Friday, August 7, 2015

මැටල් ලොරියේ යතුරුපැදිය හැප්පී අද සවස පුද්ගලයෙක් මරුට

8/6/2015 7:53 PM
සොරබොර දෙහිගොල්ල අතරු මාර් ගයේ කෝවිල්යාය ප්‍ර දේශයේදී අද(06) සවස මැටල් පටවාගෙන යමින් සිටි ලොරි රථයක යතුරුපැදියක් හැප්පීමෙන් පුද්ගලයෙකු මරණයට පත්විය. යතුරුපැදි කරු අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇත.
මෙසේ අවාසනාවන්ත ආකාරයට මියගොස් ඇත්තේ මහියංගන,අරාවත්ත, කුඩාගලයායේ එගොඩගෙදර පියසේන නම් වන වයස 49ක පුද්ලපයෙකි. යතුරුපැදිකරු හිස්වැසුම අතේ එල්ලාගෙන යමින් සිටියදි අනතුරට පත්වී හිසට බරපතල ලෙස හානිවීමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව පොලිස් නිළධාරින් තොරතුරු අනාවරණය කරති. ලොරිරථය පැදවු රියදුරු පොලිසිය විසින් අත් අඩංගුවය ගෙන ඇත
සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ හා රාජකාරි කටයුතු සිදු කෙරේ.


No comments:

Post a Comment