Wednesday, January 18, 2017

ආදිවාසී ක්‍රිකට් ජාතික තලයට ගන්න තල්ලුවක් ඉල්ලයි


19 November 2016.

ආදිවාසී ක්‍රිකට් කණ්ඩායම තම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට උදව් කරන්නැයි දඹානේ ආදිවාසී ක්‍රිකට් කණ්ඩායම රජයෙන් හා ක්‍රීඩා සංවිධානවලින් ඉල්ලා සිටිනවා.

කිසිඳු ගුරුවරයෙක් නොමැතිව මේ වන විට ක්‍රිකට් තරගවලට සහභාගී වී ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇති බව ද ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසනවා.

රටක් ලෝකයක් දියුණු වන විට රැහේ අය ද ඊට අනුගත වීම වැළැක්වීම නොහැකි බව ප්‍රකාශ කරන ආදිවාසී නායකයා ආදිවාසී තරුණයන් ආදිවාසී ආචාර ධර්මවලට හානි නොවන ආකාරයෙන් මෙම කටයුතු සිදුකරන බවත් ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ ප්‍රකාශ කරනවා.

No comments:

Post a Comment