Friday, August 7, 2015

මහඔය පැත්තේ මෝටාර් සද්දේ අපට හොඳට ඇහුණා. අපේ පැති වලටත් කොයි වෙලේ කොටි පහර දෙයිද කියලා අපි බයෙන් හිටපු හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ - මේපැත්තේ මිනිසුන්ට ඒවා දැන් අමතක වෙලා - තේනුක විදානගමගේ ගිරාදුරුකෝට්ටේද් මහතා පැවසීය

මහඔය පැත්තේ මෝටාර් සද්දේ අපට හොඳට ඇහුණා. අපේ පැති වලටත් කොයි වෙලේ කොටි පහර දෙයිද කියලා අපි බයෙන් හිටපු හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ - මේපැත්තේ මිනිසුන්ට ඒවා දැන් අමතක වෙලා - තේනුක විදානගමගේ ගිරාදුරුකෝට්ටේද් මහතා පැවසීය
8/7/2015 10:50 PM

මේ අල්ලපු වැටේ තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කය.පිල්ලුමලේ කොටි ගැහැව්වාහම මහියංගණයටයි ගෙනාවේ. රණ විරුවෝ යුද්ධ කරන කොට මහඔය පැත්තේ මෝටාර් සද්දේ අපට හොඳට ඇහුණා. අපේ පැති වලටත් කොයි වෙලේ කොටි පහර දෙයිද කියලා අපි බයෙන් හිටපු හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ.බක්කිඇල්ලේ පවුල් පිටින් කපපු කොටපු හැටි අපි බලන්න ගියා. අරන්තලාවේ ස්වාමීන් වහන්සේලා කපා කොටා ඝාතනය කරපු හැටි මතක්වෙන කොට තාමත් අපේ හිත් සසල වෙනවා.ඒ අමිහිරි මතකය අදත් අපේ හිත් වල හොල්මන් කරනවා.එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා නොහිටින්න තාමත් අපේ ගම්වලට කොල්ලන්ගේ මිනී එන එක නවතින්නේ නැහැ. යනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක අමිත් තේනුක විදානගමගේ මහතා පැවසීය.ඒ මහතා එසේ පැවසුවේ ගිරාඳුරුකෝට්ටේදී පැවැති ජන හමුවකදීය.
තවදුරටත් අදහස් දැක්වූ තේනුක විදානගමගේ මහතා,
යුද්දෙ දිනාපු රණවිරුවාට අද මොකක්ද ලැබෙන උපහාරෙ උතුරටගිහින් බලන්න අපේ රණවිරුවන්ට කොහොමද එහේ සලකන්නේ කියලා.අද පොළීසියට තමන්ගේ රාජකාරිය හරි හැටියට උතුරේ කරන්න පුලුවන්කමක් නැහැ.යුධ සෙබලුන්ට නිදහසේ යන්න බැහැ. ඒ අය එයිට්මෑන් ටීම් විදියට යන්න ඕන කියලා නියෝග කරලා. ජාතික ආරක්ෂවට සංවේදී අධිආරක්ෂක කළාප ඉවත් කරලා. යුධහමුදා කඳවුරු ඉවත්කරගෙන යනවා.
සරත් ‍ෆොන්සේකා මැතිතුමා යුද්ධය දිනාගන්න මෙහෙයක් කළා ඔහු යුධ විරුවෙක්.ඒ ගැන කිසිම විවාදයක් නැහැ.ඒ වගේම හිටපු ගුවන් හමුදාපතිතුමා,නාවිකහමුදාපතිතුමා,සිවිල්ආරක්ෂකබලකායේ ප්‍රධානියා,පොළිස්පතිතුමා ඇතුලු හැමෝටමත් මෙහි ගෞරවය දෙන්න ඕන.මේ යුද්ධය නිම කරපු රණවිරුවන් සියලුදෙනාටම සමසමව මේ ගෞරවය ලැබෙන්න ඕන.අද බලන්න ආර්.සම්බන්ධන් මහත්තයා කියන්නේ මොකක්ද? ෆෙඩරල් දෙන්නේ නැත්නම් එයාගේ සහාය රජයට දෙන්නේ නැතිලු.එයාලා බලන්නේ මස් රාත්තලම ගන්න.අපේ රණවිරුවෝ දිවි පුදලා රැකගත් රට අද සම්බන්ධන්ලාට ඕන ඉල්ලීම් දීලා පාවලා දෙන්නයි එක්සත් ජාතික පක්ෂය සැරසෙන්නේ.අපි එයට ඉඩදෙන්න ඕනද? 17වෙනිදා තීරණය දෙන්නේ ඔබයි.ජනවාරි අට වෙනිදා කරපු මෝඩකම නම් ආයෙත් කරන්නනම් එපා.