අම්පාර දෙසට ගමන්කරමින් තිබු අලුත් ට්‍රැක්ටර් 2ක් පටවාගත් ලොරි රථයක් දඹාන වේවත්ත ප්‍ර දේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැප්පි සිදු වු රිය අනතුර. රියදුරු තුවාල ලබා රෝහල් ගත කෙරිනි

මෙතෙක් පොල් අතු සෙල්ලම් ගෙවල්වල අධ්‍යාන කටයුතු සිදු කල දරුවන් 23දින පැවති වර්ෂාව හේතුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරිමට නොහැකි තත්වයක් උද්ගත වීමෙන් ගෙදර යෑමට සිදු විය. අද (24) දිනයේ පැවති වර්ෂාව හේතුවෙන්ද නවක දරුවන් ඉතාමත් අතලොස්සක් පමණක් පාසැල් පැමිණ ඇත්තේ පෙර පරිදි නිවාස සදහා යලි යෑමට සිදුවෙතැයි අපේක්ෂාවෙනි.
දරුවන් සදහා පාසැල් ගොඩනැගිල්ලක් ලබාදීමට මැදිහත් වු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් පළමු වසරේ දෙමාපියන්ගේ හෘදයාංගම ස්තූතිය ඵල කල අතර හැකි ඉක්මනින් ඉදිවන නව ගොඩනැගිල්ලේ කටයුතු නිමකර දරුවන් සදහා විධිමත් අධ්‍යාපන කටයුතු සිදු කිරිම සදහා සුදුසු පරිසරයක් සාදාදීමට වගකිවයුතු අධ්‍යාපන බළධාරින් මින් ඉදිරියටද සෘජුව මැදිහත් වන ලෙස ප්‍රාථමික පාසලේ දරුවන්ගේ දෙමාපියන් ඉල්ලා සිටී.
මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලේ
පොල්අතු සෙල්ලම් ගෙවල්වල මෙතෙක් අධ්‍යාපනය ලැබු 2017 නව වසර බදවාගනු ලැබු
දරුවන් අද (23) දින පැවති වර්ෂාව හේතුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරිමට නොහැකි
තත්වයක් පැවතීම හේතුවෙන් ගෙදර යෑමට සිදු
විය. එයට හේතුව වුයේ පොල් අතු සෙල්ලම් ගෙවල් සියල්ල වර්ශාව හේතුවෙන් තෙමි තෙත බරිත
වී පොල් අතු ගෙවල් අභ්‍යන්තර තෙමි පැවතීමයි. මහියංගන අධ්‍යාපන කළාපායේ ප්‍රධාන හා
ජනප්‍රිය ප්‍රාථමික පාසල වන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලයි. එම ප්‍රාථමිකය වෙත දරුවන්
ඇතුලත් කර ගැනීම සදහා විශාල තරගයක්
දෙමාපියන් අතර පවතින අතර එසේ වෙහෙස වි පාසැල වෙත ඇතුලත් කර ගන්නා දරුවන් හට අධ්‍යාපනය
සදහා පංති කාමර නොමැති වීම ශෝචනිය තත්වයකි.
නවක දරුවන් වෙනුවෙන් පාසලේ ඉදිකරමින් පවතින නව ගොඩ නැගිල්ලේ ඉදිකිරිම්
කටයුතු නිමා නොවීම මෙම ගැටලුවට හේතුවී ඇති අතර ඌව පළාත් සභාව මගින් කොන්ත්‍රාත්
කරු වෙත මුදල් ගෙවීමේ ඇතිවී ඇති ප්‍රමාදයන් හේතුවෙන් ඉදිකිරිම් කටයුතු ප්‍රමාද වන බව
විද්‍යාලිය දෙමාපියන් චෝදනා කරති.
හැකි ඉක්මනින් ඉදිවන නව ගොඩනැගිල්ලේ කටයුතු නිමකර දරුවන් සදහා විධිමත් අධ්‍යාපන
කටයුතු සිදු කිරිම සදහා වගකිවයුතු අධ්‍යාපන බළධාරින් මැදිහත් වන ලෙස ප්‍රාථමික
පාසලේ දරුවන්ගේ දෙමාපියන් ඉල්ලා සිටී. සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුහිඟයටද
පිළියම් වහා ලබා දෙන දෙස දෙමාපියන් ඌව පළාත් අධ්‍යාපන බළධාරින්ගෙන් ඉල්ලා සිටී.
එවිට සති ගණන් මාසගනන් සෙල්ලම් ගෙවල් වල අධ්‍යාපනය ලබන්න කියලා අධ්‍යාපන
විෂය නිර්දේශයේ නෑ නේද? යැයි ප්‍රශ්න කල විට ලේකම් තුමිය මෙසේ පැවසීය.“ නෑ ඉතින්
මාසගානක් හරි... ගොඩනැගිල්ලක්, ගොඩනැගිල්ලක් හදන එක මම නෙවෙයිනේ හදන්නේ. කොන්ත්‍රාත්
කාර මහත්තුරු ඉන්ජිනේරුවෝනේ හදන්නේ.“
20/01/2017 16:49