Wednesday, August 12, 2015

පක්ෂ කාර්යාල කුඩුකිරිමට පැමිනි යතුරුපැදියක් STF එනෙක් අල්ලයි. රිදිමාලියද්දේ සංධාන පක්ෂ කාර්යයාල 2ක් රෑ කඩලා


8/12/2015 1:59 PM
මහියංගන රිදිමාලියද්ද ඌරණිය හා ආදාඋල්පත  මංසන්දියේ නිදහස් සංධානයේ  ලියාපදිංචි පක්ෂ කාර්යයාල 2ක් අද (12) උදේ පාන්දර කිසියම් පිරිසක් විසින් කඩා දමා  කාර්යාලයේ වු කටව්ට් බැනර් සියල්ලට හානි සිදු කර ඇත. රත්‍රි මුර සංචාරයේ නිරත STF නිළධාරින් විසින් ප්‍රහාරය සදහා පැමිණි යතුරුපැදියක් අත් අඩංගුවට ගෙන ඇත.
ඌරණිය සංධාන පක්ෂ කාර් යාලය කැඩිම සදහා පැමිණි පුද්ගලයන්ගේ යතුරුපැදියේ අංකය කාර්යාලයේ සිටි පුද්ගලයෙකු විසින් මහියංගන පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව පොලිසිය පරික්ෂණ සිදු කරති.
ආදාඋල්පත  මංසන්දියේ නිදහස් සංධානයේ  පක්ෂ කාර්යයාලය පාන්දර යතුරුපැදි දෙකකින් පැමිණ විනාශ කරමින් සිටියදී රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි STF නිළධාරින් එම ස්ථානයට පැමිණ ඇති අතර යතුරුපැදියක් දමා කාර්යාලය බිදිමින් සිටි පිරිස ඵලා ගොස් ඇත. මෙම කාර්යාලය 09 දින රාතියේදිද  කිසියම් පිරිසක් විසින් කඩාදමා ගිනිතබා ඇත. නැවත පිළසතර කිරිමෙන් පසු අද උදෑසන එය නැවතත් කඩා දමා ඇත.
STF නිළධාරින් භාරයට පත් යතුරුපැදිය මේ වන විට මහියංගන පොලිසිය වෙත බාරදී ඇති අතර එහි අංක තහඩුවේ අංකය මගින් ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයන්ගේ අණන්‍යතාවය තහවුරු කර ගැනිමට පොලිසිය කටයුතු කරමින් තිබේ.
මේ සම්න්දයෙන් ආදාවුල්පත හා ඌරණිය ගම්වාසින්
(පාක්ෂිකයන්) මහියංගන පොලිසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව විශේෂ කාර් ය බළකා සෙබලුන් හා මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ගේ නියෝගයෙන් මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර  මහතා විසින් එම ස්ථානය නිරක්ෂණය කෙරිනි.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය විමර්ශණ කටයුතු සිදු කෙරේ.







No comments:

Post a Comment