Monday, June 13, 2016

වන්දි ගෙවන තුරු මොරාණ ජලාශය හදන්න දෙන්නේ නෑ - ගම්මු පාර හරස්කර කොට දමා ලිපියක් නිළධාරින්ට බාර දෙති.

2016-06-13 පෙ.ව. 11:06

රිදිමාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ ජලාශයට යටවන ඉඩම්වල ජිවත්වන පවුල් සදහා වන්දි නිසියාකාරව නිළධාරින් විසින් ලබා නොදෙන බව පවසා ඊට විරෝදය දක්වා ජලාසයේ වැව් බැම්ම ඉදිකිරිම සදහා පස් රැගෙන යන  නෙල්ලිගොල්ල ප‍්‍රදේශයෙන් සහ උනම්පිටිය ප‍්‍රදේශයෙන් මාර්ගය ගල් මුල් යොදා ඊයේ (12) හා අද (13) උදැසනඅවහිර කර තිබුනි.
මොරාණ වාරිමාර්ග ඉන්ජිනේරු කාර්‍යාලය මගින් ඉදිකිරිම් කටයුතු සිදුකරමින් පවතින මොරාණ ජලාස ව්‍යාපෘතියට අත්පත් කරගන්නා ලද ප‍්‍රදේශයේ ඉඩම්වල පදිංචිකරුවන්ගෙන් කොටසකට මේ දක්වා වන්දි ලබානොදීමට විරෝධය දක්වා ජලාසයේ වැවේ බැමේම ඉදිකිරිම සදහා පස් රැගෙන යන  මාර්ගය ප්‍ර දේශවාසින් විසින් මෙලෙස අවහිර කරන ලදී. 2013 වර්ෂයේ මොරාණ ජල ව්‍යාපෘතිය ආරම්භ කරණ ලදී. මෙම ජලාශය ඉදිවන භුමියේ පවුල් 108 ක් පමන පදිංචිව සිටී. ඉහත පවුල් වලින් කොටසකට වන්දි ගෙවීම නිසි ආකාරව සිදු නොවීම හෙතුවෙන් මීට  පෙරද අවස්ථා කීපයකදි විරෝධතා දක්වා විරෝධතා ව්‍යාපාර කිහිපයක් ගම්වාසින් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.
ජලාශය ඉදිවන භූමියේ පදිංචි පවුල් 108 න් පවුල් 35 ක් ස්ථීර ඔප්පු හිමියන් වන අතර අනෙකුත් පදිංචිකරුවන් වගා කටයුතු ආදිය සිදුකරමින් ස්ථිර ලෙස නිවාස සාදාගෙන ජීවත්වන ස්ථීර පදිංචිකරුවන්වේ.
ගම්වාසීන් හට වන්දි මුදල්  මේ දක්වා හරියාකාරව නොගෙවීම හේතුවෙන් ගම්වාසින් වරින්වර සිදුකරනා විරෝධතා හා බාධා කිරිම්  හමුවේ ඉදිකිරීම් කටයුතු වලට  බාධා ඇතිවේ.  ගම්වාසීන් අවස්ථා කිහිපයකදී විරෝධතා සංවිධානය කර තිබුනි. වරෙක ව්‍යාපෘති කාර්යාලයේ වහලය මත අසාධාරණයට ලක් වු ගම්වාසියෙකු නැගි විරෝධතා දැක්විය. වරෙක විෂය භාර අමාත්‍යවර ගාමිණි විජිත් විජයමුනි සොයිසා මහතාද ව්‍යාපෘතිය නිරික්ෂණය කර ගම්වාසින්ගේ ගැටලු සදහා කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස ව්‍යාපෘති භාර ඉන්ජිනේරුවරයා හට දැනුවත් කලද මේ දක්වා අමාත්‍යවරයාගේ විධානය ක්‍රියාත්මක කිරිමට එම නිළධාරින් අපොහොසත් වීම තුල ගම්වාසීන් නිරන්තරයෙන් ව්‍යාපෘතිය සදහා විරෝධතාවය දක්වන්නට කටයුතු කරමින් සිටි.
නැවත් අද (13) දිනද ගම්වාසින් මාර්ග අවහිර සිදු කර  මොරාන ව්‍යාපෘති කාර්යාලය ඉදිරියේ විරෝධතාවය දැක් වු අතර වන්දි ලබාදී ගම්වාසින් හට සාධාරණය ඉටකරන තුරු ව්‍යාපෘතියේ වැඩ නතර කරන ලෙස දන්වා නිළධාරින් වෙත ලිපියක් ගම්වාසීන් විසින් බාරදී ඇත.  
වසර ගනනාවක් තිස්සේ හේන් ගොවිතැන්, වගා කටයුතු, කජු වැනි ස්ථිර බෝග සිටුවා ආදායම් ඉපයූ ගම්වාසින් හට  වන්දි ලබා නොදි ගම්වාසින් ජිවත් වන වතු පිටි වලින් ජලාශය සදහා පස් කැපීම හේතුවෙන් වගාකටයුතු සිදු කිරිමට නොහැකිව විශාල අසාධාරණයක් සිදුව ඇති බව පවසති. ව්‍යාපෘතිය ආරම්භයේ සිටම එහි නිළධාරින් ගම්වාසින් රැවැට්ටු බව ප්‍රකාශ කරන අතර විෂය භාර ඇමතිතුමන් පැමිණ තමන් හට සාධාරණය ඉටුකරන බව පවසා මේ වන තුරු සාධාරණයක් නොලැබීමෙන් එතුම්නද ගම්මු රැවැට්ටු බව සැකයක් ඇතැයි ගම්වාසින් පවසති.
ශ්‍රිලංකාවේ දිලිදුකම්න් ඉහල ග්‍රාමිය ජනතාවක් වෙසෙන රිදිමාලියද්ද ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ‍ මොරාන ග්‍රාම නිළධාරි වසමේ මේ වන විට වසර 3කට පෙර ආරම්භ කරන ලද මොරාන ජලාශ ව්‍යාපෘතිය මගින් මේ වන විට ගම්මානයේ ගම්වාසින් හට මහත් පීඩා ගෙන දෙන බවත් ව්‍යාපෘතියේ නිළධාරින් හා දේශපාලන නායකයන් පො‍රොන්දු වු ආකාරයෙන් ජලාශය සදහා යටවන ඉඩම් සදහා වන්දි ලබා නොදිම හා ජලාශයට යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදිම හේතුවෙන් ගම්මානයේ පවුල් 108ක් සදහා බලවත් අසාදාරණයකට ලක්වි ඇති බවට ගම්වාසින් චෝදනා කරති. 
උල්හිටිය ඔය හරස් කරමින් , කෙසෙල්පොත ප්‍ර දේශයේ රොටවැව සදහා ජලය ගෙන යෑම සදහා මෙම මොරාන ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කල අතර ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 15000කි. එමගින් අක්කර 1800ක් අස්වැද්දීමට අපේක්ෂා කෙරෙනවා. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 170ක්. 


No comments:

Post a Comment