Wednesday, January 18, 2017

නානකාමරයේ පවත්වාගෙන ගිය ගව ගාතකාගාරය STF එක පැන අල්ලයි

23/12/2016 22:07

නානකාමරයක ගවයන් ඝාතනය කරමින් කාලයක් තිස්සේ බලපත්‍ර නොමැතිය සිදුකරනා ගව ඝාතනාගාරයක් විශේෂ කාර්ය බළකාරයේ නිළධාරින් විසින් අද (23) අලුයම මහියංගන පගරගම්මන ගම්මානයේදී වටලනු ලැබු අතර, මෙම ජාවාරමට සම්බන්ද සැකකරුවන් තිදෙනෙකු, ඝාතනය කරනු ලැබු ගවයෙකුගේ මාංෂ හා ගාතනය කිරිම සදහා සුදානම් කර තිබු ගවයෙකු අත් අඩංගුවට ගනු ලැබීය.

මහියංගන ප්‍රා දේශීය සභාව යටතේ මහියංගන පගරගම්මන ගම්මානයේ ගවමස්‍ අළෙවිසැලක් හා ඝාතකාගාරයක් පෙර පැවති අතර කොන්දේසි උල්ලන්ගනය කරමින් නිරන්තර සිදුකරනා ජාවාරම් හේතුවෙන් මහියංගන ප්‍රා දේශිය සභාව එහි බලපත්‍ර අහෝසි කරන ලැබීම හේතුවෙන් ගම්මානයේ විවිධ ස්ථාන වල හා නිවාස වල ගවයන් ඝාතනය කර අළෙවි කරනා බවට ලද තොරතුරු අනුව විශේෂ කාර්ය බළකාරයේ නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබීය.

විශේෂ කාර්යය බළකා නිළධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා භාණ්ඩ මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා මහියංගන පොලිසිය වෙත බාරකරන ලදී.

අම්පාර විශේෂ කාර්යය බළකා අණදෙන නිළධාරි පොලිස් අධිකාරි රත්තෙපිටිය මහතා හා විශේෂ කාර්යය බළකා අම්පාර සේනාංකයේ එම් එල් ආර් චන්ද්‍රසිරි මහතා සහ කදවුර අණදෙන නිළධාරි පො.ප. ඩි.එම්.එන්.බී දිසානායක මහතාගේ හා උපදෙස් පරිදි මහඔය කඳවුරේ දෙවන අණ දෙන නිළධාරි ඩී හේවාපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්
උ.පො.ප.රත්නායක, පො.සැ.53380 ආනන්ද, පො.කො. 70911 පතිරණ 82746 මඩුගල්ල 38966 දේවගේ 82915 හේරත් 20439 ඉශාන් පො.කො.රි. 13925 ලක්ප්‍රිය යන නිළධාරින් මෙම විසින් මෙම වැටලීම සිදුකරනලදී.



No comments:

Post a Comment