එහෙම වුනොත් ඔබේ දරුවාට අනාගතේ රැකෙන්න රටක් නැතිවෙන එක අනිවාර්යයි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 89 ගම් උදාවෙන් පස්සේ බුදුන් වැඩියමේ මහියංගණයට සංවර්ධනයේ අරුණලු වැටුනේ  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ බව බත් කන කළගුණ දන්න මහියංගන ජනතාව දන්නවා.පසුගිය කාළවල මේකෙ එක එක විදිහේ නායකයින් හිටියා.හැම පක්ෂයකින්ම සංවිධායකයෝ හිටියා.ඒ හැමෝම මහියංගණයේ ඉන්නේ මෝඩයෝ,වැද්දෝ කියලා හිතාගෙන අපේ අහිංසක දුප්පත් මිනිස්සු රවටලා ඡන්දෙ අරන් ගිහින් සුර සැප විඳලා දැන් ආයෙත් ඔබේ දෙපා මුල වැඳ වැටෙන්න ඇවිල්ලා තවත් අවුරුදු හයකට ඇතුලට යන්න.
මීට අවුරුදු කිහිපයකට ඉස්සර වෙලා මහියංගණ නගරය තිබුනේ කොහොමද කියා ඔබ දන්නවා.අද මහියංගණය කොහොමද කියා ඔබ දන්නවා.අද නගරයේ ලස්සන මෙන්ම පිරිසිදුකම ගැන කාටවත් තර්ක කරන්න බැහැ.පාරවල් හොඳින් හැදිලා.ඉක්මනින් නගරයට ඇවිත් තමන්ගේ කාර්ය ඉටුකර ගෙන හිත සතුටින් ගමට යන්න පුලුවන් තත්වයක් උදා කරන්න විදාන ගමගේලා වන අපට පුලුවන් වුනා.ඒ සඳහා අපට සවියක් වුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.එතුමා අපට සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේ මහත් විශ්වාසයකින්.කවදාවත් හදන්න බැහැ කියපු මහනුවර මහියංගණය දහඅට වංගු පාර අපි හැදුවා.පොළොන්නරුවට,බදුල්ලට,අම්පාරට ඉක්මනින් යන්න අපි පාරවල් කාපට්කරලා හැදුවා.දැන් ඒ හැම තැනකටම උපරිම පැය දෙකකින් යන්න පුලුවන්කම තියෙනවා.
 එදා මහියංගණ රෝහල තිබුණු හැටි අමුතුවෙන් කියන්නඕන නැහැ. අද මහියංගණ රෝහලමූලික රෝහලක් බවට පත්වෙලා.සියලු විශේෂඥ වෛද්‍යවරුන් මේ රෝහලේ ඉන්නවා.අවශ්‍ය සියලු පහසුකම්දැන් මහියංගණ රෝහලේ තියෙනවා.
අද අපේ පළාතේ ගොවි ජනතාවගෙන් බහුතරයකට වකුගඩු ආසාදනය ඇති වෙලා.ඒ අය වෙනුවෙන් විශාල මෙහෙවරක් අපට කරන්න සිදුවුනා.ඒනිසා තමයි රුපියල් කෝටි ගනනක මුදකල් මහියංගණයට වෙන් කළේ පානීය ජලය බෙදාදීම සඳහා.දැන් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.වකුගඩු රෝගීන් විඳින දුක අපට හොඳින් දැනෙනවා.රෝගය වැළඳුනු අයට මුදල් දීම නෙවෙයි රෝගය සහමුලින්ම දුරු කිරීමයි අපේ අපේක්ෂාව.පවුලේ ගෘහ මූලිකයාටයි මේ රෝගය වැළඳෙන්නේ.ඒ නිසා පවුලේ ආදායම අඩාල වෙනවා.දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා.පවුල් අවුල් වෙලා.
දින සීයෙන් රටේඅවුල් සියල්ල විසඳනවා කියපු ....පාලනේ පාලකයින් පොරොන්දුවුනු විදියට අපේ අක්කලා අම්මලා,නංගිලා බැංකුවේ උකස්කරපු රන් භාණ්ඩ පොලී නැතිව උකසින් බේරලා දුන්නාද?ඒ දිහා බලන් හිටපු බොහෝ දෙනෙක්ගේ රන් භාණ්ඩ මේවෙන කොට බැංකුවට සින්න වෙලා. අනේ එයාලා දැන් යහපාලනේ අයිතිකරුවන්ගේ දෙමව්පියන්ට අශිර්වාද කරනවා ලුණු ඇඹුල් ඇතිව.වී ගොවියාගේ වී වලට කියපු පාලන මිළ ගෙව්වාද? කටින් කිව්වාට සැලැස්මක් නැතිව මේ අයියලා බයිලා ගැහුවාට කරන්න පුලුවන් කෙහෙම්මලක් නැහැ කියන එක ගෙවුනු මාස කිහිපයේදී අපි දැක්කා.මේ අවුල් සියල්ල විසඳන්න පුලුවන් වෙන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපටයි.යනුවෙන් පැවසීය.



No comments:

Post a Comment