Tuesday, August 4, 2015

වී ගබඩා ඉඩ මදි උනොත් මත්තල ගුවන් තොටුපොලේ වී ටික ගබඩා කරනවා. ප්ලේන් යන්නේ නැත්නම් වී ටික දාමු ඒකට කමක් නෑ නේද?? ...

 August 2 at 4:06am ·
වී ගබඩා ඉඩ මදි උනොත් මත්තල ගුවන් තොටුපොලේ වී ටික ගබඩා කරනවා. ප්ලේන් යන්නේ නැත්නම් වී ටික දාමු ඒකට කමක් නෑ නේද?? ... මේ කන්නට වී රුපියල් 50ට ගන්නවා හසලකදි රනිල් වික්‍රම සිංහ මහතා කියයි....
තවදුරටත් ඒ මහතා මෙසේ කීය “ අපේ බලාපොරොත්තුව මාස 60කින් අලුත් රටක් හදන්ඩ. අපේ රටේ ප්‍රධානම තැන දෙන්නේ විශේෂයෙන්ම ආර්ථිකය දියුණු කරන්න. ගමේ ආර්ථිකය දියුණු කරනවා. දැන් සල්ලි වෙන් කරලා තියෙනවා මේ කන්නයටත් රුපියල් 50ට වී මිළ දී ගන්න. අපි කිව්වා... ගිය කන්නයෙත් හොද අස්වැන්නක් ලැබුනා. අපිට ගබඩා පහ...සුකම් තියෙනවා. අඩුවක් උනොත් මත්තල ගුවන් තොටුපලේ ශ්‍රි ලංකා ගුවන්යානාවලට අයිති හැගර් ඔක්කොගෙම ගිහින් වී ටික දාන්ඩ කියලා කියනවා. කමක් නෑ නේද?? ප්ලේන් යන්නේ නැත්නම් වී ටික දාමු. එයාලාට හොද වි මිළක් ඕන. මට ඕන වී ටික ගබඩා කර ගන්න. මට ගමට උදව් කරන්න ඕන. අපි පොකුරු ගම්මාන ඇති කරනවා. ආර්ථිකය දියුණු කරන්න ගමේ පාරවල් ටික හදලා දෙන්න, මේ ප්‍ර දේශවල කුඩා වාරිමාර්ග හදලා දෙන්න අපි ක්‍රියා කරනවා යැයි ප්‍රකාශ කර සිටියේය.
මාස 60න් අලුත් රටක් යන මැයින් 2015 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් අද (02) දහවල් හසලක නගරයේ සංවිධානය කර තිබු අතර ඒ සදහා විශාල ජනගංගාවක්
සහබාගිවි සිටිනු දක්නට ලැබින.
මෙම ජනහමුව සංවිධානය කර තිබුනේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන උඩදුම්බර එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා අපේක්ෂකයෙකු ලෙස තරග කරන චානක අයිලප්පෙරුම මහතා විසිනි.
මෙම ජන හමුව සදහා ලක්ෂ්මන් කිරි ඇල්ල, ආනන්ද අලුත්ගමගේ, රාවුෆ හකිම්, ගයන්ත දිසානායක යන මහතුන් හා ප්‍රා දේශීය දේශපාලන නායකයන් අපේක්ෂකයන් පාක්ෂිකයන් හා නගරවාසින් විශාල පිරිසක් සහබාගිවි සිටියේය.
නිදහස් සන්දානයේ උඩදුම්බර ප්‍රාෙද්ශීය බල මණ්ඩලයේ භාණ්ඩාගාරික තිලක් බංඩාර ඒකනායක, මිනිපේ ප්‍රා දේශිය සභාවේ මන්ත්‍රි සිසිර බංඩාරනායක ආදි නිදහස් සංධානයේ ප්‍රබල සාමාජිකයන් හා ක්‍රියා කාරින් විශාල පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතාට බුලත් හුරුල්ලක් ලබා දී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.


No comments:

Post a Comment