Monday, August 24, 2015

ශිෂ්‍යත්ව විභාගයට පෙර දින විදුලිය බලය නොමැති වීමෙන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව විභාගයට පෙනී සිටි ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ටාසයට අයත් පාසල් දහසයක දරුවන්ගේ දෙමව්පියන් හා ගුරුවරුන් පවසති.

ශිෂ්‍යත්ව විභාගයට පෙර දින එනම් විසි දෙවන දින රාත්‍රියේ පටන් පසු දින එනම් විභාගය පැවැත්වුනු දිනයේ (23දා) පෙරවරු අට පමණ වනතෙක් විදුලිය බලය නොමැති වීමෙන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව විභාගයට පෙනී සිටි ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ටාසයට අයත් පාසල් දහසයක දරුවන්ගේ දෙමව්පියන් හා ගුරුවරුන් පවසති. පස්වන ශ්‍රේණියේ විභාගය පිළිබඳව දැන දැනත් විසි දෙවනදා පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා නඩත්තු කටයුතු වෙනුවෙන් විදුලිය විසන්ධි කර තිබූ අතර එදින රාත්‍රී දහයට පමණ විදුලිබලය විසන්ධි වූ බව ඔවුන් පවසති.
මෙලෙස විදුලිය විසන්ධිවීම අවසන් මොහොතේදීත් කිසියම් විෂය කරුණක් බලා ගැනීමට තිබූ අවස්ථාවක් අහිමිකිරීමක් බවද, ළමුන් පාන්දරින්ම අවදිව පොත් පත් බලන්නට ගත්විට විදුලිය නොමැති බව දැන කනගාටුවට පත්වූ බව දෙමව්පියන් පවසති.එපමණක් නොව තම දරුවන්ගේ නිළ ඇඳුම් මැදගැනීමට නොහැකිවීමෙන් පොඩිවුනු ඇඳුම් අන්දවන්නටද ඔවුනට සිදුවිය. දරුවන්ට අවශ්‍ය ආහාර පාන සකසා ගැනීමට හැකියාවක්ද නොවුනු අතර දරුවන්ට කඩෙන් ආහාර අරන් දීමටද සිදුවී ඇත. මේ අතර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් විදුලියනොමැති කමින් දැඩි අසීරුවට ලක්වූ අතර විභාග කාර්ය මණ්ඩලවල ගුරු භවතුන්ද පොඩිවී තිබූ ඇඳුම් ඇඳ සිටිනු දක්නට ලැබිණි.
කෙසේ වෙතත් විදුලි විසන්ධිවූ අවස්ථාවේ පටන් විදුලි බල මණ්ඩලයට දුරකථනයෙන් දැනුම් දුන්නද ඔවුන් ඊට යහපත් ප්‍රතිචාර දැක්වීමට නොහැකිවීම කණගාටුවටකරුණක් බව දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද පවසති.

No comments:

Post a Comment