Tuesday, January 24, 2017

මාධ්‍යයයේ මැදිහත්වීමෙන් පොල්අතු මඩුවල අධ්‍යාපනය ලැබු පළමු ශ්‍රේණියේ දරුවන්ට ගොඩනැගිල්ලක්

24/01/2017 16:47

මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලේ පොල්අතු සෙල්ලම් ගෙවල්වල මෙතෙක් අධ්‍යාපනය ලැබු 2017 නව වසර සදහා බදවාගනු ලැබු දරුවන් සදහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයයේ මැදිහත් වීමෙන් අධ්‍යාපන බළධාරින් ගේ අවධානය යොමු කිරිමෙන් අනතුරුව අද (24) දින මහියංගන ජාතික පාසලේ ගොඩනැගිල්ලක් ලබාදීමට අධ්‍යාපන බළධාරින් මැදිහත් විය. දරුවන් සදහා ජාතික පාසලේ ලැබුන එම ගොඩනැගිල්ලද පළාත් සභාව මගින් මුදල් නොලැබීම හේතුවෙන් සංවර්ධන කටයුතු අතර මග නවතා දමා ඇති ජාතික පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ වේ.
මෙතෙක් පොල් අතු සෙල්ලම් ගෙවල්වල අධ්‍යාන කටයුතු සිදු කල දරුවන් 23දින පැවති වර්ෂාව හේතුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරිමට නොහැකි තත්වයක් උද්ගත වීමෙන් ගෙදර යෑමට සිදු විය. අද (24) දිනයේ පැවති වර්ෂාව හේතුවෙන්ද නවක දරුවන් ඉතාමත් අතලොස්සක් පමණක් පාසැල් පැමිණ ඇත්තේ පෙර පරිදි නිවාස සදහා යලි යෑමට සිදුවෙතැයි අපේක්ෂාවෙනි.

කෙසේ වෙත් හෙට (25) සිට නිසි පරිදි නවක දරුවන් වෙනුවෙන් පාසැල් නිසි පරිදි පැවැත් වෙන බවත් දැවන් පාසැල් ඇදුමින් සැරසී පාසලට ගෙන එන ලෙස අධ්‍යාපන බළධාරින් දෙමාපියන් දැනුවත් කර ඇත.

නවක දරුවන් වෙනුවෙන් පාසලේ ඉදිකරමින් පවතින නව ගොඩ නැගිල්ලේ ඉදිකිරිම් කටයුතු නිමා නොවීම මෙම ගැටලුවට හේතුවී ඇති අතර ඌව පළාත් සභාව මගින් කොන්ත්‍රාත් කරු වෙත මුදල් ගෙවීමේ ඇතිවී ඇති ප්‍රමාදයන් හේතුවෙන් ඉදිකිරිම් කටයුතු ප්‍රමාද වු අතර අද (24) දිනයේද එහි ඉදිකිරිම් කටයුතු ආරම්භ කර නොමැත.

මේ සම්බන්දයෙන් ඌවපළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අබන්වල මහත්මියහට දුරකතනයෙන් කථාකර ගැටලුව සම්බන්දයෙන් විමසු විට “ඔය කියන ප්‍රශ්නයක් ඔය පාසලේ නෑ. ඔය නව ගොඩනැගිල්ල ජනවාරි මාසයේ 30 වන විට ඉදිකිරිම් කටයුතු අවසන් කරනවා.“ යැයි පැවසුවද අද (24) දිනයේද එහි ඉදිකිරිම් කටයුතු කොන්ත්‍රාත් කරුවන් විසින් ආරම්භ කර නොමැත.

දරුවන් සදහා පාසැල් ගොඩනැගිල්ලක් ලබාදීමට මැදිහත් වු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් පළමු වසරේ දෙමාපියන්ගේ හෘදයාංගම ස්තූතිය ඵල කල අතර හැකි ඉක්මනින් ඉදිවන නව ගොඩනැගිල්ලේ කටයුතු නිමකර දරුවන් සදහා විධිමත් අධ්‍යාපන කටයුතු සිදු කිරිම සදහා සුදුසු පරිසරයක් සාදාදීමට වගකිවයුතු අධ්‍යාපන බළධාරින් මින් ඉදිරියටද සෘජුව මැදිහත් වන ලෙස ප්‍රාථමික පාසලේ දරුවන්ගේ දෙමාපියන් ඉල්ලා සිටී.




No comments:

Post a Comment