී ගම්වාසීන් හා මහනුවර කාන්තා සංවර්ධන පදනම නියෝජිතයන් වන අඩවි නිළධාරින් රැසක් මෙම අවස්ථාව සදහා සහබාගි වි සිටියේය.

පැළ සිටවු ආදිවාසී ගම්මානයේ හරිත ළමා සමාජ දුවා දරුවන් සදහා මහියංගන සම්පත් බැංකු ශාකාව මගින් බැංකු ගිණුම් ආරම්භ කල අතර පැළයේ වර්ධනය සේම ගිණුම් සදහා වර්ධනය වන ආකාරයෙන් මුදල් තැන්පතුවක්ද සිදු කර ගිණුම් ආම්භ කර තිබිම සුවිශේෂි වේ.






No comments:

Post a Comment